ටැංකි_සුද්දෝ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Pleco.jpg

    හුරුළුවැවේ ධීවරයෝ හූල්ලති. ඒ ධීවර ඇත්තන්ට මේ වෙනකොට හූල්ලනු මිස වෙනත් යමක්‌ කළ හැකි නොවේ. ඔවුන් හිස මත පාත්වී ඇත්තේ ඔවුන් හීනෙන්වත් ප්‍රාර්ථනා නොකළ ව්‍යසනයකි. ඒ ව්‍යසනය නිර්මාණය කළෝ අපේ ගෙවල්වල සුරතල් මසුන් සහිත මාලු ටැංකි සුද්ද කරන්නට දමා සිටිනා ටැංකි සුද්දන්ය. ටැංකි සුද්දෝ බෝවී සිටිති. හුරුළුවැව වසාගෙන බෝවී සිටිති. ටැංකිසුද්දන් කන්නට බැරිය. ඇල්ලුවත් අල්ලා ඉවර කරන්නටත් බැරිය. ටැංකි සුද්දෝ හුරුලුවැව උලාකමින් සිටිති. හුරුළුවැව උලාකන ටැංකිසුද්දන් නිසා තෙප්පලියන්ගේ, මල්කොරලියන්ගේ තබා තිලාපියාවන්ගේවත් බිත්තර ඉතුරු වී නැත. ඒ නිසා ආහාරයට ගන්නා මාලුන් අඩුවෙමින් ඇත. ධීවරයන් විස්‌සෝප වන්නේ ඒ නිසාය.

    හුරුළුවැවේ මාලු අනික්‌ වැව්වලට වඩා රස බව ඒ මාලු කෑ ඇත්තෝ කියති. එබැවින්ම හුරුළුවැවේ මාලුන්ට හොඳ ඉල්ලුමක්‌ ඇත. ටැංකිසුද්දන්ගේ ආක්‍රමණය නිසා ගලෙන්බි`ඳුනුවැව පැත්තේ උදවියට මාලු කෑල්ලක්‌ හොයා ගැනීම කළුනික හොයාගන්නවා වගේ අපහසු වී තිබේ.


    l4.jpg

    මේ කතාව හොයාගෙන අප හුරුලුවැවට යන විට ඒ වන විටත් හුරුළුවැවේ රස්‌සාව කර බෝට්‌ටුවේ තොටුපළට පැමිණි ධීවරයෝ පිරිසක්‌ වූහ. ඔවුන්ගේ මුහුණු පෙනුණේ මළගෙවල් සේය. අපි මවිතව බලාගෙන සිටියෙමු. එක්‌ ඔරුවකින් අල්ලාගත් මාලු අතර තිලාපියාවන් ඇතුළු මිනිස්‌ පරිභෝජනයට සුදුසු මාලු කිලෝ කීපයක්‌ හැරෙන්නට ඉතිරිය වී ඇත්තේ ටැංකිසුද්දන්ගෙනි. ගැනුම්කරුවෝ අපේක්‌ෂා රහිතව බලාගෙන සිටිති. අපි අසල සිටි ධීවරයෙක්‌ සමග මේ ඛේදවාචකය පිළිබඳ කතාබහට එක්‌වුණෙමු. ඔහු ලලිත් කරුණාතිලකය.

    මහත්තයෝ මං මේ රස්‌සාව කරන්න පටන් අරන් අවුරුදු 15 ට වැඩියි... ලලිත් කතාව ආරම්භ කළේය. කටහඬේ ඇත්තේ දුකකි.

    අපි ඉස්‌සර මේ වැවට බහිද්දි අපි දකිනවා වැවේ ගස්‌වල පැළෑටිවල මල්කොරලියන්ගේ තෙප්පලින්ගේ බිත්තර අල්ලලා තියනවා. දැන් ඒ එකක්‌ පේන්න නෑ. ටැංකි සුද්දො කියන කාලකණ්‌ණි මාලු වැව වහගෙන බෝ වෙලා. උන් මුලු වැවම උලා කනවා. මාලු බිත්තරයක්‌ තියෙන්නෙ නෑ. ඒ හින්දා අපේ මාලු වඳවෙනවා. දැනටත් මල්කොරලියෙක්‌ තිලාපියෙක්‌ හමුබවෙන්නෙ බොහොම කලාතුරකින්. මේ මහා විනාසෙ පටන් ගත්තෙ දැනට අවුරුචු 5 විතර කලින්. එන්න එන්න බෝ වෙනවා වැඩියි. අපිට තවත් මේ රස්‌සාව කරන්න බෑ... ඉස්‌සර අපි එක දැලක්‌ පාවිච්චි කළා මාස 6 ක්‌ විතර. දැන් දැලක්‌ පාවිච්චි කරන්න බෑ සතියක්‌. මුං අහුවුණාම දැල් ඉරෙනවා. මහත්තය විශ්වාස කරන්න සමහර ටැංකි සුද්දො කබරයො තරම් ලොකුයි. උන් අහුවුණාම දැල් ඉරෙනවා. දැන් මේ බෝට්‌ටුව දිහා බලන්න.

    අපි බෝට්‌ටුවට එබී බැලුවෙමු. අප්‍රසන්න ටැංකි සුද්දන්ගෙන් බෝට්‌ටුව පිරී ඇත. කෑමට ගතහැකි මාලු කිලෝ තුනක්‌වත් නැත. ලලිත්ලාගේ ජීවිත ප්‍රයත්නය හුරුළුවැවට දියවී ඇති සෙයකි.

    මේ අතර තවත් ධීවරයෙක්‌ අප හා කතාවට එකවිය. මං මේ රස්‌සාව කරන්න පටන් අරන් අවුරුදු 20 විතර ඇති. ඒ කාලේ ධීවර සංස්‌ථාවෙන් වැව් වලට මාලු දැම්මෙ නෑ. අපේ මාලු ටික බේරගෙන අපි ධීවර කර්මාන්තය කළා. ඒ කාලෙ එක්‌ බෝට්‌ටුවකින් අපි මාලු කිලෝ විසිපහක්‌ තිහක්‌ අරන් ආවා. අපි දන්නෙම නැතිව ඒ දේශීය මාලූ අඩුවුණා. අපි තිලාපියාට පුරුදු වුණා. දැන් උනුත් නෑ. ඉන්නේ මේ ටැංකිසුද්දො... කන්නත් බෑ. විකුණන්නත් බෑ. මුං හිතාගන්න බැරි වේගෙන් බෝ වෙනවා. මුලින්ම මේ ගැටලුව ආවේ අවුරුදු 5 ට කලින්. දැන් අපේ රස්‌සාවල් මුලුමනින්ම නැතිවෙන තැනට ප්‍රශ්නය උග්‍රවෙලා. කවුරුහරි බලධාරියෙක්‌ මැදිහත් වෙලා දැන් මේ ප්‍රශ්නයට උත්තර හොයල දෙන්න කාලය ඇවිත්...

    ඔහු කියන්නේය. සියාතු මාමා කාලයක්‌ තිස්‌සේ තොටුපලේ කඩපොඩ්ඩක්‌ අටවාගෙන තේ විකුණන්නේය. ටැංකිසුද්දන්ගේ ආක්‍රමණය උන්දෑට දැනී ඇති ආකාරය අපව කම්පා කළේය. සියාතු මාමා අපට කී කතාව මෙසේය.

    දැනට අවුරුදු පහළොවක විතර ඉඳලා මං මේ තොටුපලේ තේ විකුණනවා. ඒ සංදියෙ මාලු යහමින් අහුවුණා. ඔරුවල මාලු පිරිලා. එතකොට මටත් සරුයි. ඒ ඇත්තො යහමින් මොනවහරි කාල තේ එකක්‌ බීලා ගියා. මං ජීවත්වුණේ ඒකෙන්. ඒත් කරුමේ මේ ළඟකදී ඉඳලා වැවේ මාලු නෑ... ටැංකි සුද්දොද මොක්‌කුද කියලා මහ හිරිකිත මාලු වගයක්‌ තමයි මේ අපරාධය කළේ. බෝට්‌ටුවක මාලු කිලෝ තුනක්‌ හතරක්‌ නෑ. දැන් මිනිස්‌සු කහට එකත් බීල යන්නෙ ණයට. පහුවදාට කඩේ කරන්න ඕන බඩුටික හවසට ගන්නවත් සල්ලි නෑ. බලධාරීන් මේ ගැන හොයලා බලන්න... මං බොහොම කරුණාවෙන් කියනවා. උන්දෑ කීවේය.


    downloadXX.jpg

    සිසිර ගේ රස්‌සාව උදේ හවා හුරුලුවැවට පැමිණ මාලු මිලදී අරන් බයිසිකලයේ තබගෙන ගොස්‌ කරන ජංගම මාලු වෙළෝදාමය. ඔහු අවුරුදු 10 ක්‌ තිස්‌සේ මේ සඳහා උදේ හවා පැමිණේ. ඔහු කතා කරන්නේත් විස්‌සෝපයෙනි.

    සෑහෙන දවසක ඉඳන් මෙහෙමයි. අපි පුරුද්දට වාගේ මාලු ගන්න එනවා. අපි මාලු ගේනකම් පාරදෙපැත්තේ මිනිස්‌සු බලගෙන ඉන්නවා. ඒත් මාලු අහුවෙන්නෙ නෑ. ආපු හින්දා උදේ හවස මාලු කිලෝ හතරක්‌ පහක්‌ අරන් යනවා. බෝට්‌ටුවට හොඳ මාලු කිලෝ 4 ක්‌ අහුවුණොත් මාලු කිලෝ 15 ක්‌ අහුවෙන්නෙ ටැංකි සුද්දො. මේ බෝට්‌ටුවලට දවසකට ටැංකිසුද්දො මාලු කිලෝ 500ක්‌ 600 ක්‌ අහුවෙනවා. උන්ව විනාශ කරනව ඇරෙන්න කරන්න දෙයක්‌ නෑ. දැනට පෙට්‌ටියෙ තියෙන්නෙ මාලු කිලෝ 4 යි. අපේ පැට්‍රල් වියදමවත් නෑ මහත්තයා.

    මේ අඳෝනාව ඇහෙන්නේ හුරුළුවැවෙන් පමණක්‌ නොවේ. ලංකාවේ දියවර පෝෂණය කරන මහවැලි කලාපයේ සෑම ප්‍රදේශයකින්ම මේ ආක්‍රමණයේ වේදනාව ඇසෙමින් තිබේ. ප්‍රධාන ස්‌වාභාවික වගුරුබිම් ටැංකි සුද්දන් විසින් ආක්‍රමණය කර ඇත. ලංකාවේ මිරිදිය මත්ස්‍යයන් පිළිබඳව මෑත කාලයේ විශිෂ්ටම පර්යේෂණයක්‌ කරන්නී නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී රමණී ශිරන්තාය. ඇය වරෙක විදුලොව ගුවන්විදුලිය හා සංවාදයකට එක්‌වෙමින් මේ ගැටළුව ගැන පුළුල් පදනමක පිහිටා කතා කර තිබුණාය.

    -මේ මාලුවා ආනයනික මාලුවෙක්‌. එයා විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ ලෝකයේ හරි ප්‍රසිද්ධ මාලුවෙක්‌. යොදාගන්නෙ මාලු ටැංකිවල වීදුරු පිසින්නෙක්‌ ලෙස. මොකද එයා ආහාර පුරුද්ද ලෙස උලාකන මාලුවෙක්‌. -ප්ලෙකෝ සකර් මවුත් ආර්මඩ් කැට්‌ ෆිෂර්ස්‌ ලෙස මේ මාලු හඳුන්වනවා. මාලු ටැංකි සුද්ද කිරීමේ පරමාර්ථයෙන් මේ රටේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට ගෙනාපු මේ මාලුවා වර්ෂ 2004 වන විට අපට වාර්තා වෙනවා පොල්ගොල්ල ජලාශයෙන්. මෙහෙම එළිමහන් පරිසරයට ඔවුන් පිටවෙන්නේ බොහෝවිට අපේ ගෙවල්වලින්මයි. ටැංකියක තියාගන්න බැරිතරම් මාලුවා විශාල වෙනකොට බොහෝවිට අපේ බෞද්ධ පරිසරයක හැදුණු අය ඒ සතාව විනාශ කරන්නෙ නෑ. ඇළකට දොළකට මුදා හරිනවා. මෙසේ මුදාහරින ටැංකි සුද්දො විශාල වශයෙන් බෝ වෙනවා.

    මෙයා ඛදරස්‌රසසාae කියන විශේෂයට අයත් සතෙක්‌. මේ සත්තුන්ගෙ නිජබිම දකුණු ඇමරිකාව. දැනට ලංකාවෙ වර්ග දෙකක්‌ හමුවෙනවා. එකෙක්‌ කබර ටැංකි සුද්දා. අනිකා පුල්ලි ටැංකි සුද්දා. මේ වර්ග දෙකට අමතරව මේ රටේ පරිසරයට අනුවර්තනය වුණ දෙමුහුම් වර්ගයක්‌ ඉන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මේ මාලුන්ගෙන් දැන් බරපතළම අර්බුදය වෙලා තියෙන්නෙ අපේ ධීවර කර්මාන්ත කරන වැව් වලට. කිසිම තැනක ගිහින් දැලක්‌ දාන්න බෑ. වැඩිපුර අහුවෙන්නෙ ටැංකි සුද්දො...

    ගැටලුව තියෙන්නේ මේ මාලුවට ස්‌වභාවික හතුරෙක්‌ නොමැතිවීම. ඔවුන්ගෙ හැම කොරලයකම උලක්‌ තියනවා. කොකෙක්‌වත් මේ සතාව ආහාරයට ගන්නෙ නෑ. ඒ හින්දා අසීමිතව බෝ වෙනවා. ජලාශවල බලාගාරවල යන්ත්‍ර අතරේ මේ සතා හිරවෙලා ප්‍රශ්න ඇතිවෙනවා. ඔවුන් ජලාශ ඉවුරු හාරනවා. ඒ අතරම අවස්‌ථානුකූලව මේ සතාගේ ආහාර රටාවත් වෙනස්‌ වෙන්න පුළුවන්. දැන් රටට බරපතළ ප්‍රශ්නයක්‌ ඇවිත් මේ සතාව මර්දනය කරන්න කුමක්‌ හෝ ඵලදායී වැඩපිළිවෙලක්‌ අවශ්‍යයි උන් මර්දනය කරන්න.

    මුලින්ම කරන්න ඕන මේ මාලු බාහිර පරිසරයට මුදාහරින්න එපා කියන පණිවුඩය රටට දෙන එක. අනික තැනකින් තැනකට ගෙනියන්න එපා කියන එක. ඒ අතර වහාම මේ මත්ස්‍යයන් විකිණීම, ළ`ග තබාගැනීම හා ආනයනය කිරීම වළක්‌වන නීති ගේන්න ඕන.

    අනතුරුව බලන්න ඕන මේ වර්ධනය වන මාලු ගහණයට මොකද කරන්නෙ කියලා. මේ මාලුන්ගෙන් ඌරු කෑම, කුකුල් කෑම හදන්න පුළුවන්. කැල්සියම් බහුලයි. මිනිස්‌සුන්ට දීමනාවක්‌ දීලා මේ මාලු අල්ලන්න පොළඹවන වැඩ පිළිවෙලක්‌ දියත් කිරීම සුදුසුයි. ඊට පස්‌සේ ඒ ගේන මාලුන්ගෙන් නිෂ්පාදනයක්‌ කරන්න පුළුවන්. නාරා එකෙන් දැන් හොයාගෙන තියනවා මේ මාලුන්ගේ සියයට 30 ක්‌ ඔමේගා ඔයිල් තියනවා කියලා. ඒ කර්මාන්තය සඳහා යොදවන්න පුළුවන්. වහාම විකල්පයක්‌ අවශ්‍යයි.

    රමණී ශිරන්තා සිය අත්දැකීම් ඇසුරින් කියා තිබිණි. කුමක්‌ හෝ විකල්පයක්‌ අවශ්‍ය බව දැන් හුරුළුවැවෙන් රටට දැනී තිබේ. එය කුමක්‌දැයි හුරුළුවැවේ මිනිස්‌සු ජීවිත අපේක්‌ෂා දල්වාගෙන බලා සිටිති.

    චින්තක බාලසූරිය ගලෙන්බිඳුණුවැව
    සැකසුම - ජානක

    දිවයින
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උබලා උනත් මේ මාළු හදන්න සල්ලි දීලා ගන්නවානම් දෙපාරක් හිතන්න..මොකද මුන් පොඩියට හිටියට කාලයක් යද්දී පත සයිස් වෙනවා..පේනවනේ වෙලා තියෙන විනාසේ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අප්පට සිරි. ඔකුන් මැරෙන්නෙත් නැහැ ලෙසියෙන් නෙද >??
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අප්පට සිරි. ඔකුන් මැරෙන්නෙත් නැහැ ලෙසියෙන් නෙද >??

    ඔව් බන් මටනම් හිරිකිතයි දැක්කහම.ටැංකි අස් කරන්න කම්මැලි උන් තමා මුන්ව ගන්නේ..මුන්ව ගත්තට මුන් ටැංකිය ඔය කියන තරම් ක්ලීන් කරන්නේ නැහැ..
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    අප්පට සිරි. ඔකුන් මැරෙන්නෙත් නැහැ ලෙසියෙන් නෙද >??

    munta mada asseth inta puluwan. godata dammath anith maluwo wage ikmanata marenne na.​
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෆොයි කව්ද දන්නේ මුන් මෙච්චර ආක්‍රමණික මාලු විශේෂයක් කියලා. මේවා ගැන සමාජය දැනුවත් වෙනව මදි මචං
     

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    සිරාවට මචන් ඕකුන්ව පත සයිස් වෙනවා කාලයන් යනකොට ටැංකි හෝදන්න කම්මලි කමට ගේනවා වගේ නමේ
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මුන් ආක්‍රමණික විශේෂයක් අපේ උන් :dull: මුන්ව ගගවල්,ඇලට වගේ දානවා ඉට පස්සේ මුන් කරන බරපතලම හානිය තමා අනිත් මලුවන්ගේ බිත්තර,පොඩි පැටවු කන එක ඒ නිසා අනිත් මාළුවන්ගේ ගහනය අඩුවෙනවා :no:
    You must spread some Reputation around before giving it to Truth Hurts again.
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හෆොයි කව්ද දන්නේ මුන් මෙච්චර ආක්‍රමණික මාලු විශේෂයක් කියලා. මේවා ගැන සමාජය දැනුවත් වෙනව මදි මචං
    :yes::yes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    danna kiyana hama malu hadana ekatama me kathwa kiyapalla ape rate deshiya musunta dan amabanaka kela wela thiyanne me jara tanki sudda nisa

    tanki sudda witharak newe tank wala hadana kisima maluwek swabawika jalasjawalata nam muda harinnama epa
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    හෆොයි කව්ද දන්නේ මුන් මෙච්චර ආක්‍රමණික මාලු විශේෂයක් කියලා. මේවා ගැන සමාජය දැනුවත් වෙනව මදි මචං