ජේඩ්_බුද්ධා_පන්සල

signshop

Well-known member
  • May 30, 2011
    12,186
    8,909
    113
    Dubai
    ජේඩ්_බුද්ධා_පන්සල

    ටොන් 2000ක් බර චීනයේ ජේඩ් බුද්ධා පන්සල තිබුන ස්ථානයෙන් මීටර් තිහක් පසුපසට තල්ලු කල චීන ඉංජිනේරු වික්‍රමය :shocked:

    Jade-Buddha-Temple's-Grand-Hall-to-be-moved.jpg


    ටොන් 2000ක් බරැති, වසර 135ක් පැරණි බෞද්ධ විහාරස්ථානයක් මීටර තිහක් පසුපසට තල්ලු කිරීමට චීන ඉංජිනේරුවෝ සමත් වෙති.චීනයේ ෂැන්හයි නුවර පිහිටි 'ජේඩ් බුද්ධා' විහාරස්ථානයට දිනකට සැදැහැවත්හු ලක්ෂයක් පමණ පැමිණෙති. පන්සල තුල හඳුන්කුරු දැල්වීම සාමාන්‍ය සිරිතකි.

    විහාර ගෙය ඉදිරිපිට මළුවේ ඇති කුඩා ඉඩ ප්‍රමාණය මත විශාල පිරිසක් රැස්වීම නිසා කලබල වූ අවස්ථාවක එකිනෙකා තෙරපීමටත් පෑගීමටත් ලක්විය හැකි අවදානමක් පවතී.එමෙන්ම හඳුන්කූරු දැල්වීම නිසා ගින්නක් ඇතිවීමේ අවදානමක් ද ඇතැයි බලධාරීහු පවසති.

    ඔවුහු මෙම විහාර ගෙය මීටර 30ක් පසුපසට තල්ලු කළේ බැතිමතුන්ට වැඩි ඉඩක් ලබා දීමටය. එමගින් ගින්නකට ඇති අවදානම ද තුරන් වනු ඇතළමුව සිදු කෙරුණේ අත්තිවාරම සවිමත් කිරීම සඳහා සිමෙන්ති පොම්ප කිරීම ය.අනතුරුව කොන්ක්‍රීට් පීලි එකිනෙක යා කෙරුණි. හයිඩ්රොලික් තාක්ෂණය යොදා ගනිමින් විහාර ගෙය මුක්කු ගසා එසැවිණි.

    විහාර ගෙය දිනකට තල්ලු කළ හැකි වුයේ අඟල් 20ක් පමණි. නියමිත ස්ථානයට ළඟා වීමට දින 15ක් ගතවිය. එහි අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙමින් පවතින මේ වසර අග භාගයේ නැවතත් බැතිමතුන් සඳහා විවෘත වීමට නියමිතය.


    T1.jpg


    T2.jpg


    T4.jpg


    T5.jpg


    T6.jpg


    t32.jpg







    ඔන්න ඔහොමයි චීනේ හැටි. ලංකාවේ නම්... උඹලම හිතා ගනිල්ලා වෙන දේ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    අදත් ඔය කඩන් වැටිල තියෙන්නෙ ගොඩනැගිල්ලක්, හදල ඉවර වෙන්ඩත් කලියෙන් :lol:
    පෙරේතයො ටික ඔක්කොම හැඳි ගෑවිල යන්ඩ ඕන
     
    • Like
    Reactions: signshop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,909
    113
    Dubai
    උඹලා තුන් දෙනාට ඇර අනික් ඔක්කෝටම රෙප් දුන්නා..


    You must spread some Reputation around before giving it to saturn again.

    You must spread some Reputation around before giving it to HKavinda again.

    You must spread some Reputation around before giving it to RottenCOLT again.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවෙත් ඔහොම බිල්ඩිමක් තල්ලු කලාලු නේ ? :eek: ලංකාවෙ බිල්ඩිමක් නෙමේ නං පිටරටක එකක් ඉංජිනේරුව ලංකාවෙද කොහෙද :eek: කොහෙදි හරි එහෙම කතාවක් දැක්ක මතකයි :yes:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    චීන ඉංජිනේරු වික්‍රමය

    ඔන්න ඔහොමයි චීනේ හැටි. ලංකාවේ නම්... උඹලම හිතා ගනිල්ලා වෙන දේ..

    මගේ දැනීමේ හැටියට...වැරදිනම් හොදින්ම දන්නා කෙනෙක් නිවැරදි කරන්න...

    ඕක චිනගේ වැඩක් නෙමෙයි...ඕක ලංකාවේ ඉංජිනේරු මහතයෙක්ගේ වැඩක්...

    සිල්පරන් කොට වෙනුවට concrete භාවිත කරන්න පුළුවන් කියල හොයා ගත්ත මහත්තයම නේද...ගොඩනැගිල්ලක් තල්ලු කරන විදියත් හොයා ගත්තේ....මොරටුවේ කෙනෙක්...නම මතක නැ ...​