ටිනීෂා ගේ යෝජිත මoගල්ලෙ...
ටිනීෂා ගේ යෝජිත මoගල්ලෙ...(කෙටිකතා)
කන්ද උඩට තමයි මුලින්ම ඉර පෑයුවෙ.වෙනදා වගේම.පුන්චි කාලෙ කන්ද උඩින් පායන ඉර කියලා ලොකු බෝලයක් කහපාටින් ඇදලා ඒක වටේට ඉරි ටිකක් ගහන්න උදේ පාන්දරම පුටුවකුයි මේසෙකුයි කන්ද ඉස්සරහා තියාගෙන අනික් කන්දෙ ඉදගෙන චිත්‍ර ඇදපු හැටි ටිනීෂාට මතක් වුනා.
එතකොටම කොහෙන්ද ඉදලා ආපු මී මැස්සෙක් ටිනීෂාගේ මූණට ඇන්නා.ඒ මීමැස්සා ඉන්න ඇත්තෙ තාත්තා හදන මී මැස්සො පෙට්ටියෙ කියලා ටිනීෂා හිතාගත්තා.ඒත් ඇත්තටම ඒ මීමැස්සා හිටියෙ ඒ පෙට්ටියෙමද කියලා ටිනීෂා දැනගෙන හිටියෙ නෑ.
අඩාගෙන අම්මා ලගට දුවපු හැටිත් අම්මයි තාත්තයි දෙන්නම රතුලූනු ගෙඩියක් උරච්චි කරලා මූණ පුරාම ගාපු හැටිත් ටිනීෂට චිත්‍රපටියක් වගේ පෙනුනා.ඒත් අන්තිමට මීමැස්සගෙ දලේ හොයාගන්න බැරි වුන නිසා මීමැස්සා ඇනලා නෑ කියලා තමයි තාත්තා කියුවෙ.
ඒ එයාලා එදා ඉදලම හිතනහැටි.ටිනීෂා ඉකමනට කලබල වෙනවලු....
ලoකාවෙ වුනාට උඩරට පලාතෙ නොවෙන මී මැස්සෙක් ටිනීෂා බලන්න එන දවස අද.කොච්චර පැණි බීලා තියෙනවද කියලා හරියටම දන්නෙ නෑ.ඒත් බමරු පැණි තියෙන මල් වලට කැමති විත්තිය ටිනීෂා දන්නවා.පැණි බීලා නැත්නම් ඒ බමරෙක් වෙන්න බෑනෙ.වෙන මොකෙක් හරි සතෙක් වෙන්න ඕනෙ.බමරගෙ අම්මා කියුවෙ නම් මලක සුවදක්වත් දැනිලා නැති කතාවක්.සුවද නැති මල්ද දන්නෙ නෑ ඒ පැත්තෙ ඇත්තෙ.
..................................................................................
එකොලහට එනවයි කියපු බමරු සෙට් එක එනකොට දොලහත් පහු වුනා.බමරගෙ අම්මා ලේලි බලන්න යන නිසා සාරි දෙකක්ම මාරු කර කර ඇන්දයි කියලා තමයි බමරාම පස්සෙ කාලෙක කියුවෙ.ටිනීෂා ඇන්දෙ එක සාරියයි සාරියක් කියුවට ඒක ඔසරියක්.
ටිනීෂාව සාරියට හැඩට පේන්න ඇති කියලා ටිනීෂා හිතුවෙ තැඹිලි පාට කා කහ පාට හමට ගැලපෙනවා කියලා ටිනීෂාට හිතුන නිසා.වෙලාවට ඒ වෙනකොට මී මැසි පෙට්ටියක් ගෙදර තිබුනෙ නෑ.නැත්නම් මීමැස්සෙක් ඇවිත් මූනෙන්ම රොන්ගන්න ඉඩතිබුනා.
මනමාලයාට ඇල්ලුවෙ බිස්කටි.තාත්තා බුලත් අල්ලන්න කියුවට කොලඹ හතේ මිනිස්සු බුලත් කනවයැ.
මනමාලයා බිස්කට් ගත්දි බන්දේසිය යටින් ටිනීෂාගේ අත ඇල්ලුවෙ නෑ.ඉස්සර බුලත් ගත්ත අයනම් එහෙමයි. අමුත්තක් එක්ක කැමැත්තක් ටිනීෂාට දැනුනා.....
...............................................................................
කසාදෙ තිබුනෙ නුවර ලොකු හෝටලේක.. ඒවෙනෙකොටත් ටිනීෂා මනමාලයත් එක්ක කතාකරලා තිබුනෙ හරියටම වචන තූන්සිය පනස් අටයි.තාත්තලා ඔක්කොම ලෑස්ති කරලා තිබුන නිසා ටිනීෂට තිබුනෙ ලෑස්තිවෙලා යන්න විතරයි.ටිනීෂාට අන්දවන්න ආපු කෙනා රුපියල්ම සෑහෙන්න ගානක් ඉල්ලුවා.
පීනසට කිවිසුම් ඇර ඇර හිටපු ඒ මනුස්සයා කියුවෙ ඔයාලට නම් එක දවසය් අපි මේ වැඩේ හැමදාම කරන්න ඕනෙ කියලා.ඒත් ඉතින් ඔච්චර ගානක් දෙනවා නම් ටිනීෂා මුලුරෑම උනත් ඇහැ ඇරිලා ඉන්න බව ටිනීෂා කියුවෙ නැතුවට හිතුවා.
ටිනීෂා ලස්සනයි කියලා හැමෝම කියුවට ටිනීෂට විශේෂ ලස්සනක් පෙනුනෙ නෑ.වෙනදා අදින අත් කොට හැට්ටෙයි ඔසරියයි ඔයිට ලස්සන බවයි ටිනීෂට හිතුනෙ.
.......................................................................
හැට්ටෙ අත් දෙක හිර නිසා පෝරුව උඩදි දෑත නලල මත තියාගෙන වැදගෙන ඉන්නකොට අත්දෙකේ ඉහලට ලේ ගමනාගමනය අඩු ගතියක් එක්ක ඇගට අපහසු ගතියක් ටිනීෂාට දැනුනා.ඒ කියන්නෙ වෙව්ලනවා.නෑදෑ සනුහරේම මේකට කලබල වෙලා ටිනීෂාගෙන් වතුර දෙන්නත් හැදුවා."මොන විකාරද ..."ටිනීෂා නොරිස්සුමෙන් බැලුවා.
දෙවනි ගමනෙ රතුපාට ඇදුමනැතුව සුදුපාට රෙද්දක්ම ටිනීෂට ඇන්දුවෙ ඒක චාරිත්තරේ කියලා.චාරිත්තරේට යාර දෙකක්ම ඕනෙ මොකටද කියලයි ටිනීෂා කල්පනා කලේ.
.................................................................
එදා රෑ අර වචන තුන්සිය පනස් ගනන දෙදහස් අටසියයක් බවට පත්වුනා.මනමාලි වගේම මීමැස්සත් සතුටින් හිටියා.මධුසමයෙ පැණි තියෙන්නෙ මධුසමයට නියමිත රාජකාරියේ පමණක් නොවෙන බවත්,එකිනෙකා නිවැරදිව හදුනා ගැනීම තුලත් මධුරසය විදිය හැකි බව ටිනීෂාට තේරුනා.
"තාම නෑ බන් ...අපි උඹලා වගේ හදිස්සි නෑනෙ."මනමාලයා උදේ පාන්දරම මචන් කෙනෙක්ගෙන් ආපු ඇමතුමට උත්තර බැන්දා.
.....................
උදේ පාන්දරම රෙදි නැන්දා ආවා.එහෙමදෙයක් ටිනීෂා දැනගෙන හිටියෙ නෑ.දැනගෙන හිටියා.ඒත් ඒවා තිබුනෙ කතන්දර වල විතරයි කියලා හිතුවා...ටිනීෂගේ අම්මත් පිටිපස්සෙ හිටියා.බය ගතියක් මූනෙ තිබුනා.
"අම්මා"
ටිනීෂා සුපුරුදු සතුටෙන් කියුවා.මධුසමය අතර මැදදි වුනත් අම්මව දකින්නට ලැබීම ගැන ඕනෑම ගෑනු දරුවෙක් ඉතාම සතුටු වෙනවා.
ඒත් අම්මා ඇහුවා
"කෝ"
"මොනවද"කියලා ටිනීෂා ඇහුවෙ නෑ.දැනගෙන හිටියා.ඒත් මෙන්න කියලා දෙන්න දෙයක් තිබුනෙ නෑ.
ටිනීෂා...මීමැස්සා නාන කාමරේ ඉදන් කෑගැහුවා.
"ඇයි"ටිනීෂාට මීමැස්සා එක්කත් තරහයි.අනවරතේ බැනුම් අහන්න වෙන එකට.
"ඔය කබඩ් එක ඇතුලෙ බලන්න..."
.........................................
ටිනීෂා කබඩ් එක ඇතුලට එබුනා
යාරදෙකේ චාරිත්‍රය ගිලිවෙලා හිටියා කබඩ් එක ඇතුලෙ.හොදට නමලා තිබුන රෙද්ද ගුලිවුනේ කොහොමද කියලයි ටිනීෂා කල්පනා කලේ....
අම්මා වෙනදට කකුල් කෙඩෙත්තු තියෙන අම්මා ...දුවගෙන ඇවිත් චාරිත්‍රය ඉල්ලන්නෙත් නැතුව උදුරලා වගේ අතට ගත්තා..
"මගේ රත්තරන් දුවට තුනුරුවන් සරණයි.."අම්මගේ ඇස් වලට කදුලු ඉනුවා.
ටිනීෂාගේ ඇස් වලටත් කදුළු ඉනුවා.අම්මා අඩන එකට.අම්මා අඩනකොට ඇස් වලට කදුළු එන්න අම්මා අඩන්නෙ දුකටද සතුටටද කියන එක වැදගත් වුනේ නෑ.මෝඩ ඇස්...
..........................................
චාරිතරේ මැද්දෙ රතුපාට තිත් ටිකක් තිබුනා....
ටිනීෂාට මීමැස්සා ගැන ආදරේ වැඩි වුනා...
"අම්මලගෙ විකාර...."මීමැස්සා පස්සෙ හයියෙන් හිනාවෙලා කියයි...
රතුපාට බලවන්තයි....වැදගත් වෙන්නෙ පාට විතරයි....පාට එතනට ආවෙ කොහොමද කියන එක නෙමයි...
---------------------------නිමි---------------------------------------
උපුටා ගැනීම http://******do not spam*******.blogspot.com/2012/07/o_10.html