ඩෙංගු තෙලේ මිත්‍යාව.
මේ දිනවල ඩෙංගු රෝගය ඉතා සීග්‍රයෙන් පැතිර යනවා. රෝහල් වල ඩෙංගු රෝගීන්ගෙන් පිරි ඉතිරිලා ගිහින්. ඩෙංගු වයිරසය සඳහා ප්‍රතිශක්තීකරණ කිසිවක් තවම සොයා ගෙන නැත. දැනට ලබා දෙන ප්‍රතිකර්ම වන්නේ රෝගියාට පහසුව සැලසීම සහ නිවැරදි අයුරින් දියර මගින් සජලනය කිරීමය. රෝහල තුලදී ලැබෙනා ඇද විවේකය(Bed rest)මෙහිදී විශේෂ කාර්යයක් ඉටු කරයි. ඩෙංගු රක්තපාත රෝගය ඇති රෝගියකු නම් තෙවන දිනයේ සිට ඉතා ප්‍රවේශමෙන් සජලනය කළ යුතුය.
ශ්‍රී ලංකාවේ වේගයෙන් පැතිරෙන ඩෙංගු රෝගයෙන් මේ වන විට බොර දියේ මාළු බාමින් තම මඩිය තර කරගන්න පිරිසක් බිහිවී ඇත. තෙල් ආලේප කරමින් ඩෙංගු රෝගය සනීප කරන වෙදුන් බිහිවී ඇත. තව අම්බලන්ගොඩ ප්‍රදේශයේ බිමට බෙහෙත් හදයි. දැනට සති කිහිපයකට උඩදී මාගේ මිත්රයෙකුට ඩෙංගු රෝගය සෑදී අසාධ්‍ය වී රෝහල් ගත කෙරුණි. පසුව ඔහුගේ සහෝදරයෙකු අම්බලන්ගොඩ ප්‍රදේශයේ බෙහෙත් හදන තැනකට ගොඩ රාත්‍රිය පහන්වන තුරු පෝලිමේ සිට බෙහෙත් තෙල් කුප්පියක් ගෙනිවිත් ඔහුට පෙවුවේය.
පසුව මාගේ මිත්‍රයා කෙමෙන් සුව අතට හැරුණි. දැන් මහා ඉහලින් ඔවුන් ලබා දුන් තෙල් බෙහෙත ගැන වර්ණනා කරයි. ඔහුගේ ජීවිතය බේරුවේ ඔහු පානය කල තෙලෙන් කියා වෙදාට පින් දිදී තව තවත් වර්නනා කරයි.
ඇත්තටම අද වන තුරු කිසිම බෙහෙතක් ඩෙංගු රෝගය වෙනුවෙන් සොයාගෙන නැත. රෝගියා සුව අතට හැරෙන්නේ ඔහු හෝ ඇය ලබන ඇඳ විවේකයෙනි. එයට අමතරව ඔහුව සේලයින් සහ වෙනත් දියරමය අධාරයෙන් සජලනය කිරීමෙන්ය. මේ සඳහා නිවැරදි පුහුණුව ලත් වෛද්‍යවරු සහ හෙද කාර්යමණ්ඩලයක් අවශ්‍ය වේ. රෝහලේදී ලබාදුන් විවේකය සහ සජලනය මගින් ඩෙංගු රෝගියා නිවැරදිව සුව වන අතර මිනිසුන් විශ්වාස කරන්නේ වෙදාගෙන් ලබා ගත තෙල්වලින් සුවවූ බව කියාය.
අවසානයට කියන්නේ ඕන තෙලක් බැරිනම් මොක කලත් කමක් නැහැ කරන දෙයක් රෝහලක ඉඳලා කලාට කමක් නැහැ. නැතුව මෝඩ කමට නිවසේ නතරවී ගොඩ වෙදකම් කිරීමෙන් වෙන්නේ මාරුව සමග දීග යන්නටය.

Last edited: