ඩෙනිමේ කතාන්දරය(story of denim)
වත්මන් යොවුන් පරපුර වඩාත්ම ප‍්‍රියකරනු ලබන ඇඳුම් විලාසිතා කීපයක් ම තිබේ. ඉන් ඩෙනිම් (Denim) නමින් හැඳින්වෙන ඇඳුම් මෝස්තරවලට ඔවුන් බෙහෙවින් ම ප‍්‍රිය මනාප බවක් දක්වන බව රහසක් නොවේ. අද විශ්ව ගම්මාන හරහා විසිරි සිටින කුඩා දරුවන් ද තරුණ පරපුරද, වැඩිහිටියන්ද, මහල්ලන්ද ලිංග භේදයකින් තොරව ඩෙනිම් ඇඳුම් ඇඟලා ගැනීමට කැමැත්තක් දක්වන බව පෙනේ.ඇඳුම් මෝස්තර විලාසිතා අතරට ඩෙනිම් ඇඳුම් අහම්බෙන් එක් වූ ෆැබ්රික් රෙද්දක් බව කියනු ලැබේ. මීට ශත වර්ෂ ගණනාවකට ඉහතදි රෙදි නිෂ්පාදකයන් විසින් සොයා ගන්නා ලද මෙම ඇඳුම පසු කලකදි ’ඩෙනිම්’ නමින් හඳුන්වන ලදී. පසුකලකදී අප කා අතරත් ජනප‍්‍රිය වූ ජීන්ස් නැමැති කලිසම්ද ජැකට්ස් නමැති උඩ කබාද මහන්නේ ඩෙනිම් ඇඳුමෙනි.ඩෙනිම් ඇඳුම් වර්ගය, ඉන්දියානුවන් විසින් හඳුන්වනු ලබන කාකි ඇඳුමට බොහෝ සමාන්තරව යන්නකි. කලක් බටහිර ලෝකයේ රදළයන් විසින් ඩෙනිම් ඇඳුම හෙලා දකින ලද්දේ එය තැලෙන පොඩිවන කම්කරුවන් හා පුංචි මිනිසා විසින් ප‍්‍රයෝජනයට ගන්නා ලද ගොරෝසු ඇඳුමක් බව සමච්චලයට ලක් කරමිනි. මෙසේ රදළයන්ගේ උපහාසයට යොමු වූ ඩෙනිම් ඇඳුම (ජීන්ස් කලිසම) පසුකලදී ප‍්‍රධාන පෙළේ ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පීන්ගේ ඇසට ලක් වෙමිනි.
බර වැඩ කරනු ලබන පුංචි මිනිසාගේ ගොරොසු ඇඳුමක් බවට පත් වී තිබුන ඩෙනිම් ඇඳුම, ඇඳුම් නිර්මාණ ශිල්පීන් ගේ අතට පත්වීමත් සමග ඔවුහු එයින් අලුත් ඇඳුම් මෝස්තර විලාසිතාවක් නිර්මාණය කර වෙළඳ පොළට හඳුන්වා දුන්නා. පසු කලකදි ජීන්ස් කලිසම් හා ජැකට් බහුතර ජනතාවගේ ජනප‍්‍රියම ඇඳුම් මෝස්තරයක් බවට පත් වූයේ ඉන් ඉක්බිතිවය. ජීන්ස් ඇඳුම් පිළිබඳ උන්මාදයකුත්, ඩෙනිම් සංස්කෘතියකුත් විශ්ව ගම්මාන හරහා පැතිරී යෑමට මෙම සංසිද්ධිය පසු කලකදී තදින්ම බලපෑවේය.ඩෙනිම් ඇඳුමේ උපත ද ඉතා රසවත් එකකි. එය දකුණු ප‍්‍රංශයේ නිම්සා නමැති ගම්මානයේ රෙදි නිෂ්පාදකයකු විසින් සොයා ගන්නා ලද්දක් බව කියනු ලැබේ. සර්ගෙ ඩි. නිම් (Serge de nim) නමැති නම පසුකලකදී ඩෙනිම් වූ බවත් මෙයට එම නම තබන ලද්දේ ප‍්‍රංශයේ නාවිකයන් විසින් බවත් කියන කතාවක් පැරණි පොත්පත් වල සඳහන් වෙයි. දහනවවෙනි ශත වර්ෂයේදී පමණ ප‍්‍රංශ නාවිකයන් ඩෙනිම් රෙද්ද සොයා ගත් බවත් ඉන් පසු ඔවුහු එය රුවල් නැව්වල රුවලට භාවිතා කළ බවත් කියති. රුවල්වලට භාවිතා කරන ලද ඩෙනිම් රෙද්දෙන් ඉතිරි වූ රෙදිවලින් ඔවුහු කලිසම් මසා ප‍්‍රයෝජනයට ගත් බව ද කියවේ.
එකල රුවල් නැව්වල රුවලට පාවිච්චි කරන ලද්දේ සුදු ඩෙනිම් ය. බරවැඩවල යෙදී සිටිය නාවිකයන්ට සුදු රෙද්දෙන් මසන ලද කලිසම ප‍්‍රශ්නයක් විය. බර වැඩවල නිතර වී සිටීම නිසාත් නිතරම තෙල් සහ මජන් වැනි දේ ගෑවීම නිසාත් ඔවුන්ගේ සුදු ඩෙනිම් කලිසම අපවිත‍්‍ර වී ගියේය. පසුව ඩයි වර්ගයක් යොදා ඩෙනිම් රෙද්දේ සුදු ඔවුහු නැති කර ගත්හ.දාහතරවෙනි ශත වර්ෂයේදී ඩෙනිම් රෙද්දෙන් ජීන්ස් නමැති කලිසම් වර්ගය නිෂ්පාදනය කොට මහා පරිමාණයෙන් වෙළඳ පොළට නිකුත් කිරිමට එකල රෙදි නිෂ්පාදනයට ප‍්‍රසිද්ධියක් ඉසුලූ ලෙවි ස්ට‍්‍රාවුස් සහ සමාගමද(Levi Strausst & Co) ලි සහ සමාගමද(Lee & Co) ඉදිරිපත් විය. ලෙවි සමාගම 1856 දී ද ලී සමාගම 1889 දී ද ආරම්භ කරන ලද රෙදි නිෂ්පාදන ආයතන දෙකකි.ජීන්ස් කලිසම මුලින්ම භාවිතා කරන ලද්දේ නාවිකයන් විසින් බව එහි ඉහතින් සඳහන් කළෙමු. පසු කලකදි එය නොයෙකුත් කර්මාන්තයන්හි යෙදී සිටින කම්කරුවන් අතරද පැතිර ගියේය.
යෞවනයේ උන්මාදනීය වූ ඩෙනිමේ කතාන්දරය.