ජෝතිශ්යග පුර්වාචර්ය වරුන් හා සබඳි කතා

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    පට්ට මචෝ... තව මේ වගේ දේවල් ගැන් තියෙනවනම් දාන්න..
     

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    පට්ට මචෝ... තව මේ වගේ දේවල් ගැන් තියෙනවනම් දාන්න..

    අනිවා භරන ගණිතයගෙ තව කථා වගයක් තියනවා.. ඒ ටික දාලා සුමංගල හමුදුරුවෝ ගැන තියන කතා ටික දාන්නම් :):)
     

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    භරණ ගණිතයා 2
    බරණ ගණිතයා හොද හැඩිදැඩි පුරුෂයෙකු විය.ඔහු සතුව තිබූ දුර්වල තත්ත්වයක් වූයේ තදින් කෝප ගැනීමය.ධම්මජෝති හිමියන් ඔහුව ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමෙන් ඉවත් කර තැබීමට එයද ප්‍රධාන හේතුවක් විය.
    දිනක් හෙතෙම මුහන්දිරම් හමුවීමට ගියේ ය. වලව්වේ පසුවූ මුහන්දිරම් තමන්ගේ හිතවතුන් පිරිසක් හා එක් ව රා පානය කරමින් සිටියහ. අනුභව කරමින් සිටියේ රසමසවුළු ය. මුහන්දිරම් තමන් දැක දැක නොතකා මෙන් සිටීමෙන් තරහ උපදවා ගත් බරණ උගුරේ රැල් බුරුල් හැරියේ ය. ඔහු ගණනකට ගත්තේ මුහන්දිරම් නොවේ. බරණ මිදුලට බැස මෙසේ කීවේ ය.

    ’පෙර ලෙස නගාපල හා අන්තිම රාසී
    නොම ලෙස එක්ගහන් දස එක්වන රාසී
    යුග ලෙස වන් දනෝ එකතුව කර පෑසී
    පස ලෙස ලෙයින් විකුමින් බස් දෙති වාසී’

    පෙර ලෙස නගාපල නම් මේසය ය. අන්තිම රාසිය මීන ය. දස එක්වන රාසිය නම් කුම්බය ය. යුග ලෙස නම් වෘෂභය ය. ගොනුන් වැනි වූ මිනිසුන් මේසයක් මත මාළු තබාගෙන කමින් කළයකින් රා බොමින් සිංහයන් සේ විකුම් බස් දොඩති. නොඑසේ නම් මුහන්දිරම් ඇතුළු පිරිස සිංහ වෙසින් දොඩන ගොනුන් යැයි ඒ හිටිවන කවියේ තේරුම විය.
    බරණ ගණිතයා දක්‍ෂ කවියකු මෙන්ම සාහිත්‍ය ධරයෙකුද විය.පත්තායමේ ලේකම්, ගජමන් නෝනා, ඇයගේ පියා වූ ගජමන් ආරච්චි, තෙන්නකෝන්, ඇතිරාළ, මීගහජඳුරේ දිසානායක, ගං ඇති රාළේ, කිවුලෙ, අමදෝරු රාළහාමි, වලකඩ මුදලි ගුණරත්න, කටුවානේ මුහන්දිරම් දිසානායක, රිදියාගම ඔරුකෙම මුහන්දිරම්රාළ, බූන්දල ගම්බාෙර්යා, ආදී වියත් ප්‍රභූ කවීහු ඔහුගේ සමකාලීනයෝ ය. මොවුන් අතුරින් බරණගේ කවිත්වයට ලැබුණේ අද්විතීය ස්ථානයකි.

    බරණ ගණිතයා විසින් රචිත සාහිත්‍ය ලේඛන හා ඔහු දායක වූ ප්‍රධාන සේවාවන් කිහිපයක්
    * සියම් නිකාය පිහිටුවීමෙන් අනතුරු ව මුල්කිරිගල විහාරය ආදී නිර්මාණ කිරීමට වටරග්ගොඩ ධම්මපාල හිමියන් ගේ ඉල්ලීමකට අනුව සුබ නැකැත් හෝරාවන් සකස් කිරීම
    *කපුටු ශාස්ත්‍රය පිළිබඳ ව ද විසල් දැනුමකින් හෙබි හේ කපුටු ශාස්ත්‍රය පිළිබඳ පැදි 54කින් යුතු කාව්‍යය ග්‍රන්ථයක් රචනා කළේ ය. එය ‘වායස නිමිත්ත’ කාව්‍යය සංග්‍රහය නමි. මහ සොහොන් හටන රචනා කළේ ද බරණ ගණිතාචාර්යවරයා ය.

    ඉතා කෙළිලොල් හා සැප සම්පත් විදිමින් ජීවිතය ගත කල බරණ ගණිතයා නාස්තිකාරයෙකු විය.අවසාන කාලයේ ඔහුගේ අතමිට හිඟ විය.එවැනි අවස්ථාවලදී ඔහු උදවු උපකාර ලබා ගත්තේ තම හිතවතෙකු වූ "පත්තායමේ ලේකම්" ගෙන්ය.පත්තායමේ ලේකම්ද බරණ ගණිතයාට උදවු කිරීමට ඉදිරිපත් විය.ඉතා ප්‍රකට ‘වියෝවග රත්නමාලය’ නම් ශෘංගාරාත්මක මාල කාව්‍යය නිබන්ධකයා වූයේ පත්තායමේ ලේකම් ය. පත්තායමේ නොපැකිළ ව ඔහුට උපකාර දැක්වූයේ ය. එපමණක් නොව හේ නිතර නිතර බරණ ගේ ගෙදරට ද එන්නට පටන් ගත්තේ ය. රෑ දාවල් නැතිව ආවේ ය. ගියේ ය. යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වෙනුවෙන් බරණයන් දින ගණන් දුර බැහැර ගොස් රැඳී සිටියදී ද පත්තායමේ ඔහුගේ ගෙදර ආවේය.

    ගෙදර ආවම මොකද උනේ කියලා ඊලඟ කොටසින්
     
    Last edited:

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    භරන ගණිතයා. 3
    "කෝ අද බරණ ගුරුතුමා ගෙදර නැද්ද?" ගෙදරට ගොඩ වන ගමන්ම පත්තායමේ ලේකම් බරණ ගණිතයාගේ බිරින්දෑගෙන් විමසීය.
    "දැන් දවස් කීපයක්ම වෙනවා මහනුවර පැත්තේ වැඩකට ගිහින්.අද හෙටම එන පාටක් නම් නැහැ." බරණ බිරිද උළුවස්සට හේත්තු වී නෝක්කාඩුවට මෙන් පිළිතුරු දුන්නාය.මනබදිනා රූසපුවක් හිමි බරණ බිරිද තම ග්‍රහණයට හසුකර ගැනීමට පත්තායමේ ලේකම්ට සිත් පහළ විය.බරණ ගණිතයා දින ගනන් නිවසින් බැහැරව සිටීම තමාට වාසියක් බව ඔහු වටහා ගත්තේය.ගැහැණු සිත් ගැන මනා වැටහීමක් තිබූ පත්තායමේ බරණ බිරිද සමඟ රහස් ඇසුරකට මුලපිරීමට මාන බැලුවේය.
    "අනේ මන්ද අපේ බරණ ගුරුණ්නාන්සේට තියෙන වැඩ රාජකාරීත් එක්ක ගෙදර රැදෙන්නවත් වෙලාවක් නැති හැටි"
    "අනේ පත්තායමේ ලේකම් අයියණ්ඩිට කියන්න මම ඉන්නේ හරිම විශ්සෝපෙන්.එයාට ඉතින් මන්ත්‍ර ගුරුකම් වලට ගියාම අපි ගැන හාංකවිස්සියක් දැනෙන්නේ නෑ."
    "ඇත්ත තමයි මෙච්චර හැඩ මැණිකේ කෙනෙක් ගෙදර තනියම තියලා ගියාම හොරු අරන් යන්න පුළුවන් කියල වත් බරණ ගුරුතුමාට තේරෙන්නේ නැද්ද?" යටිතොල හපමින් මනමාල හිනාවක් පා බරණ ගණිතයාගේ බිරිද දෙස බලමින් පත්තායමේ පැවසුවේ තව අඩියක් ඉදිරියට තැබීමට සිතමිනි.
    "අනේ මන්ද එයාට එහෙමවත් හිතෙන්නැද්ද කියලා." බරණ බිරිද මද සිනාවක් පාමින් උළුවස්ස අතගාමින් පැවසුවේ "අනේ මගේ ලඟට ඇවිත් මගේ ඇගේ පොඩ්ඩක් හැප්පෙන්නකෝ " වැනි ආරාධනා බැල්මක් පත්තායමේ වෙත හෙලමිනි.
    පත්තායමේ ලේකම් හා බරණ ගණිත බිරිද අතර රහස් ඇසුරක් ආරම්භ විය.තම බිරිය සමඟ පත්තායමේ හාදකමක පැටලී ඇති බවට සැක හැර දැනගත් බරණ ඔහුට කිසිත් නොකියා බිරියට දොස් නැඟී ය. වරෙක අවවාද කළේ ය. ඔහුගේ ශෝකය දෙගුණ තෙගුණ වූයේ ඈ පත්තායමේ ලේකම් සමඟ රහසේ පලායාමෙනි :shocked:
    තම බිරිද තමා අතහැර යාම පිළිබද බරණ ගණිතයා දැඩිසේ දුක්විය.බිරිද නැවත තමා වෙත ගෙන්වා දෙන ලෙස ඔහු තමා පෙර කල සිටම මහත් ගෞරව දැක්වූ කතරගම දෙවිදුගෙන් යැදුවේය.
    ”වීරිය කර බාලේ ලැබ පුලමා
    නෑරිය එක්වෙන්න නෑසියො දුජන සැමා
    සූරිය දෙවියන්ට වැඳ කියමි අත නමා
    බාරිය මගෙ එවන් දෙවියනි කතරගමා”
    රූණු රට උතුම් නායක දෙව් කතරා
    මූණු සයකි බර අත් යුත් නැඟි මයුරා
    පේණු කර සිටිය මගෙ සුරතල් සොඳුරා
    දේනු ඔබෙ තෙදිනි උදුරා මට මෙවරා

    තමා කතරගම දවිදුට කෙතරම් ඇවිටිලි කලද බිරිද තමා හමුවට යළි නොපැමිණීම නිසා බරණ ගණිතයාගේ සිත බිදුනේය.එම සිත් වේදනාවෙන්ම රෝගාතුරවූ ඔහු තුල කතරගම දෙවිදුන්ට තිබූ ගෞරවයද හින විය.:dull:
    කතරගම දෙවියන් තමන්ට දඬුවම් දුන්නේ යැයි සිතාගත් බරණයන් නීල කොබෙයියකු දූත මෙහෙවරට ගෙන දේවායාචනයක් බඳු පැදි 148කින් යුතු සංදේශයක් ලියා යැවී ය. සංදේශ බාරකයා නීල කොබෝ පක්ෂියා ය. ගමන් මාර්ගය වූයේ සිටිනාමළුවේ සිට කතරගමට ය.
    ”රුදා සහ හන්දිවල සැදි සියලු ලෙඩ
    සිඳ හැරලමින් දී ඔහුට කට හඬ
    යොදා එවූ හසුන් නම් මේ පඬුරු දිඩ
    හදා සිතින් පිළිගත මැන මේ දුක් හඬ

    කෙසේවතුදු බිරිය ඔහු කරා ආවේ නැත. සෞඛ්‍ය තත්ත්වයද බලා සිටියදී මෙන් පිරිහෙන්නට ම විය. පත්තායමේ ලේකම්ට දිවා රෑ සාප නැඟුවේ ය. ඔහුගේ සේවය පතා පැමිණෙන්නවුන් ද ඔහු කරා නාහ.
    මහත් කළකිරීමටත් වේදනාවටත් පත් බරණ ගණිතැදුරන් තමන් සතු සියලු ලේඛනයන් තම ගෙවත්තේ කෙළවරෙක පිහිටි බෝගසෙක තුන්බලේ නිදන්කළේ ය. ඒ බෝගස වසර හාරසියය ඉක්මවා ගිය ඉපැරැණි බෝගසකි. අදත් එහි කපුටන් ලගින්නේ නැත. කපුටෝ කූඩු නොතනති. එදා ඔහු පදිංචි වී සිටි ඉඩමෙහි අද නිවසක් තනා තිබේ. (බරණ ගනිතයාගේ පරපුරෙන් පැවත එන නීතිඥ නිශාන්ත සඳබරණ මහතාගේ නිවස)
    රාජ සම්මානයෙන්, ප්‍රශංසාවෙන්, කිත් පැසසුමින් ලක්දිව ප්‍රචලිත ව උපන් හැකියා රැසකින් පිරිපුන් බරණ ගණිත නම් රුහුණු පුත්‍රයා ලෙඩ ඇඳ මත වැතිර සිටිය දී 1787 දෙසැම්බර මස 27 දා සදහට ම දෙනෙත පියා ගත්තේ ය:no::no:.
     

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    ඊලඟට තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ කතා බලාපොරොත්තු වන්න :yes::yes::yes::yes:
     

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    තොටගමුවේ ශ්‍රී රාහුල හිමි..1
    "අවසර දේවයන් වහන්ස ඔබතුමාගේ ඥාති සොයුරකු වන දෙමටාන ගම විසූ වික්‍රමබාහු කුමරු හදිසි රෝගාබාධයකින් මිය ගොස් ඇත.ඔහු මිය යාමට පෙර ඔබ වහන්සේට භාර දීමට ලියා තැබූ හසුන් පතක් මා විසින් රැගෙන ආවෙමි."

    පණිවුඩකරු හසුන් පත හයවැනි පැරකුම්බා රජු වෙත පිළිගැන්වූයේය.හසුන කියවූ රජුට තමාට ඉතා හිතවත්ව ලගින්ම සිටි සමීපයෙකු වූ වික්‍රමබාහු කුමරුගේ හදිසි අභාවය පිළිබදව කනගාටුවක් දැනුනි.
    "වික්‍රමබාහු මගේ ලඟම ඥාතියෙක්.ඔහු මේ හසුනින් දන්වා ඇත්තේ තමාට හදිසි කරදරයක් සිදුවුවහොත් තමාගේ කුඩා පුතු රක්‍ෂා කරන ලෙසයි.මා හට දරුවන් නොමැති නිසා වුක්‍රමබාහු කුමරුගේ පුත් මගේ පුත් තනතුරේ තබමින් ඇති දැඩි කොට වික්‍රමබාහු කුමරුට කෘතගුණ දැක්විය යුතුය."
    ගුණ දම් දත් රජු තීරණය කළේය.

    වික්‍රමබාහු කුමරුගේ සය හැවිරිදි කුඩා පුතු මෙලෙස පුරකුම්බා රජුගේ අනින් රාජ කුමරුවකුසේ ඇති දැඩි වීමට තීරණය විය.
    කුඩා දරුවා හුරුබුහුටිය,නැණවත්ය.සය හැවිරිදි වුවත් කාව්‍ය ශාස්ත්‍රය ඒ වනවිටද ප්‍රගුණ කරමින් සිටියේය.තම පියාගේ හදිසි අභාවය හමුවේ තමාව අනාථයකු නොකොට පුත් තනතුරේ හදවඩා ගැනීමට තීරණය කළ රජුට පළමු හමුවෙන් කෘතගුණ දැක්වූයේද කවියකිනි.
    "මා වැනි බිළින් දා
    වර වර ලඟට කැන් දා
    දුක් සැප කුමන් දා
    අසන නිරිදෝ වෙන කොයින් දා"

    කුඩා කුමරු රජු සෙවනේ හැදී වුඩුනේය.කුමරුගේ නුවණැති භාවය එඩිතර භාවය දැක රජතුමාද ඔහුට දැඩි ලෙන්ගතු කමක් දැක්වීය."දෙමටාන කුමාරයා" ලෙස කුඩා දරුව ාසැමගේ ආදරය කරුණාව ලබමින් රජවාසලේ හැදී වැඩුනේය.
    ඉස්සර කාලයේ කුඩා රජ දරුවන් හැදුනේ වැඩුනේ සරල අයුරුනි.දැන් කාලයේ මෙන් ආරක්‍ෂකයන් පිරිවරා ගෙන ඉහළ මට්ටමේ සැප සම්පත් විදිමින් රජ දරුවන් හැදී වැඩුනේ නැත.අනිත් දරුවන් මෙන් ස්වභාවික පරිසරය ඇසුරේ නියම යහගුණ ධර්ම ඉගෙන ගනිමින් හැදුනේය වැඩුනේය.අනවශ්‍ය ලෙස දාස දාසීන් ඇතිව "හාමුලා" "බේබිලා" ලෙස හැදුනේ නැත.ශිල්ප ඉගෙන ගත්තේද අනිත් දරුවන් සමඟ සමාන අයුරකිනි.
    දෙමටාන කුමරු කුඩා කාලයේ හැදී වුඩුනේ පරාක්‍රමබාහු රජුගේ දියණියන් වන "චන්ද්‍රවතී" හා "ලෝකනාථා" සමඟ ඔවුන්ගේ සොයුරකු ලෙසය.

    විදාගම හිමි හමුව
    දෙමටානේ කුමරා දිනක් දිය කඩිත්තක් අසලට වී විනෝදයට මාලු බාමින් සිටියේය.ලක්දිව විසූ භේෂ්ඨ පඩි රුවනක් වූ විදාගම මෛත්‍රී හිමියන් මෙදින අහම්බෙන් මෙන් මේ අසලින් යන කොට මේ කොලු ගැටයා මාලු බාමින් සිටිනවා දුටු සේක.පුර අටවක දිනයක් වූ එදින කොලුවාව මෙම පාපී ක්‍රියාවෙන් මුදාගැනීමට සිතා කොලුවාට උපදෙසක් දීමට ඔහු අසළට වැඩි සේක.
    "කොලුවෝ අටවකේ මොකද උඹ ඔය කරන්නේ"
    පිටිපස්ස හැරිල බලපු කුමාරයාට තමන් මාලු බානව හාමුදුරුකෙනෙක් දැකපු විත්තිය දැනුනම ටිකක් ලැජ්ජ හිතුනා හාමුදුරුවො "අටවකේ" කිව්වේ අටවක පෝය කියල කුමාරයාට තේරුනත් ඒ බව නොපෙන්වා බිලී පිත්ත උඩට ඔසවා හිමියන්ට පෙන්වමින්
    "හාමුදුරුවනේ .මේකේ වක අටක් නෑ තියෙන්නේ එක වකයි."
    කොලුවා ටිකක් අමුතු ජාතියේ එකකු බව වටහා ගත් හිමියන්
    "එතකොට කොයි වලේ යන්න බලාගෙනද තමුන් ඔය බිලී බාන්නේ."
    මෙන්න එතකොට කුමාරයා කියනව
    "හාමුදුරුවනේ මේ වලෙන් මාලු අහු වුනේ නැත්නම් එහා වලට යනවා.ඒකෙත් මාලු නැත්නම් ඊට එහා වලට යනවා.ඒකෙත් නැත්නම් බිලි බෑම නවත්තල ගෙදර යනවා.
    කොලුවා මෙහෙම කිව්වේ මෝඩ කමටවත් අගෞරවයටවත් නොව තමන් කල පාපී ක්‍රියාව ෂික්‍ෂුවක් දුටු නිසා ඇතිවූ අපහසුතාව නිසා බවත් කොලුවා මනා බුද්ධියක් ඇත්තකු බවත් කොලුවාගේ දේහ ලක්‍ෂණ අනුව මහණ කම පිහිටන බවත් දුටු විදාගම හිමියන්ට කාලුවාව ගෝල නමක් ලෙස මහණ කර ගැනීමට සිතක් පහළ විය.කොලුවා පුරකුම් රජු සෙවනේ වැඩෙන කුමාරයකු බව දැනගත් විදාගම හිමියන් ඔහුගේ ජන්ම කේන්ද්‍රය පරීක්‍ෂා කොට මහණ යෝග ඇත්නම් කොලුවා හා දෙමාපියන්ගේ කැමැත්ත තිබේ නම් මහණ කිරීමට සිතාගෙන රජවාසලට වැඩම කලේය.

    ----------- මතු සම්බන්ධයි. ---------------
     
    Last edited:

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    තොටගමුවේ ශ්‍රී රාහුල හිමි 2
    "අවසරයි අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේ මේ හදිසියේ රජ වාසළට වැඩිය කාරණාව මොකක්ද දන්නේ නෑ."
    විදාගම හිමියන් ගරු බුහුමන් කොට පිළිගත් සයවැනි පැරකුම් රජු හිමිගෙන් ඇසුවේය.

    "මහ රජතුමනි මම අද උදේ හදිසි ගමනකට යනකොට අපූරු කොලු ගැටයෙක් දැක්කනේ.මම දැක්ක මේකා බිලී පිත්තක් අරගෙන දිය කඩිත්තක් ලඟට වෙලා මාලු බානවා.මේ පවුකාර වැඩේ ආදීනව කියා දෙන්න හිතලා මමත් මේ කොල්ලත් එක්ක කතා බහ කරල බැලුවා"
    විදාගම හිමියන් දෙමටාන කුමරු හා තමා අතර වූ සංවාදය ඒ ආකාරයෙන්ම රජුට දැන්වීය.කොලුවාගේ හැඩරුව හා දෙදෙනා අතර වූ සංවාදය අනුව හාමුදුරුවන් කතා කොට ඇත්තේ දෙමටාන කුමරු සමඟ බව රජු වහා දැන ගත්තේය.
    "හාමුදුරුවෝ ඔය කියන්නේ අපේ දෙමටාන කුමාරය ගැන.ඔය ළමයාගේ පියා තමයි මගේ ලඟම හිතවතෙක් වගේම ඥාතියෙක් වෙච්චි වික්‍රමබාහු කුමාරයා.ඔය ළමයා කුඩා කාලෙම වික්‍රමබාහු කුමාරයා හදිසි රෝගයකින් මියගියා.ඉන් පස්සේ මම තමයි පුංචි කාලේ ඉදන් හදා වඩා ගත්තේ.ඔය මාලු බෑවයි කියලා කිව්ඬට ඔය දරුවා හරි පින්වන්තයි.ඒ වගේම හොද ඥාණයක් බුද්ධියක් තියෙනවා.ළමයගේ ජන්ම කේන්ද්‍රය බලපු රාජකීය දෛවඥයොත් කිව්වේ මේ දරුවා කවදා හරි පැවිදි දිවියට එනබවත් රටම පිළිගත්තු හොද දැන උගත් පැවිදි උතුමෙක් වෙනවයි කියලනේ.දරුවත් පැවිදි වෙන්න හරි ආසාවෙන් ඉන්නේ."
    රජුගේ වදන් හමුවේ ප්‍රීතියෙන් ඉපිළ ගිය විදාගම හිමියන් රජු ලවා කුඩා දරුවාගේ ජන්ම පත්‍රය ඉල්ලා ගෙන පන්සලට ආපසු වැඩියේය.එදින දවසේ වැඩි කාලයක් විදාගම හිමියන් ගතකලේ දෙමටාන කුමරුගේ ජන්ම කේන්ද්‍රය පරීක්‍ෂා කිරීම පිණිසය.

    ----------------------------------------------------------------------------------------------
    උපත - ක්‍රි.ව. 1411 අප්‍රේල් මස 04 වෙනි ගුරු දින දහවල් 11.36
    ස්ථානය - දෙමටාන ගම
    පියා - දෙමටාන ගම් අධිපති මෞර්‍ය වංශික වික්‍රමබාහු කුමරු
    මව - රාජ වංශික සීලවතී කුමරිය

    ජන්ම කේන්ද්‍රයේ දළ විස්තර
    මිථුන ලග්නය , බෙරණ නැකත
    ගුරු -3
    කේතු -4
    රවි,කුජ,රාහු -10
    සදු,සිකුරු,බුධ,ශනි -11

    දෙමටාන කුමරුගේ ජන්ම කේන්ද්‍රය පරීෂා කළ ජ්‍යොතිෂයේ කෙළ පැමිණියකු වූ විදාගම මෛයී හිමියන් කුමරුගේ ජන්ම කේන්ද්‍රයේ මහණ යෝගත් මනා ලෙස භාෂා,විද්‍යා,ගුප්ත ,.. ආදී ශාස්ත්‍ර ඉගෙනීමට ඇති ජන්ම හැකියාවත් දුටුවේය.
    දෛවපොගත ක්‍රියාවන් එලෙසම සිදු විය.රජුගේ අවසරය හා කුමරුගේ කැමැත්ත ඇතිව දෙමටාන කුමරු විදාගම හිමියන්ට භාර කෙරුණි.දෙමටාන කුමරු "තොටගමුවේ රාහුල" ලෙස විදාගම හිමිගේ ගෝලයකු ලෙස පැවිදි විය.

    --------------------------------------------------------------------------------------------

    හාල් ගරන කත මිදුලේ - දැක මහනෙක් ලොභය කලේ.
    සාමනේර රාහුළ හිමි සමඟ විදාගම හිමියන් පින්ඩපාතයේ වඩින දිනයකි.එක් නිවසක් ඉදිරිපිට මිදුලේ රූමත් කාන්තාවක් ඇන තියාගෙන හාල් ගරමින් සිටියාය.කාන්තාව ඇද සිටි ඇදුම විනිවිද ඇගේ සිරුරේ ඇතැම් අංග විද්‍යාමාන විය.තමා අසලට එන හිමි දෙනම නොදුටු කාන්තාව දිගටම හාල් ගරමින් සිටදයාය.කාන්තාව සිටිනා ස්වරූපය අනුව විදාගම හිමියන්ට කවියක් කීමට සිතුනේය.
    "සිහින් සුමුදු සුදු සේලේ
    හීන් ඇඟට ඇලි සේලේ."
    කාන්තාව දුටු විගස නායක හිමිගේ වෙනස් වීම දුටු කුඩා රාහුල හිමියන්ද ඇඟට පතට නොදැනී කවියකින් අදහස් දැක්වීය.
    "හාල් ගරන කත මිදුලේ
    දැක මහනෙක් ලොභය කලේ."


    --------------------- මතු සම්බන්ධයි. ---------------------------