ඩයලොග් ටීවී

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    13533001_10206518817501466_4613221493739042560_n.jpg

    පසු ගෙවුම් ඩයලොග් ටීවී සබදතාවක් ආශ්‍රයෙන් කම්පැණිය වගේම රජයත් පාරිභෝගිකයන් ගසා කන අන්දම ගැන අපි බලමු.

    පසු ගෙවුම් ඩයලොග් ටීවී සබදතාවක් වුනත් 2016 ජුනි බිල්පත සකස් වෙන්නෙ 2016 ජුනි 17 සිට 2016 ජූලි16 දිනය දක්වායි. බිල්පත ගෙවන්න ඕනත් 2016.07.07 ට කලිනුයි.

    මෙන්න අය කිරීම්.
    සේවා ගාස්තුව 699.00
    ජාතිය ගොඩනැගීමේ බද්ද 14.54
    රජයේ වෙනත් බදු 14.54
    විදුලි සංදේශ බදු 182.02
    එකතු කළ අගය මත බද්ද 136.51


    කම්පැණියේ ගසා කෑම

    1. පසු ගෙවුම් සබදතාවක් වුවත් සේවය ලබා දී අවසන් වෙන්න පෙරම ගාස්තුව ගෙවන්නට වීම. ඒ අනුව එය පෙර ගෙවුම් සබදතාවක් ලෙසට කම්පැණිය විසින්ම නීති විරෝධීව සකස් කරගෙන. දිගින් දිගටම කළ මේ අසාධාරණය සම්බන්ධව විදුලි සන්දේශ කම්ෂන් සභාවට පිටපතක් සහිතව 2014 මැයි වල ඩයලොග් ටීවී ආයතනයට ලිඛිතව දැනුම් දුන්න. විදුලි සන්දේශ කමිෂන් සභාවෙන් මේ වනතුරුත් පිළිතුරක් නෑ. ඩලොග් ටීවී ආයතනයේ කාන්තාවක් දුරකතනයෙන් මා අමතා තමන්ගෙ වැරද්ද සාධාරණීකරණය කරන්න දිගින් දිගටම උත්සාහ දැරූවිට මා කීවේ ලිඛිතව කළ පැමිණිල්ලට ලිඛිතව උත්තරයක් එවන ලෙසයි. අද වනතුරුත් පිළිතුරක් නෑ.

    2. සබදතාවේ බිද වැටීමක දී සේවාව ප්‍රකෘති කර ගැනීමට කම්පැණිය ඇමතීම ඉතාම අපහසු කරුණක්. ඒ නිසා සේවාව අලුත්වැඩියාවට එන්නේ ඉතා ප්‍රමාදවයි. එලෙස ඔවුන්ගේ ප්‍රමාද කාලයටත් සේවාව සදහා ගෙවිය යුතුයි.


    රජයේ සූරාකෑම

    1. විවිධ නම් වලින් බදු වර්ග හතරක් අය කරන අතර එය ඉතා ලැජ්ජාසහගත තත්ත්වයක්. ඒ අනුව 50%කට ඉතා ආසන්න මුදලක් බදු වශයෙන් ගෙවිය යුතුයි. චන්ද්‍රිකා තාක්ෂණයෙන් රූපවාහිනී සේවාවක් නැරඹීම එතරම් බදු ගෙවීමට තරම් බරපතල කරුණක් ද?

    2. 26.04%ක නිශ්චිත නොවන අනුපාතයකින් විදුලි සංදේශ බද්දක් ගෙවමින් විදුලි සංදේශ කමිෂන් සභාව පවත්වාගෙන යන්නේ පාරිභෝගිකයා වෙනුවෙන් නොව විදුලි සංදේශ කම්පැණි වෙනුවෙන් හා දේශපාලකයන්ට තප්පු ලෑමටයි. ගිය ජනාධිපතිවරණයේ දී සිල් රෙදි බෙදන්නට ගත්තේ මේ බදු මුදලුයි.

    3. ලෝක බදු සම්ප්‍රදාය අනුව බදු පනවන්නේ භාණ්ඩයේ/ සේවාවෙ මිලටයි. එහෙත් මෙරට විදුලි සංදේශ සේවාවේ බදු කරන්නේ සේවාවෙ හා වෙනත් බදු වල මුළු එකතුවටයි. ඒ අනුව එකතු කළ අගය මත බද්ද වන 15% අය කරන්නේ සේවාවෙ මිල වන රුපියල් 699.00ට නොව එම මුදල හා අනෙකුත් බදු මුදල වන රුපියල් 211.10 මුළු එකතුවටයි. මෙය බදුකරණයේ දී cascading effect ලෙස හදුන්වන නින්දාසහගත තත්ත්වයක්.

    මේ බදු වලින් කරන්නේ කුමක්ද ඒ බදු මුදල් යන්නේ කොහේටද යන්න නිශ්චිත නෑ. කෙසේ හෝ සුඛෝපභෝගී නොවන යම් භාණ්ඩයකට හෝ සේවාවකට 50%ක තරම් ඉහළ බද්දක් අය කිරීම ලැජ්ජාවට කරුණක්. ලෝකයේ ප්‍රවනතාව වන්නේ ඝෘජු බදු අය කිරීම වුනත් 80%ක තරම් ප්‍රමාණයකට ශ්‍රී ලංකාවේ වක්‍ර බදු අය කරන්නේ මෙලෙසයි.


    from FB
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඇත්ත කතාව බන්..මමත් මුන්ගේ ටීවී ලයින් 1ක් ෆෝන් ලයින් 2ක් ඉන්ටනෙට් ලයින් 1ක් පාවිච්චි කරනවා..මාර අසාදරනයි තමයි ගනන්..
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,492
    191
    63
    Galle
    me mase bill eka iwara wenna kalin vat wadi kala eka add karala pahugiya mase add kale na kiyala, gold package eka dan 2900 gaanak vat ekkama :(
     

    supunm0777

    Member
    Jun 2, 2015
    2
    1
    3
    මචන්ල මේක ඩයලොග් වල විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි, මේක අසාධාරණ විදිහට හැම ආණ්ඩුවක්ම කරන කාළකන්නි විදිහට අපිව ගසාකැමක්. රටේ නිෂ්පාදන වැඩි කරන්නැතුව බදු ගහල ආණ්ඩු කරන්නනම් අපේ ආච්චිටත් පුලුවන්. බදු ගහන්න ඕනේ ඒත් අසාධාරණ විදිහට අහිංසක මිනිස්සුන්ට මෙහෙම කරන එක වැරදි.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මමත් ඕක අයින් කරලා දානවා බන් තිබ්බත් හින්දි මගුල්නේ යන්නේ :angry: මැච් එකක් යන වෙලාවට ඩයලොග් උන් උන්ගේ දැන්වීම් ටික අලවනවා :P එයිට හොදයි අයි එකේ බලනවා :rofl:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    dialog tv walata witharak neme data package walatath ohomaii..siri lankawa nisa wenna athi..paw karanna ona me wage jara rataka ipadenna apith
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    paththrekata damuda ube me lipiya.matath okun epa wela inne.gasa kanne piduma widiyata.monawahari deyak karanawanam mamath enawa.
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ බදු වලින් කරන්නේ කුමක්ද ඒ බදු මුදල් යන්නේ කොහේටද යන්න නිශ්චිත නෑ. කෙසේ හෝ සුඛෝපභෝගී නොවන යම් භාණ්ඩයකට හෝ සේවාවකට 50%ක තරම් ඉහළ බද්දක් අය කිරීම ලැජ්ජාවට කරුණක්. ලෝකයේ ප්‍රවනතාව වන්නේ ඝෘජු බදු අය කිරීම වුනත් 80%ක තරම් ප්‍රමාණයකට ශ්‍රී ලංකාවේ වක්‍ර බදු අය කරන්නේ මෙලෙසයි.