පසු ගෙවුම් ඩයලොග් ටීවී සබදතාවක් ආශ්රයෙන් කම්පැණිය වගේම රජයත් පාරිභෝගිකයන් ගසා කන අන්දම ගැන අපි බලමු.
පසු ගෙවුම් ඩයලොග් ටීවී සබදතාවක් වුනත් 2016 ජුනි බිල්පත සකස් වෙන්නෙ 2016 ජුනි 17 සිට 2016 ජූලි16 දිනය දක්වායි. බිල්පත ගෙවන්න ඕනත් 2016.07.07 ට කලිනුයි.
මෙන්න අය කිරීම්.
සේවා ගාස්තුව 699.00
ජාතිය ගොඩනැගීමේ බද්ද 14.54
රජයේ වෙනත් බදු 14.54
විදුලි සංදේශ බදු 182.02
එකතු කළ අගය මත බද්ද 136.51
කම්පැණියේ ගසා කෑම
1. පසු ගෙවුම් සබදතාවක් වුවත් සේවය ලබා දී අවසන් වෙන්න පෙරම ගාස්තුව ගෙවන්නට වීම. ඒ අනුව එය පෙර ගෙවුම් සබදතාවක් ලෙසට කම්පැණිය විසින්ම නීති විරෝධීව සකස් කරගෙන. දිගින් දිගටම කළ මේ අසාධාරණය සම්බන්ධව විදුලි සන්දේශ කම්ෂන් සභාවට පිටපතක් සහිතව 2014 මැයි වල ඩයලොග් ටීවී ආයතනයට ලිඛිතව දැනුම් දුන්න. විදුලි සන්දේශ කමිෂන් සභාවෙන් මේ වනතුරුත් පිළිතුරක් නෑ. ඩලොග් ටීවී ආයතනයේ කාන්තාවක් දුරකතනයෙන් මා අමතා තමන්ගෙ වැරද්ද සාධාරණීකරණය කරන්න දිගින් දිගටම උත්සාහ දැරූවිට මා කීවේ ලිඛිතව කළ පැමිණිල්ලට ලිඛිතව උත්තරයක් එවන ලෙසයි. අද වනතුරුත් පිළිතුරක් නෑ.
2. සබදතාවේ බිද වැටීමක දී සේවාව ප්රකෘති කර ගැනීමට කම්පැණිය ඇමතීම ඉතාම අපහසු කරුණක්. ඒ නිසා සේවාව අලුත්වැඩියාවට එන්නේ ඉතා ප්රමාදවයි. එලෙස ඔවුන්ගේ ප්රමාද කාලයටත් සේවාව සදහා ගෙවිය යුතුයි.
රජයේ සූරාකෑම
1. විවිධ නම් වලින් බදු වර්ග හතරක් අය කරන අතර එය ඉතා ලැජ්ජාසහගත තත්ත්වයක්. ඒ අනුව 50%කට ඉතා ආසන්න මුදලක් බදු වශයෙන් ගෙවිය යුතුයි. චන්ද්රිකා තාක්ෂණයෙන් රූපවාහිනී සේවාවක් නැරඹීම එතරම් බදු ගෙවීමට තරම් බරපතල කරුණක් ද?
2. 26.04%ක නිශ්චිත නොවන අනුපාතයකින් විදුලි සංදේශ බද්දක් ගෙවමින් විදුලි සංදේශ කමිෂන් සභාව පවත්වාගෙන යන්නේ පාරිභෝගිකයා වෙනුවෙන් නොව විදුලි සංදේශ කම්පැණි වෙනුවෙන් හා දේශපාලකයන්ට තප්පු ලෑමටයි. ගිය ජනාධිපතිවරණයේ දී සිල් රෙදි බෙදන්නට ගත්තේ මේ බදු මුදලුයි.
3. ලෝක බදු සම්ප්රදාය අනුව බදු පනවන්නේ භාණ්ඩයේ/ සේවාවෙ මිලටයි. එහෙත් මෙරට විදුලි සංදේශ සේවාවේ බදු කරන්නේ සේවාවෙ හා වෙනත් බදු වල මුළු එකතුවටයි. ඒ අනුව එකතු කළ අගය මත බද්ද වන 15% අය කරන්නේ සේවාවෙ මිල වන රුපියල් 699.00ට නොව එම මුදල හා අනෙකුත් බදු මුදල වන රුපියල් 211.10 මුළු එකතුවටයි. මෙය බදුකරණයේ දී cascading effect ලෙස හදුන්වන නින්දාසහගත තත්ත්වයක්.
මේ බදු වලින් කරන්නේ කුමක්ද ඒ බදු මුදල් යන්නේ කොහේටද යන්න නිශ්චිත නෑ. කෙසේ හෝ සුඛෝපභෝගී නොවන යම් භාණ්ඩයකට හෝ සේවාවකට 50%ක තරම් ඉහළ බද්දක් අය කිරීම ලැජ්ජාවට කරුණක්. ලෝකයේ ප්රවනතාව වන්නේ ඝෘජු බදු අය කිරීම වුනත් 80%ක තරම් ප්රමාණයකට ශ්රී ලංකාවේ වක්ර බදු අය කරන්නේ මෙලෙසයි.
from FB




එයිට හොදයි අයි එකේ බලනවා 
Masekata