ඩොල්පින්_මාළුවෙක්_උදවු_ඉල්ලයි

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ඩොල්පින්_මාළුවෙක්_උදවු_ඉල්ලයි

ඩොල්පින් මාළුවෙක් මුහුද යටදී කිමිදින්නකු ගෙන් උදවු ඉල්ලයි! සාගර පත්ලේ සිදු වූ විස්මිත සිද්ධියක්!

අපි මේ වන තෙක් කොතෙකුත් අසා ඇත්තේ ඩොල්පින් මසුන් මුහුද මැද දී අපට කළ උදවු ගැන කතාන්තරයි. ඩොල්පිනුන් මුහුද මැද අතරමං වූ යාත‍්‍රාවලට පාර පෙන්නූ හැටි, මුහුදේ ගිලෙන්න ගිය අය බේරා ගොඩට ගෙනා හැටි ඒ කතා අතර වඩාත් මතක හිටින ඒවායි.

ඒත් පසුගිය දා අපට අහන්නට ලැබුණේ ඊට වඩා වෙනස් කතාවක්. ඒ ඩොල්පින් මාළුවකු මිනිසකු ගෙන් උදවු ඉල්ලූ අවස්ථාවක් ගැන අපූරු කතාවත්.

මෙසේ උදවු ඉල්ලා ඇත්තේ බිලී කොක්කක් හා මාළු දැලක් පැටළුණු ඩොල්පිනයෙක්. ”බිලී කොක්කට තුවාල වුණු ඌ වේදනාවෙන් හිටිය බව දකින කොටම මට තේරුණා.” කිමිදුම්කරු ඒ අත්දැකීම විස්තර කරමින් කියනවා.

1.jpg
ඩොල්පින් කෙළින්ම උදවු ඉල්ලා ගෙන ඔහුගේ ළඟටම ආවා.

මේ පුදුම සිදු වීම දැක ගත හැකි වූ යේ පසුගිය ජනවාරි 11 වැනිදා හවායි දූපත අසල මුහුදේදියි. කෙලර් ලාරෝස් කියන කිමිදුම්කරු ඒ මුහුදේ කිමිඳෙන්න ගියේ හවායි දූපත්වල කෝනා අන්තර්ජාතික ගුවන්තොටුපොළෙන් බිග් අයිලන්ඞ් දූපතට ආපු සංචාරකයන් පිරිසක් එක්කයි.

ඒ, මුහුදේ කිමිඳ මඩුවන් (manta ray) බලන්න යන්න ආසාවෙන් හිටිය සංචාරකයන් පිරිසක්. ඒ ගමනෙදි තමයි, මේ අරුම පුදුම අත්දැකීමට ලාරෝස් මුහුණ දුන්නේ. ඒ අවස්ථාව වාසනාවකට වගේ වීඩියෝ කර ගත හැකි වුණා. ඒ නිසා දැන් ඔබටත් එය දැක ගත හැකියි.

ලාරෝස්ට ඔහුගේ වටිනා කිමිදුම් කාලයෙන් විනාඩි අටකට වැඩිය වැය කරන්න සිදුවුණා, මේ අවුල ලිහා ගන්න ඩොල්පින්ට උදවු කරන්න.

4.JPG
ඩොල්පින්ගේ ඇෙඟ් බඳ වටේ මාළු දැලක් හා බිලී කොක්කක් පැටලිලයි තිබුණේ.

කිමිදුම් කණ්ඩායම මුහුද යට දර්ශන නරඹමින් යද්දී ඔවුන්ට හදිසියේ ම ඩෙල්පිනයකු කෑ ගසන හඬක් ඇසුණා. ඒ එක්කම ඔවුන් දැක්කා බෝතල් හොටැති ඩොල්පිනයෙක් ඔවුන් කරා වේගයෙන් පිහිනා ගෙන එනවා.

”ඌ ළඟට එද්දී මට තේරුණා මොකක් හරි දෙයක හිරවෙලා වාගේ. ළඟට ආවමයි මං දැක්කෙ ඒ මාළු දැලක් බව. ඒක උගේ උර වරල අසල දැවටිලයි තිබුණෙ.” ලාරොස් ඒ සිද්ධිය විස්තර කළා.

ඩොල්පින් ඒවා ඉවත් කරල ඌව නිදහස් කරන තුරු ලාරොස්ට ඇඟ දීගෙන ඉවසිල්ලෙන් බලාගෙන හිටියා.
”මං ඒ පැටලිලා තිබුණු මාළු දැලේ පැටලූම් අරින්නයි බැලූවෙ. උගේ උර වරල ළඟ පැටලිලා තිබුණු එක දෙපැත්තෙන්ම කපලා ඉවත් කළා. උගේ කටෙනුත් දැල් නූලක් එළියට ඇවිත් තිබුණා. ඒක ඇද්දොත් තුවාල වෙයි කියලා ඒකත් කැපුවා.” ලාරොස් විස්තර කළා.

කිමිදුම්කරු කීවේ ඌ බොහොම ඉවසිල්ලෙන් තමා මාළු දැල ඉවත් කර තෙක් කලබල නොකර බලා උන් බවයි.

”මේ වගේ බෝතල් හොට ඩොල්පින්ලා දිය යටදී මා වෙත ඕනැතරම් ඇවිත් තියෙනව. මොවුන් හරිම හීලෑ සතුන්. පොඞ්ඩක්වත් අපට බය නෑ. ඒත් එදා මේ සතාගෙ අමුත්තක් මට පෙනුණා.” ඔහු කීවා.

ලාරෝස් පරිස්සෙමන් උගේ ඇෙඟ් ඇනිලා තිබුණු බිලී කොක්ක ඉවත් කළා. ”උගේ කට අසල දැවටී තිබුණු දැල් කපා හැරියා. ඒ අතර අනෙක් කිමිදෙන්නන් මා අසලට රොක් වුණා. ඔහු දැලේ කොටස් සියල්ල ඉවත් කරන්න කලින් ඌ පීනලා යන්න ගියා. ආපහු ආවේ නෑ.” ඔහු අවසාන වශයෙන් කීවා.

5.jpg
”ඩොල්පින් මා දිහාට ආපු විදියෙන් මට තේරුණා ඌ මගෙන් උදවුවක් ඉල්ලන බව.”

6.jpg
ඔහු බිලී කොක්කයි, ඩොල්පින්ගේ මුව අසල පැටලී තිබුණු මාළු දැලේ කොටසක් ඉවත් කළා විතරයි ඉතිරි හරිය ඉවත් කරන්න ඉස්සරින් ඩොල්පින් එතැනින් පීනලා යන්න ගියා.



ගත්තේ ''මල් කැකුළු " එකෙන්.
http://www.malkakulu.com/