ඩයලොග් සන්ටෙල්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඩයලොග් සන්ටෙල්

    යාළුවනේ අපේ ගෙදර පාවිච්චි කලේ සන්ටෙල් ෆෝන් එකක්. ඒක හදිස්සියේම වැඩ කරන්නෙ නැතිව ගියා. දැන් සන්ටෙල් කරන්නෙත් ඩයලොග් නිසා. ඩයලොග් එකට අරන් ගියාම ඒ කට්ටිය වැඩි සැලිකිල්ලක් දැක්වුවේ නැහැ. පේන හැටියට ෆෝන් එක හදල දෙන්න සෑහෙන්න කාලයක් ගනියි වගේ. මට මාර අවුල හැම වැඩකටම වගේ පාවිච්චි කලේ මේ ෆෝන් එකේ නම්බරේ නිසා. මට දැන ගන්න ඕන මේ ෆෝන් එකට එන හැම කෝල් එකක්ම මගේ මොබයිල් එකට ඩයිවර්ට් කරගන්න පුළුවන් වෙයිද කියල. ෆෝන් එක වැඩ කරන්නෙ නැති නිසා මේක ෆෝන් එකෙන් නම් කරන්න වෙන්නෙ නැහැ. හොට් ලයින් එකට කතා කරල මේක කරගන්න පුළුවන් වෙයිද? කතා කරන්න ඕන හොට් ලයින් නම්බර් එක මොකක්ද? අනේ උදව් කරන්න මම මාර අමාරුවක වැටිල ඉන්නෙ.:(:(:(:(:(:(:(:(:(:(
     
    Last edited: