ඩ්‍රැක්‍යලා

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    "ඩ්‍රැක්‍යුලාගේ සැබෑ මාළිගය සොයා කාර්පේතියන් කඳු මුදුනට ගිය ඇඟ කිළිපොලන ගමන"



    drag2.jpg

    මේ මුව විවරවනුයේ ලේ රසටද?


    ලොව පුරා ප්‍රචලිත අති භයංකාර අමනුෂ්‍ය ගෘහයන් අතුරින් ඩ්‍රැක්‍යුලාගේ සැබෑ මාලිගාවට හිමිවන්නේ වැදගත් ස්‌ථානයකි. එය පිහිටා ඇත්තේ රුමේනියාවේ මධ්‍යම කොටසේය.

    රුමේනියාවේ ප්‍රධාන අගනගරය වන බුකාරෙස්‌ට්‌ නුවර සිට එහි යන්නේ නම් ඒ සඳහා ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 150 කි.

    යුරෝපයේ ඉතාමත් සුන්දර, එහෙත් අති භයානක දේ සඟවාගත් කාර්පේතියන් කඳු ශිඛරයේ පිහිටි මෙම මාලිගාව හැඳින් වූයේ ඩ්‍රැක්‍යුලාගේ "පොඒනාරි මාළිගාව" යනුවෙනි. "පොඒනාරි" යනු මේ මාලිගාව පිහිටි ප්‍රදේශයේ නමයි. එහෙත් සත්‍ය තත්ත්වය නම් එදා ඩ්‍රැක්‍යqලාගේ කාලයේදී මෙන් නොව අද ඇත්තේ නම් ගරාවැටී ඇති මාළිගාවකි. මෙම මාලිගය කරා යැමේදී ඕනෑම කෙනකුට විශේෂයෙන්ම ඒ වෙත යන සංචාරකයන්ට නම් දැනෙනුයේ බිය, ත්‍රාසය මුසු නවමු අත්දැකීමක්‌ බව නම් මෙහි නොකියාම බැරිය.

    "ඩ්‍රැක්‍යලා" තේමා කරගත් ඇමෙරිකානු හොලිවුඩ් චිත්‍රපටවලින් මා දැක තිබුණේ චිත්‍රපටකරුවන් විසින් මවාපාන ලද රුමේනියාවේ බර(අ)න් මාළිගාවයි. එම මාළිගාවේ සැබෑවටම ජිවිත කාලය පුරාවට ඩ්‍රැක්‍යqලා දිවිගෙවා තිබුණේ නැත. ඔහු එහි ගතකර තිබුණේ දින දෙකක කාලයක්‌ පමණි. ඒ ද අහම්බෙනි. කොටින්ම තුර්කි හමුදා සමග සටන් කරද්දී ආරක්‍ෂක උපායක්‌ වශයෙනි.

    ඩ්‍රැක්‍යqලාගේ හොලිවුඩ් මාළිගාව නැරඹීමෙන් අනතුරුව මමද, මාගේ ස්‌වීඩීෂ් ජාතික හා රුමේනියානු ජාතික හිතවතුන් හා හිතවතියන්ද ඩ්‍රැක්‍යqලාගේ සැබෑ මාළිගාව කරා යැම සඳහා පිටත් වූයේ සන්ධ්‍යා කාලයෙහිය. ඒද මාගේ දැඩි පෙරැත්තය නිසාමය. අපේ මුළු කණ්‌ඩායමට දහතුන්දෙනකු අයත් වූහ. ඒ අතර මා සමග ස්‌වීඩනයේ සිට රුමේනියාවට ගිය එලේනා, එම්මා යන හිතවතියන්ද, කොස්‌ටීකා සහ ලාර්ස්‌ද වූහ. රුමේනියාවේදී දැන හඳුනා ගැනුණු තත්යානා (ඇය එලේනාගේ නැඟණියයි), වික්‌ටෝරියා, ආචාර්ය අන්දේ (ආචාර්ය අන්දේ එම්මාගේ සොහොයුරායි) එමීල්, නිකොලේයි, මරීයා, රොක්‌ෂානා සහ ක්‍රිෂ්ටීනා ද අප කණ්‌ඩායමේ වූහ.


    drag3.jpg

    අති සුන්දර කාර්පේතියන් කඳු මුදුනේ පිහිටි ඩ්‍රැක්‍යලාගේ මාළිගාවයි මේ. (මෙහි රවුම්කර දක්‌වා ඇත්තේ එම මාළිගයයි) පහතින් ගලා බසිනුයේ සුන්දර අර්ගීස්‌ ගංගාවයි

    මා මෙහි කියූ ආචාර්ය අන්දෝ, එමීල්, නිකොලේයි, මරීයා, රොක්‌ෂානා, ක්‍රිෂ්ටීනා ඇතුළු කණ්‌ඩායම මීට පෙර කිහිපවතාවක්‌ම ඩ්‍රැක්‍යලාගේ සැබෑ මාළිගාව කරා ගොස්‌ තිබුණාහ. ඒ ඔවුනගේ කණ්‌ඩායම ඩ්‍රැක්‍යලා සම්බන්ධයෙන් කරන්නාවූ පර්යේෂණයන් හා හැදෑරීම් උදෙසාය.

    "අද රෑට නම් අපට එහේ යන්න ලැබෙන්නේ නැහැ. පාරවල් අබලන්. අනික මීදුම. ඒ වාගේම මෙහේ (බර(අ)න්) නගරයේ සිට පොයිනාරිවලට තියෙන දුර ප්‍රමාණය. ඒක නිසා අපි අදට අතරමඟට විතරක්‌ යමු." ආචාර්ය අන්දෝ යෝජනා කළේය.

    ඔහු කියූදේ සැබෑවකි. ශීත කාලයේදී හිමෙන්ද, හිම කුණාටුවෙන්ද, මීදුමෙන්ද වැසී යන කාර්පේතියන් කඳු ශිඛරය ගී්‍රෂ්ම කාලයේදී ද මීදුමෙන්ද, අධික වැස්‌සෙන්ද තෙතබරිත වන්නේය. එමෙන්ම දවාලේ මෙන්ම රාත්‍රියේද ගොදුරු සොයා කළඑළි බසිනා වළසුන්, වෘකයන්, කැලෑ බල්ලන් ඇතුළු වන සතුන් ද එමටය.

    "මේක ඩ්‍රැක්‍යqලාගේ රට. ඒත් හොල්මන්, අවතාර, ලේ පිශාචරයන්ගෙන් කෙසේ වෙතත් හැම අවුරුද්දකම වාගේ වළස්‌සුන්ගේ ප්‍රහාරවලින් නම් රුමේනියානුවන් හතර පස්‌දෙනෙක්‌ මිය යනවා. වෘකයන්, කැලෑ බල්ලන්ගේ සපාකෑම්වලට ලක්‌වෙන පිරිසත් අපමණයි." රාත්‍රි ගමනේ අවදානම ආචාර්ය අන්දෝ පහදා දුන්නේය.


    drag2.jpg

    ඩ්‍රැක්‍යලාගේ මාලිගය අද්දරින් ගලා බසිනා දර්ශනීය අර්ගීස්‌ නදියයි මේ. මෙය ලේඩීස්‌ රිවර් යනුවෙන්ද ප්‍රින්සෙස්‌ රිවර් යනුවෙන්ද හඳුන්වන්නේය

    අප කණ්‌ඩායම රැගත් බස්‌රිය "කුර්ටෙයාදෝෂර්ගිස්‌" නම් නගරය වෙත පැමිණෙන විට රාත්‍රි 7.30 පමණ වී තිබුණේය. එහි එදින රාත්‍රියේ නවාතැන් ගැන්ම සඳහා සංචාරක හෝටලයක කාමර කිහිපයක්‌ වෙන්කරවා ගන්නට අප කණ්‌ඩායම සමත් වූහ.

    මෙම නගරය පිහිටියේ ප්‍රසිද්ධ අර්ගීස්‌ නදිය ආසන්නයේය.

    දකුණු කාර්පේතියන් කඳු ශිඛරයේ "ෆගාරාස්‌" යනුවෙන් හැඳින්වෙන කන්දේ බුදා සහ කප්රා යන ප්‍රදේශ අතරින් පහළට ගලා බසිනා මෙම "අර්ගීස්‌" ගංගාව කිලෝ මීටර් 350 ක ගමන් මගක්‌ ගෙවනු ලබන්නේ ගම්, නගර ගණනාවක්‌ ඔස්‌සේය. ඩ්‍රැක්‍යqලාගේ සැබෑ මාළිගාව පාමුලින්ද ගලාගෙන යන මෙම ගංගාව අද වන විට රුමේනියානු ජනතාවට විදුලි බලය උත්පාදනය කරදීම සඳහා ද මහඟු පිටුබලයක්‌ වී ඇත්තේය. මේ ගංගාව සහ ඩ්‍රැක්‍යqලා අතර ඇත්තේද කතා රැසකි. ගංගාව කඳු ශිඛරයේ සිට පහළට ගලා බසිනුයේ මීටර් 2030 ක උසකිනි.

     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    drag4.jpg

    ඩ්‍රැක්‍යලාගේ ගරාවැටුණු මාළිගයේ සමීප දසුනකි මේ. මෙහි බිත්ති බැඳ ඇත්තේ ගඩොලෙනි. මෙම මාළිගය මීට වසර 553 කට පෙර ඉදිකර තිබුණේය.


    කෙසේ නමුත් "කුර්ටෙයාදොa අර්ගීස්‌" නගරයේ සිට ඩ්‍රැක්‍යqලාගේ මාළිගාව කරා යාමට නම් අප ඊට පසුදා තවත් කිලෝ මීටර් 30 ක පමණ දුරක්‌ යා යුතුව තිබුණේය.

    සැබවින්ම මා එදින රාත්‍රිය ගත කළේ නින්දත් - නොනින්දත් අතරය. පසුදා අලුයමින්ම අවදි වූ අප ගමනට ලක ලෑස්‌ති වීමු.

    අප කණ්‌ඩායම රැගත් සංචාරක කුලී බස්‌රිය දර්ශනීය කාර්පේතියන් කඳු ශිඛරයේ කුඩා මංමාවත්, වනගහන, ගොවිබිම් පසුකරමින් "අරේෆු" නමැති එතරම් දියුණු යෑයි සැලකිය නොහැකි ගම්මානය කරා සේන්දුවී තිබුණේය. කුර්ටෙයාදෝ අර්ගීස්‌ නගරයේ සිට මෙම ගම්මානයට ඇති දුර කිලෝ මීටර් විසිපහකි.

    "මෙහේ ඉඳලා අපට තවත් කිලෝ මීටර් හතරක්‌ යන්න තියෙනවා." ඒ අන්දෝගේ හඬය.

    අප එම දුර යා යුත්තේ පා ගමනිනි. දෙපස හාත්පසම ඝන කැලෑවය. එහෙත් දිස්‌වනුයේ සුන්දරත්වයකි. දැන් අප සිටිනුයේ කාර්පේතියන් කඳු මුදුනේ මධ්‍යයේය.

    ඕනෑම යුරෝපීය සංචාරකයකු චොකලට්‌, බිස්‌කට්‌, වතුර බෝතලයක්‌, සිසිල් බීම කියවීමට පොත්, සඟරා ඇතුළු අඩුම කුඩුම සිය ගමන් මල්ලේ රැගෙන යැමට අමතක නොකරන්නේය. මා ඇතුළු අප කණ්‌ඩායමේ සියල්ලන් සතුවද එවැනි අඩුමකුඩුම මල්ලක්‌ වූහ. අප කඳු ශිඛරයේ ඇති කුඩා මාර්ගය ඔස්‌සේ එහි ඉහළ බලා යා යුත්තේද අපගේ අඩුම කුඩුම අඩංගු ගමන් මලුද කරපින්නාගෙනය.

    "අරේෆු" ගම්මානයේ සිට කඳු ශිඛරයේ මාළිගාව පිහිටි උතුරු දෙස බලා කිලෝ මීටර් හතරක දුරක්‌ අප පැමිණ තිබුණේ අපටද නොදැනුවත්වමය. ඊට හේතුව වන්නට ඇත්තේ අප කණ්‌ඩායමේ සිටින, අන්දෝ ඇතුළු සයදෙනකුම මීට පෙරද මෙම ගමනේ පුරුදුකාරයන්වීම නිසා ඔවුහු මේ මඟෙහි වංහුං දන්නා බැවින් නුපුරුදු මා ඇතුළු අනෙකුත් අයට ද ඔවුනගේ පා මඟ ගමන් කිරීම ලෙහෙසි පහසුවීමය. අප ගමන්ගත් මඟට පසෙකින් දර්ශනීය අර්ගීස්‌ නදිය ගලා බසිමින් තිබුණේය.

    වරක්‌ මේ මඟෙහි හමුවූ එක්‌ වයෝවෘද්ධ රුමේනියානු ගැමි ගොවියකු සමග එලේනා කතාවට වැටුණාය.

    "බලාගෙනයි එහේ යන්නේ. ඇයි? දන්නේ නැද්ද? ඩ්‍රැක්‍යqලාට පණ ඇවිල්ලා කියලා. ඩ්‍රැක්‍යqලා මැරිලා නැහැ. ඔහු තවම පණපිටින් ඉන්නවා. ඒ බවට ඕනෑතරම් සාක්‍ෂි තියෙනවා." ඒ ගැමි ගොවියා එලේනා ඇතුළු අප කණ්‌ඩායමට අනතුරු හැඟවූයේය.

    "අර පේනවද? අර අර්ගීස්‌ ගංගාවේ වතුර ඔය විදිහට රතුපාට ඇයි කියලා. ඒකට හේතුව ඩ්‍රැක්‍යqලා. ඩ්‍රැක්‍යqලා කීදාහක්‌ දෙනා මැරුවාද? ඩ්‍රැක්‍යqලාගේ බිලි පූජා හින්දා තමයි ඔය ගංගාවේ වතුර රතුපාට වෙලා තියෙන්නේ." මේ මෙම මඟේදී හමුවූ තවත් එක්‌ ගැමි ගොවියකු කියූ දෙයකි.

    සැබැවින්ම මෙවැනි දෙතුන් දෙනකු හැරෙන්නට වෙන කිසිවකු හෝ මේ මඟෙහි අපට දක්‌නට නොලැබුණේය. එහෙත් මේ මඟ පටන්ගන්නා අරේෆු ගම්මානය ආසන්නයේ ජල විදුලිය උත්පාදනය කරනා මධ්‍යස්‌ථානයක්‌ නම් ඇත්තේය. එහි මුරට ආරක්‍ෂකයකු විය. ඔහු සතුව ගිනි අවියක්‌ද විය. හෙතෙම අප දෙස බලා ඉවත බලා ගත්තා මිස කිසිවක්‌ කීවේ නැත.

    1913 දීත්, 1940 දීත් ඩ්‍රැක්‍යqලාගේ මාලිගය ආශ්‍රිත මේ කඳු ශිඛර ප්‍රදේශයේ පොළොව සෙලවීම්, භූමිකම්පා ආදිය සිද්ධවෙලා තියෙනවා. 1800 සියවසේදීත් එවැනි සිදුවීම්වෙලා තියෙනවා. ඒවාගේම මෙම ප්‍රදේශයේ අධික වැස්‌ස, වතුර ගැලීම් වාගේ දේවල් පවා සිද්ධවෙලා තියෙන බවට වාර්තා ලැබී තිබෙනවා. ඩ්‍රැක්‍යqලාගෙන් පස්‌සේ මේ මාළිගය හෝ මෙම මුළු ප්‍රදේශය කෙරෙහි කිසිවකුගේ හෝ විශේෂ අවධානයට යොමුවෙලා නැහැ. මෙන්න මෙවැනි කාරණා නිසා මේ ප්‍රදේශයේ සිටිනා අතලොස්‌සක්‌ වාගේ වයෝවාද්ධ ගැමි ගොවියන් තුළ ඩ්‍රැක්‍යqලා ජීවමාන බවට විශ්වාසයක්‌ තියෙනවා. ඒකයි ඔවුන් නුපුරුදු අප වැනි පිටස්‌තරයන්ට අනතුරු ඇඟවීම් කරන්නේ." ආචාර්ය අන්දෝ අපේ බිය සැක පහකළේය.

    drag1.jpg

    ඩ්‍රැක්‍යලාගේ ගරාවැටුණු මාළිගාව​

    කෙසේ නමුත් ලොව බොහෝ දෙනකු ඩ්‍රැක්‍යලාගේ මෙම මාලිගය සම්බන්ධයෙන් ප්‍රකාශ කරද්දී එය ලොව ඇති අමනුෂ්‍ය ගනයන් අතර විශේෂත්වයක්‌ දරන ස්‌ථානයක්‌ ලෙසට හඳුන්වා දෙන්නට නම් අමතක නොකරන්නේ කිසියම්ම හෝ රහසක්‌ එහි ඇති නිසාම විය යුතුය.

    අපට කඳු මුදුනේ ඇති දැවැන්ත ගෘහයක සේයා දක්‌නට ලැබුණේය. එහෙත් සිතනා තරම් ලෙහෙසි පහසුවෙන් ඒ වෙත යන්නට නම් නොහැකි සෙයකි. ඒ වෙත යන්නට ඩ්‍රැක්‍යqලාගේ කාලයේ සිටම වංගු සහිත තරප්පු පෙළක්‌ ඉදිකර තිබෙන්නේය. අප එකාසීරුවෙන් එම තරප්පු පඩිපෙළ මතින් ඉදිරිය බලා ඇදුනෙමු. මාගේ මතකය නිවැරදි නම් එහි පියගැට පෙළ අඩි එක්‌දාස්‌ පන්සියයකි. එනමුදු අප කණ්‌ඩායමේ සිටි තවත් කවුරුන් හෝ කීවේ එහි පියගැට එක්‌දාස්‌ අටසිය පනහක්‌ ඇති බවකි. රුමේනියානු රජය මෑත කාලයේදී මෙම පියගැටපෙළ නම් අලුත්වැඩියා කර ඇති බවක්‌ දක්‌නට ලැබුණේය.

    දැන් අප ඩ්‍රැක්‍යqලාගේ මාළිගා පරිශ්‍රයේය. එහෙත් එහි ඇත්තේ ගරාවැටුණු දැවැන්ත මාළිගාවක නටබුන් පමණෙකිය. කඳු මුදුනේ ඉතා සවිශක්‌තිමත් යෝධ කුළුණු යොදා එය ගොඩනංවා තිබුණු බවට නම් සාධක එහි ඇත්තේය. අප කවුරුත් දන්නා ගඩොල් වලට ඉතා සමාන අන්දමේ ගඩොල් විශේෂයක්‌ මේ මාළිගය ඉදිකිරීම සඳහා යොදාගෙන තිබෙන්නේය. එම ගඩොල් එකිනෙක මත තබා බිත්ති බැඳීම සඳහා සිමෙන්තිවලට සමාන යෑයි සිතිය හැකි විශේෂ සවිශක්‌තිමත් බදාම විශේෂයක්‌ ද එකළ යොදාගෙන තිබුණු සෙයකි. අති දුෂ්කර කඳු මුදුනක මෙවැනි විශාල මාළිගයක්‌ ඉදිකිරීම සඳහා එකල කොපමණ නම් කැපකිරීමක්‌ කරන්නට ඇත් දැයි ඒ දෙස බැලීමේදී සිතෙන්නේය.

    දසතින් සීත සුළං හමා එමින් තිබුණේය. ඝන මීදුම ද ඈත සිසාරා තිබුණේය. මීට වසර පන්සිය පනහකට පමණ පෙර උණු ලේ දකිමින් එම ලේ හලන්නන්ගේ මරලතෝනි අසමින් මේ මාලිගයේ සිට ඩ්‍රැක්‍යqලා කුමරු අපමණ ප්‍රීතියට පත්ව සිටි බව ඔහු සම්බන්ධ ඇතැම් ඉතිහාස සටහන්වල සඳහන් වන්නේය. ඉතා දරුණු ප්‍රතිපත්ති ඇති ඔහු සිය දේශපාලන විරුද්ධවාදීන්ටද, සතුරන්ටද, විවිධ වැරදි කර අසුවන රටවැසියන්ටද තරාතිරමක්‌ නොබලා දැඩි දඬුවම් ලබාදුන් බව නොරහසකි. බොහෝවිටම එම දඬුවම උල තියා, උණු ලේ වගුරුවා මරා දැමීමකි. අත්, පා ඇතුළු ශරීර අවයව කපා, කොටා මරා දැමීම, පණපිටින් වළ දැමීම, උල් ලී සහ උල් යකඩ කූරුවලින් ඇන මරා දැමීම, එල්ලා මරා දැමීම, උණු වතුරේ ගිල්වීම, සතුරන්ගේ ශරීරයේ ඇති ඇස්‌, කන්, නාසා, රහසඟ ආදිය කපා අනෙකුත් වැරදිකරුවන්ට අමුවෙන්ම අනුභවයට දීම ඇතුළු ඉතා දරුණු ක්‍රියාමාර්ගවලට ඩ්‍රැක්‍යqලා කුමරුන් පෙළඹී සිටියේය. ඔහු වසර ගණනාවක්‌ පුරා මෙම මාළිගයේ දිවි ගෙවමින් එවන් පිළිකුල් සහගත දරුණු වධහිංසාවන්ට අණ දී ඇත්තේය.

    එමෙන්ම මාළිගා පරිශ්‍රයේ සිට එම වධබන්ධන නරඹා ඇත්තේය. ඉතින් ඩ්‍රැක්‍යලාගේ පමණක්‌ නොව දස වධ විඳ එලෙස මියගිය අනෙකුත් මළගියවුන්ගේද හොල්මන්, භූතාවේෂ, සෙවනැලි ආදිය මෙහි නොතිබෙන්නටද හේතුවක්‌ නම් නොමැත්තේය.

    divaina news paper

    drag2.jpg
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    2147154260014959843S600x600Q85.jpg
    ඩ්‍රැක්‍යලාගේ ගරාවැටුණු මාළිගාව
     
    Last edited: