ටයර්_සෑය.. හෙවත් මගේ හර්දසාක්ශිය

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දේශපාලකයා දනගස්වන හැටි අපිට කියල දීපු උඹලගේ මතවාදී විප්ලවය තවදුරත් උඹලගේ විතරක් නෙමෙයි.. ඒක දැන් අපෙත් විප්ලවය වෙලා...

    හිතට වැදුනා
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අතේ පත්තු වූ මෛත්‍රිපාල ගේ පක්‍ෂ විරෝධී ව්‍යවස්ථා විරෝධී ලිපිය


    මෛත්‍රිපාල සිරිසේන මැතිවරණය ඔන්න මෙන්න තියාගෙන මහින්ද රාජපක්‍ෂට ලිපියක් යවමින් තමා මහින්දට අගමැති කම නොදෙන බව ප්‍රකාශ කර ඇත. එයට හේතු ලෙස ඔහු දක්වා ඇත්තේ මහින්ද ශ්‍රී ල නි පක්‍ෂයට කර ඇතැයි කියන වැරදි ය. මේ ලිපිය සාධාරණ වශයෙන් ගත්කල සිංහලයන්ගේ තර්ක ඥානය විදහා දක්වන්නක් මිස අනෙකක් නො වේ. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට තම මතය අනුව පාර්ලිමේ්න්තුවේ වැඩි බලයක් හිමි තැනැත්තා අගමැති ලෙස පත්කළ හැකි ය. මට නම් එහි අවුලක් නැත. මෙහි දී වැදගත් වනුයේ ජනාධිපතිට තම මතය අනුව යන වචන කිහිපය ය. එහෙත් ව්‍යවස්ථාවෙහි කිසිම තැනක යමකු පක්‍ෂයකට යම් වරදක් කර ඇතැයි යන චෝදනාව මත ජනාධිපතිට යමකු අගමැති පදවියට පත්කළ නොහැකි යැයි සඳහන් නො වේ. මෛත්‍රිපාල ව්‍යවස්ථාවට පටහැණි ව ක්‍රියා කරයි. එය ම ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට නිමිත්තකි!

    අනෙක් අතට මෛත්‍රිපාල එකි මහින්දගෙන් ම වෙනත් ශ්‍රී ල නි ප ජ්‍යෙෂඨයකු පත්කිරීම සඳහා ආශිර්වාදය බලාපොරොත්තු වෙයි. වරද කළ අයගේ ආශිර්වාදය ලබාගන්නේ අහවල් දෙයකට ද? අප මෛත්‍රිපාලගේ ලිපියේ වචනාර්ථය පමණක් නොගත යුතු ය. ඔහුට ශ්‍රී ල නි පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකු නොව රනිල් ම අගමැති ලෙස පත්කිරීමට අවශ්‍ය වෙයි. එහෙත් ඔහුට එ බව දැනට කිව හැකි නො වේ. අද ශ්‍රී ල නි ප ජ්‍යෙෂ්ඨයන් උපායශීලීව කටයුතු නොකළහොත් මැතිවරණයෙන් පසු ඔවුන් අමාරුවේ වැටීමට ඉඩ ඇත.


    මෛත්‍රිපාල තවදුරටත් ජ්‍යෙෂ්ඨයන් නොමග යැවීමට කියන්නේ සංධානයට 113ට එකක් දෙකක් අඩුවෙන් ආසන ලැබුණහොත් විධායක ජනාධිපති ලෙස මැදිහත්වී ඒ අඩුව පිරවිය හැකි බව ය. එහෙත් සිදුවනු ඇත්තේ අනෙක් පැත්ත ය. රනිල්ට අආසන එකක් දෙකක් අඩු වුවහොත් මෛත්‍රිපාල ජනාධිපති ලෙස මැදිහත් වී ඒ අඩුව පුරවනු ඇත.


    මහින්ද කළැයි කියන වැරදි අතර මෛත්‍රිපාල කියන්නේ මහින්ද ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්කිරීමට කටයුතු කළ බව ය. මෛත්‍රිපාල නොදනිතත් 1951 දී ශ්‍රී ල නි ප පිහිටුවන ලද්දේ ලිබරල් පක්‍ෂයක් ලෙස ය. එය ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්වීම ඇරඹුයේ ඒ ආසන්නයේ පැවති මින්නේරිය අතුරු මැතිවරණයත් සමග ය. දත්දොස්තරලා, වික්ටර් අයිවන්ලා ආදීන් චන්ද්‍රිකා මගින් පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට උත්සාහ කළ ද ඒ අසාර්ථක විය. අද ද බටහිරයෝ ද ඉන්දියාව ද දත්දොස්තරලා ද මෛත්‍රිපාල මගින් පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට උත්සාහ කරති. මහින්ද එයට කිසිසේත් ඉඩදිය යුතු නො වේ.


    මෛත්‍රිපාල දැනටමත් පක්‍ෂ ව්‍යවස්ථාව මෙන් ම රටේ ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇත. අද ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආයුතු ය. ජනතාව මහින්දට ආසන 120ක් පමණක් නොදී දෝෂාභියෝගය සඳහා 150ක් ලබා දිය යුතු ය. මහින්දට අගමැතිකම නොදෙන මෛත්‍රිපාල ජනාධිපතිධුරයෙන් ඉවත් කළ යුතු ය. අප ඒ සඳහා සූදානම් විය යුතු ය.


    නලින් ද සිල්වා


    2015 අගොස්තු 14