ඥාව්_ඥාව්_කියපන්

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඥාව්_ඥාව්_කියපන්

    ඥාව් ඥාව් කියපන්...


    image.jpg



    පරාක්‍රම පෙරේරා මහත්තයා ඇත්තටම ටයි මාමගෙත් ප්‍රේමකීර්ති ද අල්විස්ගෙත් සුසංයෝගය මැද්දට ආපු මේ පරාක්‍රම පෙරේරා කවුද කියන එක නම් අමුතුවෙන් කියන්න ඕනි නැහැ ඔබ දොස්තර හොද හිත ,පිස්සු පූසා කාටූන නැරඹුවනම්.. ඔබට ඇසුනු දොස්තර හොදහිත සහ පිස්සු පූසගේ කටහඩ යට සිටියේ මේ අපූරු කලාකරුවා .. පරාක්‍රම පෙරේරා..

    . ඉතින් පරාක්‍රම පෙරේරට කොහොමද පිස්සු පූසව හම්බුනේ.. ඇත්තටම මේ පිස්සු පූසගේ උපත කොහේද..

    විලියම් හැනා සහ ජෝසප් බාබෙරා 1967 සැත්තැම්බර් හදපු මේ ද්විමාන කාටුන් එක මුලින්ම විකාශනය උනේ bbc නාලිකාවේ.. පට්ටපල් කෙඹර කියලා කපටිකමින් බඩ වඩාගන්න දගකාර පූසෙක් ගැන කියවෙන මේ කතාව රටවල් 23 ක බාශා 23 කින් විකාශනය උනේ මුලුමහත් ලෝකයේම කුඩා දරුවන් වසග කරවමින්..මෙයාගේ ඇත්තම නම පිස්සු පූසා... මාලු කට්ටා ..උපාසක ..පුරු පුරු මී කතුරා සහ නිවුයෝක් පොලිස් ඇදුමෙන් සැරසුන සාජන් මහත්තයගෙන් හැඩ වුන මේ කාටුන් එක අපේ සිත් වල අග තැන් වුනා කිව්වොත් ඔබ අනිවාර්යයෙන්ම විශ්වාස කරාවි..

    .ඇත්තටම මේ මතකයන් අවධි කරනවිට අපේ කුඩා කාලය අපේ ලමාකාලය නිතැතින්ම මතකයට ඒම වලක්වාලන්න බෑ... සමහර වෙලාවට දුකයි මේ ගෙවී ගිය කාලය ගැන...

    ටොප් කැට් ලෙස ලොව හද බැදි මේ අපූරු කපටි පූස් තඩිය අවුරුදු ගානක් තැටි ගත වෙලා හැංගිලා හිටියේ ටයි මාමගේ මේසේ යට...

    රූපවාහිනී හඩ කැවීම් මැදිරිය කියන්නේ ඒකාලේ කබඩ් දෙකකින් ආවරනය උන කුඩා කාමරයක්..ඉතින් මෙන්න මේ හඩ කැවීම් කාමරය..එහෙමත් නැත්නම් ටයි මාමගේ බස් වහරින්ම හඩ දෙකැවි මන්දිරය පටන් ගත් අලුතම ටයි මාමා තමන්ගේ මේසේ යට මකුණු දැල් බැදුන තැටි එකෙක් එක බලන්න ගත්තා...

    මේ අතර වාරේ තමයි කාමරේ දෙවනත් කරගෙන "මේන් යකෝ පිස්සු පූසා කියලා ටයි මාමා කෑගහන්නේ.. ඉතින් ඔය විදියට ලංකාවේ මුලින්ම ටයි මාමා ඉස්සරහා දග දාලා නම ගත්ත පිස්සු පූසට හඩක් ඕනි උනා..ඇත්තටම තියෙන්න ඕනි කපටි සරල බස් වහරක් ... පොඩි අයට හිනා යන්නත් ඕනිනේ... ඒ කාලෙම තමයි පරාක්‍රම මහත්තයා රූපවාහිනී තර විබාගේ ෆේල් වෙලා ඇන තියන් හිටියේ... ඒකාලේ පරාක්‍රම මාමත් වැඩිපුර ගැවසුන තැනක් තමයි මේ හඩ දෙකැවි මැදිරිය...

    පිස්සු පූසා ඉංග්‍රීසි යෙන් බලන අතරේ ටයිටස් තොටවත්ත මහත්තයා එක පාරටම "අයිසේ පරාක්‍රම " හයියෙන් ඥාව් ඥාව් ගාපන් " කිව්වලු

    දෙලෝ හසරක් නොතේරෙන මේ අණ කිරීම නොකලොත් හම්බානෙකට බැනුන් ශුවර් බව දන්න පරාක්‍රම පෙරේරා මහත්තයා කාමරේ දෙවනත් වෙන්න ඥාව් ඥාව් ගාන්න ගත්තලු..

    ඇති ඇති ඕයි නවත්තනවා " කිව්ව ටයිටස් මහත්තයා තමුසේ තමයි පිස්සු පූසා කියලා පරාක්‍රම මහත්තයට ටොප් කැට්ගේ චරිතය දීලා තියෙනවා...

    අදත් අපට මතක තියෙන

    ඒයි..මාලුකට්ට...පුරු පුරූ..මීකතුරෝ ඔන්න සෑජන් එනවා " කියන දෙබස පිටිපස්සේ හිටියේ මෙන්න මේ පරාක්‍රම පෙරේරා මහත්තයා...

    ඉතින් පිස්සු පූසගේ කපටි හාස්‍ය ජනක ජීවන රටාව සාජන් මහත්තයව අන්දන සුපිරි මොලය ටක්කෙටම වටහා ගත්ත ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයා තමයි මෙහි තේමා ගීතය රචනා කරන්නේ..... නිකමට බලන්න මේ පද වැල් හරහා ඔබ ඔබේ අතීතය ස්පර්ශ කලාද කියලා.....

    (ගීතය ටයිටස් තොටවත්ත යන් රචනා කොට ඇති බවද පැවසෙන අතර පසුව සකසා සොයා සකසමි)

    ගැමුණු විජේසිංහ මහත්තයා ගායනා කරන මේ ගීතයේ සංගීත නිර්මාණය සෝමසිරි ඉලේසිංහයන්ගෙන්

    සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්,
    අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මු..
    පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු..

    තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා..
    මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා..
    හිස්පලුවෙක්ගේ විලසා කුණු කූඩෙන් බෙල්ල දමා..
    බොරු බේගල් ඇද බාලා...
    සහචරයින් කරයි මුලා...

    අන් කුසගිනි නිවන උලා කට බලියන් ඉන්න එකා..
    මීයා කටට වැටුනු වහා සිල්ගත් සේමා..
    තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා..
    බිම පෙරලී වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා..

    හොරා කෑම බැරිවුන දා දත් විලිසා නිය විහිදා..
    කොන්ද නමා දුන්න ලෙසා පහුරු ගායි පූසා....
    පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු..



    කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Mama nam Pissu poosa, Dosthara honda hitha, walas mama DVD 3 ma Rupavahiniyen gaththa. watinawa ban ewa. dan kale wage aggala gilala, samosa kala mole padaganna gobba cartoon weerayonta wada uppaththiyenma kapati mole pihitala thiyena pissu poosa wage eun ekenma patta.
     
    • Like
    Reactions: Oli_Vili

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඇත්තටම නිසි ඇගයීමක් නැති අති දක්ෂ කලාකරුවෙක් පරාක්‍රම පෙරේරා..
     
    • Like
    Reactions: Oli_Vili