ඩෙස්පුටු එල්ලල ෆෑන් පෙති නවලා

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හිතපන් ඉතිං ඔය ළමයි වැඩිහිටියෝ හැටියට සමාජෙට ආවම කොහොමද කියලා..අද්‍යාපනයට ඉස්සරහින් හැදියාව තියෙන්න ඕන කියන එකට උදාහරණයක්
    මෙන්න මේ වගේ වෙනවා සමාජෙට ආවම
    1686368697551.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    හිතපන් ඉතිං ඔය ළමයි වැඩිහිටියෝ හැටියට සමාජෙට ආවම කොහොමද කියලා..අද්‍යාපනයට ඉස්සරහින් හැදියාව තියෙන්න ඕන කියන එකට උදාහරණයක්
    අනාගත ජන්ද දායකයෝ ගැන පැහැදිලි අවබෝධයක් ආවද මහත්‍තයො
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අනාගත ජන්ද දායකයෝ ගැන පැහැදිලි අවබෝධයක් ආවද මහත්‍තයො

    ඔව් බං හැබැයි ඊටවඩා දුක හිතෙන්නේ හරි විදිහට ගුණධර්ම කියලා දීලා යහපත් විදිහට දරුවෝ හදන දෙමව්පියෝ කීපදෙනා ගැන. හරියට හැදිච්ච සුළුතරයකට ඉස්සරහට ජිවත්වෙන්න වෙන්නේ බහුතරයක් වෙච්ච මේ වගේ සත්තු එක්ක. උන්ට තියෙන අවදානම සුළුපටු නෑ. එක්කෝ උන් අර බහුතරයට එකතුවෙන්න ඕන එහෙම නැත්නම් උන්ට ගැලපෙන මිනිස්සු ඉන්න රටකට යන්න ඕන ඔතනින් වැඩිපුරම වෙන්නේ දෙවෙනියට කියපු එක. අන්තිමට ලංකාව ඇතුලේ ඉතුරුවෙන්නේ රටේ මහපුටුවල ඉන්න උන් බලාපොරොත්තු වෙන ජාතියේ චන්දදායකයෝ ටිකක්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ඔව් බං හැබැයි ඊටවඩා දුක හිතෙන්නේ හරි විදිහට ගුණධර්ම කියලා දීලා යහපත් විදිහට දරුවෝ හදන දෙමව්පියෝ කීපදෙනා ගැන. හරියට හැදිච්ච සුළුතරයකට ඉස්සරහට ජිවත්වෙන්න වෙන්නේ බහුතරයක් වෙච්ච මේ වගේ සත්තු එක්ක. උන්ට තියෙන අවදානම සුළුපටු නෑ. එක්කෝ උන් අර බහුතරයට එකතුවෙන්න ඕන එහෙම නැත්නම් උන්ට ගැලපෙන මිනිස්සු ඉන්න රටකට යන්න ඕන ඔතනින් වැඩිපුරම වෙන්නේ දෙවෙනියට කියපු එක. අන්තිමට ලංකාව ඇතුලේ ඉතුරුවෙන්නේ රටේ මහපුටුවල ඉන්න උන් බලාපොරොත්තු වෙන ජාතියේ චන්දදායකයෝ ටිකක්.
    ආන්න හරි යකාගේ හැටියට විමානේ . උද්දච්ච සිංහලයව හදන්න අමාරුයි . අපිට විනය පිඨකයක් තිබ්බට එක පොතේ ලියලා විතරයි තියෙන්නේ මහත්තයෝ , ආගමක් ධර්මයක් තිබ්බට අදහන්නේ දන් සැල් තොරන් බලන්න යන්න විතරයි . මෙක ශෝ ඔෆ් එකට දුවන රටක් මහත්තයෝ.
     
    • Sad
    • Like
    Reactions: Ryan08 and NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    2000 passe un: api migrate wenna inne enisa
    mehe wadak na.. api ganna athal ekak aran AL walin passe rata yanawa..
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ළමයි ඇයි වැන්ඩලයිස් කරන්නෙ? මොකක්ද උන් ඒ එක්ස්ප්‍රෙෂන් එකෙන් බලාපොරොත්තුවෙන්නෙ? මට තරමක් විශ්වාසයි මේ පන්ති කාමරය වෙනදට හිර ගෙයකට සමාන ඩිසිප්ලින් එකක් මේන්ටේන් කරවපු තැනක් කියල.

    කිසිම තේරුමක් නැතුව විනාශය කරන හෝ කෙයොටික් වෙන හැසිරීමක් තියෙනව තමා නමුත් ඒ වියුක්ත ජාතියෙ විනාශය කලාතුරකින් දකින්න ලැබෙන ආන්තික තත්ත්වයක් (Graham Greene ගෙ The Destructors පොතේ ඉන්නෙ මේ ජාතියෙ කොල්ලො ටිකක්). ඒ හැර අනිත් හැම වැන්ඩලයිසේෂන් එකකම බොහෝ විට යම් ප්‍රකාශණයක් තියෙනව.

    හනේ හපොයි දැන් කාලෙ උන් අපිට වඩා කොයිතරම් සවුත්තුද ද කියල මෝරල් හයි ග්‍රවුන්ඩ් ගන්න මේ සිද්දි පාවිච්චි කරන්නත් පුලුවන් (මේක ප්‍රෝඩාවක්...මන් දැකල තියෙන විදිහට මේ වගේ නසරානි වැඩ හැමදාම සිද්ද උනා)...එහෙම නැත්තම් මේ එක පෙලට තියෙන කාමර, කුඩා ජනේල, කොට බිත්ති, යකඩ දැල් ආකෘතිය (ඉස්පිරිතාල සහ හිරගෙවල් ආකිටෙක්චර් එක) මේ සමහර හෝමෝනල් ළමයින්ගෙ මනසෙ තියෙන ආවේගයන්ට කරවන වෙනස් කම් ගැන කතාකරන්න පාවිච්චි කරන්න පුලුවන්.

    මේ තරම් වයලන්ට් ජාතියක්...භෞතිකව, භාෂණයෙදි ප්‍රචණ්ඩකාරී නොවී ඉන්න බැරි වැඩිහිටියො පොඩි උන්ට බන කියනව දැකීම මරු සීන් එකක්.
     
    Last edited:
    • Like
    Reactions: cheyrav