දියුණු වෙන්නෙ නැද්ද බන් හෙන ගිනි පොලියටනෙ දෙන්නෙ.
හුඟක් පොළවල් වල වෙන්නෙ මෙහෙමයි. ගොඩක් එවුන්ට අයිති පොලේ අදාල පොට් එක විතරයි. ඒකත් බොහෝ දුරට දේශපාලුවෙක්ට, චන්ඩියෙක්ට පන්දම් අල්ලලා සෙට් කරගන්නෙ. නැත්නම් පරම්පරාවෙන් එනවා.
සමහර එවුන් බඩු ටිකක් හරි එකම දෙයක් අරන් එන්නෙ. නැත්නම් මුකුත් නැතුව. ඊටපස්සෙ පොලී මුදලාලිගෙන් පොලියට සල්ලි අරන්. ඒවලින් බඩු ගන්නවා. ගොඩක් වෙලේට පොලේම අනික් මිනිස්සුන්ගෙන් තමයි සල්ලි වලට ගන්නෙ.
ඊටපස්සෙ හවසට බේරනවා. 2000ක් විතර ගත්තොත් 2200ක් විතර හවසට දෙනවලු ඒ කාලෙ. ඊටපස්සෙ ඌ ලාභෙ හොයාගෙන වියදම් කරනවා.
මට පේන දේ තමයි ඔය වගේ පොලී වලින් බිස්නස් දුවන උන් ජීවිත කාලෙම පොළී තමයි. පොළියට ගන්නවා බිස්නස් කරනවා . සල්ලි බේරනවා වියදම් කරනවා. උන්ට තමුන්ගෙම මුදලක් හදාගන්න උවමනාවක්/දැනුමක් නෑ. අපි දන්න ගොඩක් එවුන් හිටියා ඔහොම තමයි රෝල ගහන්නෙ. මම අනන්තවත් කියලා ඇති නාස්ති කරන සල්ලි වලින් මුදලක් හදාගත්තා නම් ආයෙ පොලී කාරයින්ට දෙන්න ඕනෙ නෑනෙ කියලා. ඒත් කවදාවත් එහෙම කරන්නෙ නෑ.
අපි දන්න එකෙක් හිටියා ඌට හරි හමන් ජොබ් එකක්වත් තිබ්බෙ නෑ. උන්ගෙ අම්මා ඉඳි ආප්ප විකුනලා පවුල ගෙනිච්චෙ. දැන් හාර්ඩ්වෙයාර්ම පහ හයක් තියෙනවා ඌට තව බිල්ඩින්ග් තියෙනවා. ඩේලි දීලමයි ගේම ගැහුවේ.
ඌ නම් කරේ එක එක පැති පලට කට හැකර ගෑණු සෙට් එකක් නියෝජිතයෝ කරගත්තු එක. ඒ ගෑණිගෙ මාර්ගෙන් තමයි දෙන්නෙ. පොළී එකතු කරලා දෙනවට ඒ ගෑණිට කොමිස් එකක් දෙනවා.
------ Post added on May 30, 2024 at 11:15 AM