ණයට කිරුළ ආර්ථිකය නැවත හරවමු...

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ණයට කිරුළ ආර්ථිකය නැවත හරවමු...

    කවුරු මොනවා කිවුවත් විදේශ බලවේග, ජාත්‍යන්තර කුමන්ත්‍රණ පෙන්වලා ආණ්ඩුව අන්තිමට කරන්නෙ ආණ්ඩුව ඇතුලෙ සහ රාජ්‍ය ආයතන වල ලොක්කන්ගේ දූෂණ වංචා නිසා සිදුවෙන සියලු පාඩුව ජනතාවගේ පිට පටවන එකයි.

    හෙජින් ගිවිසුම නිසා සිද්ද උන පාඩුව අද ගෙවන්නෙ කවුද?
    ණයට හදපු පාඩු ලබන වරායේ ණය පොලී ගෙවන්නෙ කවුද?
    මිහින් එයා වාර්ශිකව ලබන අධික පාඩුව ආවරණය කරන්නෙ කවුද?
    විදුලිය නැති නොරොච්චෝලේ ණය ගෙවන්නේ කවුද?
    මාසිකව අලුත් වැඩියා කරන චයිනීස් නෙලුම් ‍පොකුණට ගෙවන්නෙ කවුද?
    ආණ්ඩුවෙ දැයට කිරුළ වැනි සංදර්ශණ වලට යන වියදම් පියවන්නෙ කවුද?
    නයිට් රේස් වලට දාපු ලයිට් බිල් ගෙවන්නෙ කවුද?
    කාල්ටන් ක්‍රීඩා සමාජයට යැයි කියමින් ගෙනා වාහන වලට ගෙවුවෙ කවුද?
    ඇමතිලගෙ ලක්ෂ ගණන් මාසික විදුලි බිල් ගෙවන්නෙ කවුද?
    IMF එකෙන් නිමක් නැතුව ගන්න ණය ගෙවන්නෙ කවුද?
    ඉන්දියාවත් අමනාප කරගනිමින් චීනයෙන් අධික පොලියට ගන්න ණය ගෙවන්නෙ කවුද?
    ගෙන්වීමට නියමිත රෝල්ස් රොයිස් වලට ගෙවන්නෙ කවුද?
    හිතෙන හිතෙන විදිහට හදන අමාත්‍යංශ වල වියදම් ගෙවන්නෙ කවුද?
    අලුතෙන් දෙන ඇමතිකම් වලට ලැබෙන වරප්‍රසාද වියදම් දරන්නෙ කවුද?


    අන්තිමට සියලුම බර ඇඟට පතට නොදැනී ජනතාව මතට පවරයි. දුප්පත් ප්ලේන්ටියට දාන සීනි ටිකේ ඉඳලා, පෙට්‍රල් ඩිසල් වෙනකන්ම බදු ගහලා ජනතාවගේ බෙල්ල මිරිකලා ලබාගන්න බදු මුදල් වලින් තමයි අන්තිමට ඔය වියදම් ඔක්කොම පියවන්නෙ. ජනාධිපති තුමා නොහිටින්න මේ රටේ යුද්දෙ ඉවර වෙන්නෙ නැහැ. ඒක ඇත්ත. ඒත් ඒ නිසා ජනාධිපති තුමා ගැන තියෙන ගෞරවය හැම වෙලේම පාවිච්චි කරලා ජනතාව රවට්ටන්න හිතන එක වැරදියි. දැන්වත් රට ඇත්තටම සංවර්ධනයක් කරා යොමු වෙන්න ඕනෙ. එහෙම නොවුනොත් මේ රට ගොඩගන්න නම් හම්බෙන්නෙ නැහැ.

    hNfHvre.jpg



    BuEYxz5.jpg
     
    Last edited:
    • Like
    Reactions: rochel1977

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඒත් මිනිස්සු ඉන්න ආතල් එක බලපන්කො ... ඉන්ටර්නෙට් එකේ විතරයි මෙහෙම කෑගහන්නෙ :dull:

    අන්තර්ජාලය හෑල්ලු කරන්න බෑ එහෙම. අමතක කරන්න එපා මාස කිහිපයකින් හලාල් විරෝධයක් ඇති කලේ ෆේස්බුක් හරහා. නැතුව ඔය පැත්තක් නැතුව ඇත්ත කියන සත්‍ය ෆස්ට් කිය කිය මතුරන මාධ්‍ය වලින් නෙමෙයි. අන්න ඒ නිසා අන්තර්ජාලය කියන මාධ්‍ය දැන් මිනිස්සු අතරෙ ප්‍රචලිත වෙලා ඉවරයි. ඒක තවදුරටත් දුලබ දෙයක් නෙමෙයි. :yes:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මේවට වන්දි ගෙවන්න වෙන්නෙ අපිට නෙමෙයි කවදා හරි අපේ දරුවන්ගෙත් දරුවන්ට. ඒ තරම් ණය. ණය ගත්තට ගැටලුවක් නැහැ ආදායමක් ලැබිය හැකි හොඳ ආයෝජන මාර්ගයකට යොදවන්න නම්. හැබැයි කොමිස් කුට්ටිය ගැන විතරක් හිතලා කරන ආයෝජන නම් සාර්ථක වේවි කියලා හිතන්න බැහැ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දැයට කිරුල කියල අටවාගෙන තියෙන ඔය ලබ්බෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද බං
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඒකට හදන ගොඩනැගිලි ප්‍රයෝජනවත් දේවල් වලට දෙනවලුනෙ.
    ඕක ඔයිට වඩා හොඳ නැද්ද සංදර්ශනේ නැතුව ඔය ගොඩනැගිලි ටික වෙනම හදලා පහසුකම් දීලා පුංචි හරි විශ්ව විද්‍යාලයක් ආරම්භ කලා නම්?
     
    Last edited:
    ඕව බොරු වැඩ බන් , උඹ මෙතන කා ගැහුවා කියල බදු මිල අඩු වෙනවද නැහැනේ , අනෙක පාන් මිලෙන් හාල් මිලෙන් පෙරලන්න පුළුවන් ආණ්ඩුවක් නෙවෙයි දැන් තියෙන්නේ

    ඔන්න ඔය වගේ කතා ටිකක අහ ගන්න තිබ්බ ආණ්ඩුවට කඩේයන අවජාතක බැල්ලිගෙ පුතාල ම පැත්තට අවනම්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    දැයට කිරුල කියල අටවාගෙන තියෙන ඔය ලබ්බෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද බං
    ඉඩම් ටික ගන්න පුලුවන් පරම්පරාවටම. :P
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    Aparade Ahinsaka minissunge salli ,, kohoma wunath ape minissunta hama dema mathaka tika dawasai
    yakage hatiyatalu wimaane
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඕක ඉතිං ගමෙහ් බයියන්ට හොදයි මොකද උන් ඕකේ තියෙන එව්වා දැකල නෑ නෙ. දැයට කිරුල බලා, විමලෙගේ කතා අසා සුරන්ගනාලෝකේ තනිවී.................. එක්ටැම් ගේ.......................