ඩොලරය සහා රුපියල

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඩොලරය නිදහසේ පාවෙන්න දුන්නට විතරක් මදි. ඒත් එක්කම අපි අපනයන දිරිමත් කරන්න ඕන. අවංකවම කියනවානම් තවමත් ලංකාව ලොකු විදේශ විනිමයක් හොයන්නෙ කෘෂිකාර්මික අංශයෙන්... සේවා අංශය වර්ධනය වුනාට හොද ශුද්ධ ලාබයක් ලබන්නෙ තාමත් පාරම්පරික අපනයනවලින්. ඒත් දැන් මොකද මේවට වෙලා තියෙන්නෙ... කෘෂි අපනයන කඩන් වැටෙනවා... 2014 අග 950 ට තිබුනු සාදික්කා අද 300 යි.. ගොවියට රැ 80 දෙන්න පොරොන්දු උනත් තේ ගොවියාට ලැබෙන්නෙ රැ 50 යි. කෘෂි අපනයන හැම එකකම අද තත්වෙ මේකයි.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හොද සාකච්චාවක්..ඉකොන් ගැන දන්නේ නැහැ...කමෙන්ට්ස් ටික බලල සැහෙන්න දෙයක් ඉගෙන ගත්ත...:)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොද සාකච්චාවක්..ඉකොන් ගැන දන්නේ නැහැ...කමෙන්ට්ස් ටික බලල සැහෙන්න දෙයක් ඉගෙන ගත්ත...:)
    ඒක නං ඇත්ත...
    නමුත් රෙප් එන්නේ මෙන්න මෙහෙමයි පුටා.....

    reputation_neg.gif
    ඩොලරය සහා රුපියල 09-15-2015 10:45 AM පුක දියන්.. :D
    reputation_neg.gif
    රුපියලේ අගය 09-15-2015 01:10 AM රෙප් කපනවා.... ආ ආ ආ :D :D
    reputation_neg.gif
    රුපියලේ අගය 09-14-2015 12:26 AM නොදන්න පකවල් නොකියා දතක් ගලවන් හිටු
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒක නං ඇත්ත...
    නමුත් රෙප් එන්නේ මෙන්න මෙහෙමයි පුටා.....

    රෙප් ගැන දුක් වෙන්න එපා බන්. ඇත්ත ඇති සැටියෙන් දැකීම තමයි වැදගත්. මෙතන උඔගේ කමෙන්ට් ටික ගොඩක් වැදගත්..
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මෙහෙමයි මචං.. ඩොලරයේ අගය තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මත.. මෙහෙම හිතහන්කෝ වෙළඳපොලේ ඩොලර් වලට වැඩි ඉල්ලුමක් තියනවනං සහ වෙළඳපොලේ ඩොලර් හිඟයක් තියනවනං කොහොමත් ඩොලරයේ අගය අධිප්‍රමාණය වෙනවා.. ඒක පාලනය කරන්න නං වෙළඳපොලේ ඩොලර් බහුල කරන්න ඕන.. ඒ කියන්නේ වෙළඳපොලට ඩොලර් නිකුත් කරන්න ඕන.. එහෙම කරන්න නං අපේ විදේශ සංචිත වෙළඳපොලට නිකුත් කරලා කෘතිමව අගය පාලනය කරන්න ඕන. ඒක දීර්ඝකාලීනව කරගෙන යන්න පුළුවන් දෙයක් නෙමෙයි.. පහුගිය කාලේ දිගටම ඩොලර් නිකුත් කරපු නිසා අපේ විදේශ සංචිතත් පහළ වැටිලා තියන්නේ.. ඒක නිසා විනිමය අනුපාතික පාලනය කරන එක නතර කරනවා හැර වෙන විකල්පයක් නෑ.. අනිත් එක මේකෙන් රටේ ආර්ථීකය ඇත්තටම කොතනද තියන්නේ කියලා බලාගන්න පුළුවන්.. දැං අපි කරන්න ඕන දිගු කාලීණ සැළැස්මකට අනුව අපනයන වර්ධනය කරන්න ඕන කරන ක්‍රියාමාර්ග ගන්න එක.. අමුද්‍රව්‍ය වෙනුවට නිමිද්‍රව්‍ය අපනයනයට යොමුවෙන එක.. විදේශ ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනයට මේ තියන තත්ත්වය හොඳයි..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෙප් ගැන දුක් වෙන්න එපා බන්. ඇත්ත ඇති සැටියෙන් දැකීම තමයි වැදගත්. මෙතන උඔගේ කමෙන්ට් ටික ගොඩක් වැදගත්..
    -රෙප් නං කොහෙත්ම මං ගනන් ගන්නේ නෑ මචං. නමුත් මේකෙන් පේන්නේ මෙතන ඉන්නව කියන එක මොලේ පශ්චාත් භාගයේ තියන කාළකන්නි සෙට් එකක්. අන්න උන්ට නම් ලොක්කට කියල හමන්නවන්න ඕන පොදු යහපත සදහා....
     
    • Like
    Reactions: mldarshana

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    පාලෙනයේ යහ දැන් හොදට පේනවා.. රුපියල පා කරලලු.. අද US Dollar රේට් එක 141.36 යකෝ මෙහෙම ගියොත් හිගා නොකා හිගා කන්න වෙන්නේ :shocked::shocked:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මමත් පහු ගිය දවස් ටිකේ පත ගොන්කමක් කරගත්ත.ඩොලර් වලින් කෝටේෂන් ගත්තේ.අපරාදේ යුවාන් වලින් ප්‍රයිසස් අරන් තිබ්බ නම් මෙහෙම චොර වීමක් වෙන්නේ නෑ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    උඩින් බැලුවොත් ඔව්.....මොකද එක ඩොලර් එකකට රුපියල් වැඩි ගනනක් එනවා...
    නමුත් අපි ගෙන්නන සියළු ම දේ්ට අපි ඩොලර් ගන්න කොට වැඩියෙන් ගෙවන්න වෙන නිසා රට තුල භාණ්ඩ සහ සේවා වල මිල ඉහල යනවා. එතකොට අර වැඩියෙන් හම්බ වෙන රුපියල් වල සැබෑ වටිනාකමක් නැති වෙනවා.....:dull:

    මේක තමා සිරාවටම වෙන්නේ Dr. කිඹුල් :yes: කොච්චර ඩොලරයට රුපියල් ලැබුනත්, රුපියල් වලින් මෙරට භාණ්ඩ හා සේවා අත්පත් කර ගන්න වැඩියෙන් ගෙවන්න වෙනවා. එතකොට කොහොමත් පාඩුයි. :baffled:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ඒක නං ඇත්ත...
    නමුත් රෙප් එන්නේ මෙන්න මෙහෙමයි පුටා.....

    ගනං ගන්න එපා බං.. ගොන් ආතල් ගන්න එවුන් කොහෙත් ඉන්නවනේ.. :no::no::no:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කොහොමත් අපේ රටෙ දැන් දුවන සිස්ටම් එකට අනුව හැමදෙම පිටරටින් ගේන නිසා (නැවෙන් කටට) මහ බැංකුව මැදිහත් උනත් කරන්න වෙන්නෙ මහ බැංකුවෙ සංචිත පාවිච්චි කරල ගැප් එක වහන්න ... එතකොට ඉතින් තේරුමක් නෑ ... කොහෙන් ගියත් අපේ සල්ලි වලට තමයි කෙළවෙන්නෙ

    ඩොලර් රේට් එක වැඩි උනාම ආනයන ටිකක් අෛධර්යමත් වෙනව ... රජය මැදිහත් වෙලා ඉන්ධන, විදුලි බලය වගෙ ඒවයෙ මිළ වැඩි නොකර තියන් ගියොත් හොඳයි
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒක නං ඇත්ත...
    නමුත් රෙප් එන්නේ මෙන්න මෙහෙමයි පුටා.....

    අසහනය බන් ඕකුන්ගේ..උන්ට මෙතන මොකවත් පොස්ට් කරන්න බැරි කමට හිතේ තියෙන කුහක කම් පිරිමහනවා හැංගිලා. :dull: