ඩයලොග් සමාගම, සන්ටෙල් මිලදී ගනී

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    ඩයලොග් සමාගම, සන්ටෙල් මිලදී ගනී

    828d278f06.jpg

    සිය CDMA දුරකතන ජාලය පුළුල් කිරීමේ අරමුණෙන් සන්ටෙල් සමාගම ඩොලර් මිලියන 34 කට වඩා මඳක් වැඩි ලන්සුවකට මිලදී ගැනීමට සූදානම් බව ඩයලොග් සමාගම කියයි.


    3d907e82e0.png
    +
    c9307685d4.jpg


    අනුව මෙම සමාගම ඩයලොග්හි Dialog Broadband fixed access ඒකකය යටතට පත්කිරීමට නියමිතය.

    මෙම මිලදී ගැනීමත් සමග මෙරට දෙවන විශාලතම ස්ථාවර දුරකතන සම්බන්ධතා සපයන සමාගම බවට ඩයලොග් පත්වන අතර වෙළඳ පොළ කොටස සියයට 23 ක් දක්වා ඉහළ නගී.
    2011 සැප්තැම්බර් වලින් අවසන් වන මාස 09 තුළදී ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් රුපියල් බිලියන 1.8 ක ආදායමක් ලබා තිබේ.

    සන්ටෙල් ජාලය මිලට ගැනීම සඳහා ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ ශ‍්‍රී ලංකා ටෙලිකොම් විසින් ඉදිරිපත් කර තිබූ ලන්සුවට වඩා වැඩි ලන්සුවක් ඩයලොග් සමාගම විසින් ඉදිරිපත් කර ඇත.​
     
    • Like
    Reactions: randitha chathumal