ට්‍රයි කරා

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කිව්වට තරහ වෙන්න එපා මචන්.. මම මේ ටික කියන්නේ උඹේ මොරාල් එක උඩට ගන්න. අපේ රටේ මිනිස්සු තමුන්ගේ අධික මාන්නය නිසයි දුකේ වැටෙන්නේ. මම දකින්නේ ඔයත් එතන හිරවෙලා දුක් විඳිනවා කියලයි.

    මම උදාහරණයක් කියන්නමෝ.. ඔයාට IT ඩිග්‍රිය කරන්න දියුණු රටකට එන්න අවස්තාවක් ලැබුන කියල හිතන්නකෝ. ඔයා පිටරටකට ඇවිත් ඉගෙනගන්න ගමන් පාර්ට් ටයිම් මුදලක් හොයාගන්න හෝටලේක වේටර් වැඩක් නොකර ඉඳියිද? නැහැ අනිවාර්යෙන් කරනවා. උදේට කැම්පස් ගිහින් රෑට රෙස්ටුරන්ට් එකක වේටර් වැඩක් කරන්න ඔයා දෙපාරක් හිතන්නේ නැහැ.

    එත් ලංකාවේදී එහෙම නොකරන්නේ ඇයි ? අවට පරිසරයේ ඉන්න මිනිස්සු අපි දිහා බලල හිනා උනාට එයාල අපේ බඩගින්න ගැන හිතන්නේ නැහැ සහෝදරයා. ඒ හින්ද ඒ ඍනාත්මක සාධක ගැන හිතන එකම ඇති ඔයා දුප්පතෙක් වෙන්න. හෝටලේක වේටර් වැඩක් කරනවා කියන්නේ පහත රස්සාවක් කියල හිතන්න එපා. ඔයා එහෙම රස්සාවක් කරනවානම් ඔයාට ලොකු අභිමානයක් දැනේවි උපාදියක් තියාගෙන තමුන්ගේ දරුවන් ජීවත් කරන්න මම හෝටලේක වේටර් වැඩක් කරා කියල.

    ශාරීරිකව කරන්න බැරි රස්සාවල් , ඒ කියන්නේ කොන්ක්‍රීට් අනන වගේ දේවල් කරන්න යන්න එපා ඔයා ඒ රැකියාවල් වලට පුරුදු නැතිනම්. මොකද ඒවා කරලා වෙනයම් අනතුරක් උනොත් ඒක තවත් පහලට වැටෙන දෙයක්. එත් හෝටලේක පිඟන් හෝදනවා කියන්නේ පහත රස්සාවක් කියල හිතන්න එපා. ඔයා කරන රැකියාව ඔයාගේ සහ යැපෙන්නන්ගේ උන්නතිය වෙනුවෙන් නම් , ඒ රැකියාව නීති විරෝදී දෙයකුත් නෙවෙයිනම් ආඩම්බරෙන් ඒ රැකියාවේ යෙදෙන්න.

    මම ලංකාවේ රජයේ රැකියාවක් කරපු කෙනෙක්. එත් මම ඒ රස්සාව කරන අතරේ මගේ කැබ් සර්විස් එකේ රියදුරෙක් අඩු උනාම නිවාඩුවක් දාල රියදුරු රැකියාව කරා. එතැනදී මම රියදුරා පමණයි. අයිතිකාරයා කියල වාහනේ යන මිනිස්සු දන්නේ නැහැ සහ දැනගත යුතුත් නැහැ. රස්සාවට ගියාම මට පහල සේවකයෝ සර් කියල හෝ මහත්තයා කියල අමතන මට රියදුරු උනාම සමහර කස්ටමර්ලා කතා කරන්නේ ඩ්‍රයිවර් කියල. ඒ ලැබෙන දේ ගැන ගැටෙන්නේ නැතුව අපේ අභිමතාර්ථය වෙනුවෙන් නොසැලී ඉන්න තියෙන්න ඕන හයිය හිතක් විතරයි.

    ඊට පස්සේ ඇමෙරිකාවට ඇවිත් මුල් කාලේ මෙහෙ තියන සුපිරි ගනයේ චාටර් ජොබ් කරා. ලංකාවේදී හොඳ පහසුකම් සහිත ජීවිතයක් ගතකරපු මම මෙහෙ ඇවිත් ඊටත් හුඟක් පහත් කියල කියන්න පුළුවන් රස්සාවල් කරා. ලංකාවේ තියන පහත්ම රැකියාව කක්කුස්සි හෝදන සහ කුණු අදින රැකියාව කියල හිතනවානම් මම ඊටත් පල්ලෙහා රැකියාවල් කරා. එහෙම ඇරෙන්න සංක්‍රාන්ති සමයේ එල්ලිලා ඉන්න බැහැ සහෝදරයා. හිත හයිය කරගන්න. රැකියාව ගෙදර අරන් යන්න එපා. ඔයා රැකියාව කරන්නේ ජීවත් වෙන්න මිසක් රැකියාව කරන්න ජීවත් වෙන්න එපා.

    නිකමට මම උදාහරණයක් විදිහට මේක කියන්නේ..ඔයා කොළඹ පැත්තට හරි ආසන්නයේම තියන හොඳට සෙනග ගැවසෙන ටවුමකට ගිහින් හෝටලේක වේටර් වැඩක් හොයාගන්න බලන්න. පඩිය ගැන හිතන්නම එපා. ටිප් එකම දාහක් දෙදාහක් හොයන්න පුළුවන් වෙයි. එකක් මතක තියාගන්න .. ඔයාට ඔයාගේ සුදුසුකම් වලට හරියන රැකියාව ලැබෙන්නේ නැත්තම් එතනින් පහල මොන රැකියාව කරත් එකයි.. එතැනදී ඔයා තොරගතයුත්තේ වැඩිම මුදලක් උපයන්න පුළුවන් රැකියාවයි. නිකමට හිතන්න ලංකාවේ පාරක වේග සීමාව පයට කිලෝමීටර් 60ක් නම් පයට කිලෝමීටර් 61 ට ගිය එකාටත් පයට කිලෝමීටර් 120 ට ගිය එකාටත් පොලිසියෙන් ගහන්නේ එකම දඩය. ඒ නිසා වේග සීමා නොතකා යනවනම් යා යුත්තේ යන්න පුළුවන් උපරිම වේගයෙන්. වේගය ගැන කිව්වේ ඔයාගේ තේරුම්ගැනීමේ පහසුව තකා.

    උඹට IT ජොබ් එක නැත්තම් කොන්ක්‍රීට් ඇනුවත් , මුට්ට කරගහුවත්, හෝටලේක වේටර් වැඩක් කරත් සමාජයෙන් ලැබෙන්නේ එකම ආනිසංසයම තමයි. ඒ නිසා ඔයාට වැඩියෙන් උපයන්න පුළුවන් පහසුම රැකියාව තෝරාගෙන එතනින් එහා මුකුත්ම නොහිත කරගෙන යන්න. පසුකාලීනව ඔයාට ආඩම්බරෙන් කියන්න පුළුවන් වෙයි ඔයා ඔයාගේ දරුවන් වෙනුවෙන් කරපු දේවල්.

    උඹට තෙරුවන් සරණයි මිත්‍රයා... කොහොම හරි ගොඩපලයන් ... ගෑනුන්ට ජීවිතේ විනාස කරන්න දෙන්න එපා.. ඔය ජීවිත් උඹේ මිසක් වෙන කාගේවත් නෙවෙයි... දරුවන්ගේ අනාගතය තීරණය කරන්නේ උඹ උපයන මුදලේ ප්‍රමාණය සහ උඹ උපයන ක්‍රමය සාධාරණද නැද්ද කියන එක විතරයි. එතනින් එහා තියන අනෙකුත් සමාජයීය සාධක දරුවන්ගේ සහ උඹේ අනාගතය තීරණය කරන සෘනාත්මක සාධක පමණයි. ආඩම්බරකාර තාත්ත කෙනෙක් වෙයන්.. Good Luck ..
     
    Last edited:
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    supiri owadanak.katath wedagath.
     
    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0

    සෑහෙන දෙයක් ගත්තා.උඹත් මගේ සහෝදරයෙක් ම තමයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සෑහෙන දෙයක් ගත්තා.උඹත් මගේ සහෝදරයෙක් ම තමයි.

    Good Luck මචන්...හිත හයිය කරගෙන අභියෝගෙට මුණ දීපන්... කවදාහරි දවසක පස්ස හැරිලා බලල සන්තෝස වෙන්න පුළුවන් වෙයි...