ඩොමන් එකක් හරියට ගන්නේ කොහොමද? tutorial

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ඩොමන් එකක් හරියට ගන්නේ කොහොමද? tutorial

    වෙබ් සයිට්/බ්ලොග් කරන්න,කරන්න හිතන් ඉන්න,ඉගන ගන්න අස අයට වැදගත් ලිපියක්.මෙක කොහෙන්වත් කට් ඇන්ඩ් පේස්ට් නෙමේ මගෙ අත්දැකීම් අනුව කියන්නේ.
    මන් ලිපියක් ලියද්දි මුලක් ඉදන් හැමදේම ආවරනය කරන්න උත්සහ කරනවා.මොකද මමත් තනියම ඉගන ගත්ත පොරක් විදියට එකේ වටිනාකම හොදට දන්නවා.

    (සැලකිය යුතුයි – මා සමහරක් වගේ සියල්ල දන්නා යැයි කියා ගන්නා අයෙකු නොවේ.මා නොදන්න බොහෝ දැ මේ විශයට තිබෙන බව මා බොහොම නිහතමානීව පිලිගන්නවා.මා අතින් වැරදි යමක් ලියවි ඇති නම් නිවරදි කරන මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා )
    මුලින්ම මොකක්ද මේ ඩොමේන්(domain) කියන්නේ?
    ඔබව කාටහරි සම්බන්ද කරගන්න අවශ්‍ය නම් මොකද කරන්නේ?ඔබට දුරකථන ඇමතුමක් දෙනවා නෙද?එතකොට ඔබට අමතන්න ඔබටම කියලා වෙන් කරපු අන්කයක් තියෙනවා.ඒ වගේ තමයි,ඔනම වෙබ් අඩ්වියකට(වෙබ් අඩවි වලට පමනක් සීමා නොවේ) ලිපිනයක් අවශ්ය වෙනවා,මොකද වෙබ් අඩ්විය ගබඩා කරලා තියෙන්නෙ වෙබ් සර්වර් එකක,එකට අපි බ්‍රව්සරයෙන් අමතනවා වගේ වැඩක් වගේ ටමයි මෙතනදි වෙන්නේ.සැම වෙබ් සර්වර් එකක්ටම එකටම ආවේනික IP ලිපිනයක් තිබෙනවා.එකෙ හරියට අපේ දුරකථන අන්කය වගේ.එක දන්නවා නම් අපිට අදාල වෙබ් අඩවියට ලගාවෙන්න පුලුවන්.
    එතකොට මේ IP ලිපිනයයි ඩොමේන් එකයි අතර සම්බන්දෙ?
    IP ලිපිනය හරියට මේ වගේ එකක්.උදාහරනයක් විදියට ගත්තොත් අපේ මේ www.myshouter.com සයිට් එකට අදාල ලිපිනය වෙන්නේ 174.36.82.199. එතකොට මේ කෙහෙම්මල් අන්ක ටිකද මතක තියා ගන්න ලෙසි නැත්තම් www.myshouter.com කියන එකද?
    මෙන්න මෙතනදි තමයි ඩොමේන් නේම් කියන සන්කල්පය,තාක්ශනික ප්‍රමිතිය වැදගත් වෙන්නේ.ඩොමේන් නේම් එක හරියට කිව්වොත් myshouter කියන්නේ නේම් එක .com කියන්නේ ඩොමේන් එක.
    ඩොමේන් නේම් වලට අදාල සර්ව බලදාරි දෙවියන් වහන්සේ වෙන්න ICANN කියන ලාබ නොලබන පෞද්ගලක සමාගම. ICANN කියන එකේ තෙරුම Internet Corporation for Assigned Names and Numbers.මොවුන් තමයි ඩොමේන් නාම වලට අදාල ප්‍රමිති සහ නීති සකසන්නේ මුලු ලොකයටම අදාල වෙන්න(ලේසි නැ :yes: )මේ පිලිබදව සම්පූර්න ලිපියකින් ලියන්න මම බලාපොරොත්තු වෙනවා පස්සට(ලොල්)
    .com , .net , .org , .biz , .mobi , .co කියලා ඩොමේන් වර්ග කීපයක් තිබෙනවා,මේ ලගදි .XXX කියලා එකකුත් දැම්ම වැඩිහියන්ට පමනක් අයිති වෙබ් අඩවි වලට විශේශයෙන්(හොයගන්න ලේසි වෙන්න අපේ අයියලට;);) )
    මීට අමතරව එක් එක් රටට වෙන් උනු ඩොමේන් තිබෙනවා.උදාහරනයක් විදියට .lk කියන්නේ අපේ රටට අදාල ඩොමේන් එක,
    දැන් එතකොට ඔය ඩොමේන් එකක් ගන්නේ කොහොමද?
    ඔයාට ICANN එකෙන් නම් ඩොමේන් ගන්න බැහැ.නමුත් එකට බලයලත් නියොජිතයන් ඉන්නවා.මන් ඩොමේන් ගත්තේ GoDaddy.com සහ Domain.com කියන සමගම් දෙකෙන් .GoDaddy.com කියන්නේ ඩොමේන් ගන්න ලොකේ ජනප්‍රිය වෙබ් අඩවියක්.දැනට මන් ගන්නේ Domain.com කියන එකෙන් godaddy තරම් නොවුනත් එයාලත් හොද සේවයක් දෙනවා.
    මේ දෙක විතරක් නෙමේ තව බොහො වෙලද නියොජිතයන් ඉන්නවා.නමුත් මන් අරන් තියෙන්නේ මේ අයගෙන් විතරයි.
    ඉට අමතරව තව ඔයාල වෙබ් හොස්ටින්ග් ගන්නකොටම ඩොමේන් ගන්න පුලුවන් ඒ අයගෙන්ම ,නමුත් මන් නම් එක අනුමත කරන්නේ නැ.හැම වෙලාවෙම හොස්ටින්ග් ගන්න තැනින් ඩොමේන් ගන්නේ නැතිව ඉන්න එක ඇගට හොදයි.මේ ෆීල්ඩ් එකේ ඉන්න අය නම් එකට හෙතුව දන්නවා. ලොල්
    ඉට අමතරව ලන්කාවේ වෙලද නියොජිතයන්ගෙන් ගන්නත් එපා.මොකද ඩොමේන් නේම් එක කියන්න විසීඑක් වන සියවසේ පිලිගත් ඔබේ වත්කමක්,එය ඔබේ නමටම තිබිය යුතුයි.මොකද නමක් කියන්නේ වටින දෙයක්.නියොජිතයන්ගෙන් ගත්තොත් එක ලියපදින්චි වෙන්නෙ එයාලගේ නමට,නඩු කියලවත් ඔයාට එක ගන්න බැ.හිතන්න ඔබ ඒ විදියට අරගෙන එයාලගෙන් සේවය හරියට නැ කියලා.එතකොට ඔයාට ඒ සේවය අතහැරලා යන්න බැ වෙනතනකට.මොකද ඔයාගේ වෙබ් සයිට් එකේ වටිනාම දේ ඔයට අයිති නැ.
    තව ඔබ ඔබේ නමට ඩොමේන් නේම් එකක් ගත්තම එක නීතිමය ගැටලුවක් නැත්තම් ,බැරැක් ඔබාමටවත් ඔබෙන් එක බලෙන් ගන්න බැ.හරියට ඔබේ නමට තියෙන ඉඩම් ඔප්පුවක් වගේ.වෙබ් අඩවියක් කරන අය ඩොමේන් එකක තියෙන අතිශය වටිනාකම හොදට තෙරුම් ගන්න ඔන.
    ඩොමේන් එකක් ගන්න පුලුවන් අඩුම කාලය අවුරුද්දයි.ඔබ අවුරුද්දකින් නැවත එයට අලුතින් මුදල් ගෙවලා අලුත් කලේ නැත්තම් එය නැවත වෙන අයෙකුට මිලදි ගන්න පුලුවන්.නමුත් ඔබට එක වර මුදල් ගෙවලා අවුරුදු කීපයකට ගන්න පුලුවන් .එකෙන් අනවශ්‍ය කරදර නැති වෙනවා ,මුදලුත් ටිකක් ඉතුරුවෙනවා.
    මේ සම්බන්දව මට මරු කතාවක් මතක් වෙනවා.කට්ටය දන්නවා ඇතිනේ ආර්පිකො එක?ඔව් ඔව් අර රබර් කොම්පනිය.එකේ මනජ්මන්ට් එක වෙනස් වුන කාලෙක එයාලගේ ඩොමේන් එක එක එක්ස්පයර් උනා.මෙක පොරක් පටස් ගලා අරන් දාගත්තා.අන්තිමෙදි ඩොමේන් නෙම් එක ආර්පිකො එකට ගන්න උනේ රුපියල් මිලියන 2 කට ආසන්න මුදලක් ගෙවලා.රුපියල් 5600ක් වෙන ඩොමේන් එක කොහොමද ගිය හැටි.එකෙන්ම තෙරුම් ගන්න ඩොමේන් එකක තියෙන වටිනාකම.
    ඩොමේන් එකක් ගන්න ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අවශ්‍යම නැ.මන් දැන් නම් මගේ වැඩ වලට ක්‍රෙඩිට් කාර්ඩ් එකක්(අපෝ එක නම් ඉඩම් නඩුවක් බොල ) පාවිච්චි කලාට මන් මුල් දවස් වල ඩොමේන් ගත්තේ ඩෙබිට් කාර්ඩ් වලින්.
    ඩෙබිට් කාර්ඩ් එකක් ඔන කෙනෙකුට ගන්න පුලුවන්.හැබයි ඩේබිට් කාර්ඩ් එකෙන් හැම ඩොමේන් සෙල්ලර්ගෙන්ම ගන්න බැ.හැබැයි මන් කලින් සදහන් කරපු දෙන්නගෙන් ගන්න පුලුවන් කිසි අවුලක් නැතිව.මන් මුලින්ම පාවිච්චි කලේ HNB බැන්ක් එකේ කාර්ඩ් එකක්.මන් එකෙන් ගත්තේ Godaddy.com එකෙන්.එයාලගේ හැම පේමන්ට් එකකටම කලින් කාර්ඩ් එක ඇcටිවෙ කරන්න ඔනා.මල වදේ.ඉට පස්සේ මන් ගියා සෙලාන් බැන්කුවට(සුහද හදක් තියෙනවනේ ලොල්).ඒ බැන්ක් කාර්ඩ් එක මරු.නමුත් Godaddy.com එකෙන් ගන්න බැ.නමුත් doamin.com එකෙන් ගන්න පුලුවන්.
    හප්පා ලොකු ලිපියක් උනානේ ! කමක් නැ දිගටම කියවගෙන යන්න.
    ඩොමේන් එක ගන්න කලින් තිරනය කරන්න තමන් ගන්න ඩොමෙන් එක (.com,.org,.net.co)සහ නම.ඉට පස්සෙ බලන්න එක ගන්න ප්ලුවන් තත්වෙ තියෙනවද කියලා.වෙන කෙනෙක් අරන් නම් sorry.com .වෙන් නමක් බලන්න.
    ඉට පස්සේ ඩොමේන් එක තියෙනව නම් එක ගන්න ,මුලින්ම ගන්න යන අවුරුදු ගනන තොරන්න ,ඉට පස්සේ සෙලර් අනම් මන්ම් තව සෙර්විස් ගොඩක් අපේ ඇගේ ගහන්න හදයි.එව අයින් කරලා පේමන්ට් පේජ් එකට යන්න.ඔය කොයි සෙලර්ගෙත් එක්ම ෆොමැට් එකක් ත්මයි තියෙන්නේ.එතන ගොඩක් වෙල්ලාවට කූපන් කොඩ් කියල එකක් ඇති.එකෙන් ටිකක් අපිට් ගාන අඩු කරන්න පුලුවන්.ඔයා ගෙන් ගන්නවා නම් නෙට් එකේ සර්ච් කරල බලන්න කියලා,ඉට පස්සේ කූපන් කොඩ් ඩෙක තුනක් හොයාගෙන දාලා බලන්න .වැරදි කොඩ් දැම්මට අවුලක් නැ.එකක් සෙට් වෙනකන් හොයන් දන්න.
    කුපන් කොඩ් එකයි ඇක්ටිව් කරන්න පුලුවන්.ගොඩක් වෙලාවට 10% -20% මුදලක් අඩු කරගන්න පුලුවන්,ලොකු ගානක බිලක් නම් සමහරවිට 45% විතර පුලුවන් වෙන වෙලාවල් තියෙනවා.මෙක හොර වැඩක් නෙමේ.මේක් සෙලර්ගේ ප්‍රොමොශන් එකක් අපි එක පාවිච්චි කරනවා විතරයි.
    එතකොට .lk ගන්නේ කොහොමද?
    ආ එක වෙනම ස්ටොරියක්.නිකුත් කරන්නේ www.nic.lk එකෙන්.මෙක කරන්නේ මොරටුව කැම්පස් එකෙන්.මුලින්ම සයිට් එකට ගිහින් බලන්න තමන්ගෙ ඩොමේන් නේම් එක ගහල තියෙන්වද කියලා,ගන්න පුලුවන්නම් කියවි,නත්තම් දැනට අරන් තියෙන්න කවුද කල් ඉකුත් වෙන්නේ කවද්ද කියල කියවි,එකේ තියෙනවා මේ වගෙ දෙකක්, Category 1 (CAT1) - Including available second level domains සහ Category 2 (CAT2) - Top Level domain only කියලා.second level domains කියන්නේ මේ .com.lk,sch.lk,org.lk වගේ අනු ඩොමේන් වලට.අපිට එවා වෙන වෙන්ම උනත් ගන්න පුලුවන්, CAT 1 ගත්තම කටවත් එකට අදාල් අනු ඩොමේන් ගන්න බැ.(CAT1) එක රු.5600ක් වෙනවා (CAT2) එක රු.3400ක් විතර වෙනවා.
    මුලින්ම සයිට් එකේ තියෙන ෆොර්ම් එක පුරවන්න ඩොමේන් එක ගන්න,එකට තම්න්ගෙ ඇත්ත තොරතුරු දෙන්න,මොකද මෙක ලන්කාවේ රජයට සම්බන්ද ආයතනයක් නිසා.ඉට් පස්සේ ඔයා ලබා දුන්නු ඊ මේල් ලිපිනයට ලිපියක් එවි,ඔබේ නමට අවසර ලැබුනා මුදල් ගෙවන්න කියලා,එතකොට ඔයාට පුලුවන් සයිට් එකට් ගිහින් කර්ඩ් එකෙන් ඔන් ලයින් ගෙවන්න ,නත්තම් බැන්කුව හරහා ගෙවන්න පුලුවන්.
    එතකොට ඔය නොමිලේ දෙන ඩොමේන් මොනවද?
    ඔන්න තවත් ලොකූ බොරුවක්.නොමිලේ දෙනවා කියලා දෙනවා co.cc, co.nr වගෙ ඩොමේන්.ඇත්තටම එවා ඔරිගිනල් ඩොමේන් නෙමේ.උදාහරනයක් විදියට cc කියන්නේ ඔරිජිනල් ඩොමේන් එක. co.cc කියලා දෙන්නේ සබ් ඩොමේන් එක.හොදම් දේ කියන්නේ මුන් මුලින් නිකන් දෙනවා,මටත් ඔක උනා,මන් මුල්ම (බට්ටා කලේ) මුන්ගෙ ඩොමේන් එකක් අරන් සයිට් එකක් කරා.සයිට් එක නැගලා ගියා.මෙන්න බොලේ එක දවසක් සයිට් එක වැඩ නැ.මන් ගිහින් බලුව උන්ගෙ සයිට් එකට.උන් කියනවා දැන් මෙක සල්ලි දිලා ගන්නනලු.(මුගෙ අම්මට ) එකත් ටොප් ලෙවල් ඩොමේන් එකකටත් වඩා ගානක්.
    නිකන් ඉගන ගන්න සයිට් එකක් අත්දැකීම ගන්න මෙවා හොදයි.නමුත් ඔයාට හොද පවතින සයිට් එකක් කරන්න ඔනේ නම් ඔවට අහු වෙන්න එපා,තව කියලා එකකුත් තියෙනවා,.TK ඔකත් ඔය වගෙම තමයි,
    කිරි අප්පට ඩෝග්ස් පැනපි….මාර දිග ලිපියක් උනානේ.මහන්සියෙන් ලියපෞ නිසා ඔයාලගේ අදහස් අගය කරනවා.තව ලිපියකින් තව දුරටත් ඩොමේන් ඉලගට හොස්ටින්ග් ගැන මගේ අත්දැකීම් කියන්නම්.
    මන් ගියා….
    රශොද්

    source -
    මටත් ඉතින් ඔය නිකන් ඉන්න එකේ අරවා දිලා බම්පියක් දාලා යන්න හොදේ.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මටනං මේ පොස්ට් එක රන් වටී එත් දෙන්ඩ පුළුවන් +6 විතරෛ. එක දුන්න.. කියෙව්වේ නේ save කරගත්ත ගෙදර ගිහින් කියවන්ඩ
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    rep

    මමත් මේ දවස් වල වෙබ් site එකක් හදාගන යනවා domain එකක් අරගෙන host කරන්න ඉන්නේ
    ඔයා කියලා තියන web site දේකෙන් බයනතුව ඩොමින් ගන්න පුළුවන් නේ ?
    මට තව දෙයක් දැනගන්න ඕනේ expire උන domain අපි ගන්නේ කොහොමද
    ඒක expire වෙලා කියලා දැනගන්න කොකොමද
    තව පුලුවන්නම් වෙබ් site හොස්ට් කරන්න හොද තැනක් කියනවා ?
    මෙතන බැරිනම් PM එකකින් වත් කියන්න
    ගොඩක් තැන්ක්ස් ඔන්න rep +++++
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මටනං මේ පොස්ට් එක රන් වටී එත් දෙන්ඩ පුළුවන් +6 විතරෛ. එක දුන්න.. කියෙව්වේ නේ save කරගත්ත ගෙදර ගිහින් කියවන්ඩ

    thank you machan....Aniwa thawa post dannawa
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මමත් මේ දවස් වල වෙබ් site එකක් හදාගන යනවා domain එකක් අරගෙන host කරන්න ඉන්නේ
    ඔයා කියලා තියන web site දේකෙන් බයනතුව ඩොමින් ගන්න පුළුවන් නේ ?
    මට තව දෙයක් දැනගන්න ඕනේ expire උන domain අපි ගන්නේ කොහොමද
    ඒක expire වෙලා කියලා දැනගන්න කොකොමද
    තව පුලුවන්නම් වෙබ් site හොස්ට් කරන්න හොද තැනක් කියනවා ?
    මෙතන බැරිනම් PM එකකින් වත් කියන්න
    ගොඩක් තැන්ක්ස් ඔන්න rep +++++

    ඔය කියපෞ තන් වලින් කිසි බයක් නැතිව ගන්න පුලුවන්.එක්ස්පයර් උනාම සයිට් එක වඩ කරන්නේ නැ.ඩොමඉන් එකට ගියාම සෙලර්ගේ නොට් එකක් එනව මෙ දවසෙ මෙ ඩොමේන් එක එක්ස්පයර් උනා කියලා.එ වගෙම ඩොමේන් එකක් එක්ස්පයර් උන ගමන්ම වෙන කෙනෙකුට ගන්න බැහැ.ටික දවසක් සෙලර් එක හොල්ඩ් එකේ තියා ගන්නවා.ඉට පස්සේ තමයි එක වෙන කෙනෙකුට ගන්න පුලුවන්,කොහොමත් වෙන කෙනෙකුට ගන්න මාස 2ක් වත් යනවා.අනික 2 වරට ගන්න අයට සාමාන්‍ය මුදලට ටිකක් වඩ මුදලක් ගෙවන්න වෙනව ඩොමේන් එක වැලුව් වෙන නිසා.