පොඩි කෑල්ලක් ඉතිංඑහෙම ඉද්දි, රෙන්නෙ එහෙම කොහොමද බන්? කූඩුව ඇතුලෙම රෙනවද? බත් කන්න දෙනවද? කූඩුවෙ ඇතුලෙ ඉදන්ද කන්නෙ? නැත්නම් පැය 24 හාමතේද? නිදාගන්නෙ කොහෙද? රීපුව උඩින්ම නිදාගන්න ඕනෙද?
සිරාවට දන් නැති නිසා අහන්නෙ
ඇතුලෙ තියෙනව පෝච්චියක්
මං හිටපු දවසෙ කට්ටිය චූ කෙරුව විතරයි
ගද ගහන්න ගත්තම පොලිසියෙ එකාලම කෑ ගහල කියනව වතුර එකක් ගහපං කියල
මට කූඩුවෙ සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්න දුන්න
අනිත් උං ඔක්කොම කූඩුවට දැම්මෙ කකුල් දෙකට මොකුත් නැතුව
මට චාටර් වැඩ මොකුත් කිව්වෙ නෑ
උසාවියට ගෙනියන දවසෙ මාංචුවත් දැම්මෙ නෑ
අනිත් උන්ට දෙන්නට එක ගානෙ දාල තිබුණ
පොලිස් වාහනේක ගියෙ
එලිවෙනකං නින්දක් නෑ බං
යකඩ කූරු අල්ලං එලිය බලාගෙන තමා වැඩි හරියක් හිටියෙ
සිමෙන්ති වලින් පොඩි ගැට්ටක් හදල තිබුණ. ඒකෙ එකෙක්ට වැතිරිල හිටියැකි
මම පාන්දර වගේ සෙරෙප්පු දෙක ඔලුව යටින් තියාගෙන ටිකක් හිටිය
නින්ද ගියාද නැද්ද මංද
රෑ වෙනකොට එකා එකා දානව. මං හිටපු දවසෙනං ලොකු තද බදයක් නෑ.
කට්ටිය කතා කර කර හිටිය ඉතිං..
Last edited:

