ඔබට වැරදීමක් සිදුවෙලා තිබෙනවා මිත්‍රයා. මම බුද්ද දර්ශනය දැනට විශ්වාස කරන්නේ ඒකේ කොර් එකේ තියෙන දර්ම කරුණු විද්‍යාවෙන් දැනට බොරු කිරීමට නොහැකි වී තිබෙන නිසා වගේම මට ඒසා සාදාරණයි වගේ හිතෙන නිසා. ඒකයි මම කිව්වෙ..ඒවගේම විද්‍යාවට ගෝචර නොවන කරුණු තිබෙන නිසා මම ඕපෙන් මයින්ඩෙඩ්. විද්‍යාවයි බුද්දාගමයි දෙකක්. විද්‍යාව පරිපූර්ණ නොවන තාක් කල් ඒකෙන් එකිනෙක පැහැදිලි කරන්න යාම අනුවන ක්‍රියාවක්. නැතුව විද්‍යාවෙන් සමහර කරුණු පැහැදිලි නොවන නිසා නෙවෙයි මම බුද්ද දර්මය විද්වාස කරන්නෙ.මම අනික් ආගම් ගැන දන්නෙ නැහැ. නමුත් ඒ ආගම් වල කරුනු වලටත් මම විව්ර්ත්තයි. නමුත් තියන අනිත් ආගම් ගොඩාක් තියෙන්නෙ දෙවියන් සමගගනුදෙනු කරන ඒවා. දෙවියෝ කියන්නෙ ඒ ආගමේ කෝර් එක ..ඉතින් මම දැනට කොහෙවත් දැකලා නෑ ඒ සම්බන්ද සාදක විද්‍යාත්මක ව පර්යේශන කරුන ඒවා (except creationism)..නමූත් මම ඉහත සන්දහන් කල සිද්දි ,, තව භාවනා යෝගීන්ගේ ශරීරයේ සිදුවන වෙනස් කම් වගේ දේවල් ගැන පර්යේශන සිදුවෙලා තියනවා..එයින් මම කිසි විටකත් අදහස් කරන්නේ නෑ විද්‍යාවෙන් බුද්දාගමට සපොර්ට් එකක් දෙනවා කියලා.. මගේ අදහස ඒ එකිනෙකකට සම්බන්ද කම් ගොඩනැගීනට අපි තවම කලින් වැඩියි කියලා