ජෝක්ලන්තයේ අගමැතිකමට සංගීත පුටු තරගයක්

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ජෝක්ලන්තයේ අගමැතිකමට සංගීත පුටු තරගයක්

    නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වන දි(රච්ච) මු(ල්) ඇති වයෝවෘද්ධ පුද්ගලයකුට ගරු කිරීම පිණිස යයි කියමින් අගමැතිකම කෙටි කලකට කියා ඔහුට දී, අගමැති පුටුවට දීර්ඝකාලීන සංගීත පුටු තරගයක් පැවැත්වීමට ජෝක්ලන්තයේ මහ රජතුමා තීරණය කර තිබෙන බව වාර්තා පෙන්වා දෙයි.


    ආරංචි මාර්ග අනුව, අගමැති තනතුර දි(රච්ච) මු(ල්)ට පවරන්නේ මේ වසරේ නොවැම්බර් මස මහ රජු සිය දෙවන ධුර කාලය සඳහා ඔටුනු පළඳින තෙක් යයි ප්‍රචාරය කරනු ලැබේ.


    එවිට අනාගත අගමැතිවරුන්ට වැඩ පෙන්නීමට මාස හයක පමණ කාලයක් තිබේ.


    වැඩ පෙන්නීම යනු මහරජතුමාගේ දෑත් ශක්තිමත් කිරීමයි. මහරජතුමාගේ දෑත් ශක්තිමත් කරන්නට නම් ටෙම්පල්ගහමන්දිරයේ පිළිකන්න පැත්තේ කැරකෙමින් වළං-පිඟන් සේදීම, වැසිකිළිවලට වතුර ගැසීම, කාණු හේදීම, අතුපතුගෑම, පොඩි පොඩි විහිළුවලට හයියෙන් හිනා වීම, මැඩම්ට, මල්ලිලාට හා බේබිලාට ද 'සර්' කීම, තම අමාත්‍යංශවල පීත්ත පටි කපන්නට ඔවුන්ට ආරාධනා කිරීම හා කේලාම් කීම මහා පරිමාණයෙන් කළ යුතුව තිබේ.


    අනාගත අගමැතිවරුන් මේ අන්දමින් වැඩ පෙන්නන විට සහෝදරතුමා නිකම් ම උඩ යාම අගමැතිකම අපේක්ෂා කරන සෙස්සන්ට මුහුණ දීමට සිදු වන බරපතල ම ප්‍රශ්නයයි.


    කෙසේ වෙතත් සෙස්සන් මේ වන විට මේ කාර්යය සඳහා සකල බුජං කොට කලිසං මසාගෙන හමාර බව වාර්තා වේ.

    කොට කලිංසකාරයන් සංඛ්‍යාව වැඩි වීම නිසා සංගීත පුටු තරගයෙන් රජතුමා ලබන ආතල් එක ද වැඩි වී තිබේ.
     
    • Like
    Reactions: KapZ and GihanFX

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔය අලුතෙන් පත්කරන්න යන අගමැතිට වඩා හොදයි ඔව් නෑ බෑ තරගයක් තියල ඒක දින්න එකාට ඕක දුන්නං, අලුත් අගමැති ඕන දේකට දෙන උත්තරේ තමයි ඒක මට අදාල නෑනෙ, බලමු, ඒක ගැන හ්ම්ම්ම්ම්ම්....,
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    iPhone Ringtone Maker for Mac is an easy-to-use but powerful converter for iPhone users to convert AVI, WMV, DivX, MP4, H.264/AVC, AVCHD, MKV, 3GP, and MPEG to M4R iPhone ringtone, and converting MP3, WMA, WAV, M4A to iPhone Ringtone is also supported by Mac iPhone Ringtone Maker.
    iPhone Ringtone Converter for Mac
    iPhone Ringtone Creator for Mac
    Custom iPhone Ringtone for Mac
    M4R Converter for Mac
    MP3 to M4R for Mac
    Transfer iPhone to Mac
    iPhone Video Converter for Mac


    මූ මොකෙක්ද බන්