ජොබෙන් අයින් වුනාම ගෙවල් පැත්තේ මිනිස්සු කියන කතා

Emios

Well-known member
  • Dec 10, 2009
    75,666
    68,029
    113
    Uba cha karagena dan gamama dannawa athi uba job eken elola kiyala.damage eka recover karaganna prado ekak wath genna wenawa
     
    • Love
    Reactions: Red One

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,607
    113
    Earth
    මම මචන්ලා සති දෙකකට විතර කලින් ජොබෙන් අයින් වුනා. ෆ්රීලාන්ස් පටන් ගන්න ආයේ, මොකද ජොබට ගිහින් පැය 11.30ක් කඹුරලා 24,000ක් හොයනවට වඩා මගේම දෙයක් කරන එක මට වටින නිසා. :yes:

    අද පාර අතුගගා ඉඳිද්දී ගෙවල් පැත්තේ ඇන්ටි කෙනෙක් ඇවිල්ල ඇහුවා දැන් වැඩට යන්නේ නැද්ද කියල. මම කිව්වා, නෑ දැන් ගෙදරට වෙලා වැඩ ටිකක් කරනවා කියල. අපරාදෙනේ කොච්චර ලොකු කම්පනියක්ද හේලීස් කියන්නේ. ඇයි යන්නේ නැත්තේ ඇහුවා. මම කිව්වා පඩි මදි කියල. පඩි නැතුව හරි හේලීස් එකට යන එක වටිනවලු. මකුළු දැල් කඩන්න හරි හේලීස් යන කොච්චර ලොකු දෙයක්ද, ආණ්ඩුවේ රස්සා වගෙන් නෙමෙයිනේ. මම කිව්වා අවුරුදු 5ක් යනවා කියල පර්මනන්ට් කරන්න. අවුරුදු 5ක් නෙමෙයි අවුරුදු 10ක් ගියත් මොකද හේලීස් නේ, කියා කියා නම ගැනම කියවනවා.ආයේ යන්නලු අසනීප වෙලා හිටියේ එන්න බැරි වුනා කියල හරි. මම කිව්වා හා කියල. :rolleyes:

    ඇයි බන් මිනිස්සු මෙහෙම. මිනිස්සු බලන්නේ පුහු මාන්නේ ගැන විතරයි, නොකා නොබී මලත් මුන් වන්සේ කබල් ගානව. :angry:


    උන්ට තේරෙන්නෙ නෑ බන්. උබ ඕවා ගැන වැඩිය හිතන්න එපා. හොදින් වැඩ ටික කරගෙන පලයන්. ජය..
     
    • Love
    Reactions: Red One