Questions ඩොකා ල MBBS, MD

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,468
    12,404
    113
    35
    Spain
    FRCS කියන්නේ රාජකීය විද්‍යාලය නෙවේ බන් එක වෛද්‍ය සංගමයක්. ඒ සංගමේ සාමාජිකත්වය ලැබෙන්නේ සංගමේ නීති වලට වෙන්න ඇති. MD කියන්නේ විශේෂඥ උපාධිය. MBBS එක මූලික උපාධිය. මන් මේ ගැන කිසි දෙයක් දන්නේ නැහැ. ඔය ලියල තියෙන ටික සාමාන්‍ය දැනීම. ඕක නිවැරදි නොවෙන්නත් පුළුවන්. අහල බලමු දොස්තර මහත්තුරු කීප දෙනෙක්ගෙන්. @Bad_horse @emoji diaries @Purple2022 @Roxxy2K
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    667
    1,961
    93
    33
    ඩොකා ල MBBS, MD තිබුනම ඇතිද
    FRCS
    වගේ රෝයල් කොලේජ් එකේ අයද හොදම
    MD කියන්නේ PhD level එක medical education වලදී. Consultant කෙනෙක් වෙන්න MD වෙනකම් ඉගෙන ගන්න ඕනේ. FRCS කියන්නේ Fellowship of the Royal College of Surgeons ඕක අදාල වෙන්නේ surgery consultant ලට. UK වල surgery consultant ලාට FRCS තියෙනවා. දැන් UK college of surgeons ලංකාවේ MD Surgery, UK same level කියල පිළිගන්නා නිසා FRCS automatically හම්බෙනවා ලංකාවේ MD Surgery pass නම්. Anaesthesia එකත් එහෙමයි. එකට හම්බෙන්නේ FRCA Fellowship of Royal College of Anaesthetists. අනිත් ඒව නම් මම දන්න තරමින් සල්ලි ගෙවලා UK exam එක ලියලා තමා ගන්න වෙන්නේ. ලංකාවේ ඔය විදියට quality maintain කළොත් තමා ලංකාවේ MD එක අරන් foreign training කරන්න රට යන්න පුළුවන්. ඔවා automatically හම්බෙන්නේ නැති MD degree ගත්ත අය foreign training කාලේම ඒ exam UK වල ලියලා Fellowship අරගෙන මෙහෙට එන්නේ. Same theory නිසා ලියලා pass වෙන්න ලේසි. Surgery, Anaesthesia වල UK college වලින් සුද්දෝ exam වලට එනවා. තව curriculum updated ද, UK system විදියට යනවාද කියල හොයල බලනවා. ඒකයි automatically FRCS, FRCA එක ලංකාවේ exam එකෙන් විතරක් වුණත් හම්බෙන්නේ

    IMG-20260725-WA0036.jpg


    මේකේ MBBS කියන්නේ level 6 - Bachelor Honours equivalent එක. MD කියන්නේ level 12 PhD equivalent
    ------ Post added on Jul 27, 2026 at 6:48 PM
     
    Last edited: