ජීවත් වෙන්න හොදයි. ඩුබායි, අබුඩාබි තමා ලස්සන ඉතින්. ඩුබායි ජොබ් කරන අය ගොඩක් සාජා, අජ්මාන් ඉන්නවා, living cost එක ඩුබායි වලට සාපේක්ශව ටිකක් අඩු නිසා. මාත් ඉන්නේ සාජා. ඔෆිස් ඩුබායි වල. අවුරුදු 1 1/2 වගේ. අවුරුදු 8ක් වගේ අබුඩාබි හිටියා. කාටවත් කරදරයක් නැතුව ඉන්නව නං ජීවත්වෙන්න සුපිරි රටවල් බං. ටැක්ස් එක 5% යි. ඒක පටන් ගත්තෙත් 2018. කෑම, බීම කොලිටිය ඉතා හොදයි. ඒවගේ ගනං වැඩි වෙන්නේ ඉතාමත් කලාතුරකින්. Electronics බඩු No.1 quality. Dubai, Abu Dhabi වල Rent එක ටිකක් වැඩි. Sharjah, Ajman අඩුයි. Public transport ඒකියන්නේ බස්, ගමනාගමනය ඉතා හොදයි. ඕනතරම් Taxi තියෙනවා. කොහෙගියත් Highway. රෑ වෙනකං කඩ ඇරලා. මිනිස්සු පාරේ. Weekend වල ඊටත් වැඩි. අපේ ඉස්කෝල නං මෙහෙ නෑ. ලමයි ඉන්නවනං ඉස්කෝල වලට බර ගානක් යනවා. ඉතුරු කරන්න වෙන්නේ නං නෑ හොද පඩියක් නැත්නං. හොයන ගාන වියදං කරං ඉන්න වෙන්නේ. ටිකක් හොද පඩියක් ගන්නවනං, ඉන්නේ තනියම නං ගේමක් ගැහුවහැකි. මගේ ලෝන් එකක් තියෙනවා. පහුගිය මාස 4ටම සතපහක් කැපුවේ නෑ. මෙහෙ ලෝකල් මිනිස්සු හරිම හොදයි. ඕන කෙනෙක්ට රෙස්පෙක්ට් කරනවා. උඹලා විසිට් එකකට ඇවිත් බඩුවක් ගත්තොත් යනකොට ඒක Airport එකේදි VAT claim කරන්න පුලුවන්. මම ගිහින් තියෙනවා Qatar, Saudi, Bahrain, Oman, Kuwait. මගේ මතයට අනුව මෙහෙ තමා හොදම. ජයවේවා...