ඩොකා රිමාන්ඩ්
පැපිලියාන වික්‍රමරත්න මාවත අසළදී පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතාව මෝටර් රථයෙන් හප්පා අනතුරට ලක්කර මරණයට පත්කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි විශේෂඥ වෛද්‍යවරිය මෙම මස 16 වැනි දා දක්වා යළි රිමාන්ඩ් ගත කරන ලෙස නුගේගොඩ අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සුනිතා නානායක්කාර මහත්මිය නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ රත්නපුර මහ රෝහලේ දියවැඩියා රෝග විශේෂඥ වෛද්‍යවරිය වූ නිලානි කාවිංගා මහත්මියයි.







