ටික ටික කිච වෙනවා නේද ?

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    hYJo2tn.png



    අද තමා සබ්‍රිතුමාගෙ 360 බලන්න උනේ. අලි සබ්‍රි රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව පහුගිය අවුරුදු පහ ඇතුලත පරීක්‍ෂා කල මත්ද්‍රව්‍ය සාම්පල් ප්‍රමාණය කියවනව.

    2015දි 7269යි
    2016දි 8041යි
    2017දි 10,782යි
    2018දි 14,643යි
    2019දි 16,524යි

    දැන් මේ ටික කියල කියල නිගමනය කියනව මිනිහගෙ, මේ දත්ත අනුව, මීට සාපේක්‍ෂව අපරාධ වැඩිවෙලා තියෙන්නෙ කියල. මාර තර්කයක්. පට්ට ගොනෙක්නෙ මේ අධිකරණ ඇමති. මේ ඔක්කොම කියන්නෙත් පොලිස් කොමිසන්, අර කොමිසන් මේ කොමිසන් වැඩක් නැහැ කියන්න. "19 නිසා කුඩු දීර්ඝ වශයෙන් වැඩි උනාලු" එහෙමම කියනව පොර.
    මේ දත්ත වලින් පේන්නෙ කොමිසමේ අකාර්‍යක්‍ෂම බවද? එහෙම නැත්තන්ම්, ඉස්සරට වඩා පොලීසිය ඒව අල්ලල තියෙනව, ඒ ගැන ක්‍රියාකරල තියෙනව කියන එක නෙමෙයිද?
    මේක හරියට අර මාහචාර්ය හරේන්ද්‍ර සිල්වා ළමා අරාක්‍ෂක අධිකාරියෙ සභාපති උනාට පස්සෙ කාලෙ දත්ත වගේ. ඒ කාලෙ තමා ළමා අපචාර, පූජකයො, භික්‍ෂූන් කරපු ළමා අපයෝජන පුලුවන් තරම් ඇල්ලුව. ඒ දත්ත අරන් කියන්න පුලුවන්ද චන්ද්‍රිකාගෙ කාලෙ තමා ළමා අපචාර වැඩි උනේ කියල. සංඝයා වැඩියෙන්ම සාමනේරලව, අබැත්තියන්ව ඇබියුස්කරල තියෙන්නෙ ඒ කාලෙ කියල? ඒ කාලෙ තමා ඒව මැඩපවත්වන්න දැනුවත් ක්‍රියා මාර්ග ගත්තෙ. ඒකයි දත්ත වලින් පෙන්නුම් කරන්නෙ.
    දත්තවත් හරියට විශ්ලේෂණය කරගන්න බැරි, ඒව උඩ ඉඳන් මහජනයා නොමග යවන මේ වගේ ගොන් නාම්බෙක් අධිකරණ ඇමතිවෙලා හදන ව්‍යවස්ථා ගැන මොන කතාද!

    පොලිස්පතිව තාම අයින් කරගන්නත් බැහැලු, ඒකත් ස්වාධීන කියන කොමිසන් වල අප්සෙට් එකක්ලු. ඒකත් පට්ට බොරුවක් නෙ. පොලිස්පතියි, නීතිපතියි අයින් කරන්නෙ කොහොමද කියල 2002දි ඉඳන් පණතක් තියෙනව. ඊටත් වඩා පූජිත් විශ්‍රාම වයස පහුකරල දැන් මාස කීයද? මොකද අලුත් කෙනෙක් පත් නොකරන්නෙ? කිසිම බාධාවක් තියෙනවද? නැහැ. වැඩ බලන උන් දාපුවහම තමා ඕන කුණු වැඩක් කර ගන්න පුලුවන්, මොක්ද ස්ථිර වෙන්න - තව ලොකු තනතුරු ගන්න ඕන ජරා වැඩක් කරනව ඒ අය. ප්‍රශ්ණ අහන දිල්කතුමිය මේ මොකුත් ප්‍රශ්ණ කරෙත් නැහැ, නිකන්ම ඇරිය. මාර ජනමාධ්‍යය.



    link
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උදේ ඉදන් රෑ වෙනකන් අකවුන්ට් 100කින් විතර ලොග් වෙලා, උබට නම් පිස්සු....
     
    • Haha
    Reactions: D_Mad and 2osama

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ගිය ආණ්ඩුව කාලෙ නේද වැඩ බලන පොලිස්පති පත් කරේ?