තව දවස් තුනෙන් මොකද වෙන්නෙ
.
ආණ්ඩුව රටේ ණය ප්රතිව්යුහගත කරනව කියල කිව්වට කරන්න හදන්නෙ ආණ්ඩුවෙ රාජ්ය බැංකු වලින් ගත්ත ණය, භාණ්ඩාගාර බිල්පත් හරහා ගත්තු මුදල් අපහු ලබා දෙන එක නැති කරන්න හරි කල් දාන්න හරි ක්රමයක් හදන එක. බැංකු එහෙම ණය විදිහට ආණ්ඩුවට දීල තියෙන්නෙ මිනිස්සු බැංකු වලට දාපු සල්ලි. ලොකු පොලියක් බලාගෙන මිනිස්සු බැංකුවල සල්ලි පිරෙව්ව. ඒ සල්ලි බැංකු මහ බැංකුවට දීල ලොකු පොලියක් ගත්ත. ආණ්ඩුව දිව්වෙ ඒ සල්ලි වලින්. හැබයි දැන් ආදායමට වැඩිය වියදම වැඩි ආණ්ඩුවට ඒ සල්ලි ආපහු දෙන්නනන් අලුතෙන් සල්ලි අච්චු ගහන්න ඕනෙ. එහෙම නැත්තන් ගැටයක් ගහල ආපහු සල්ලි නොදී ඉන්න තැනට හරි සල්ලි දෙන එක පරක්කු කරන එක හරි කරන්න වෙන්න. ඒක තමයි තව දවස් දෙකෛන් වෙන්නෙ. ඔව් අපි බලමු කොහොමද වෙන්නෙ කියල.
ඒ අස්සෙ ආණ්ඩුවෙ හෙන්චයියො තමන් ගත්ත ණය බොල් ණය විදිහට කපාගන්නත් බලාගෙන ඉන්නව. උන් කොහොමත් ණය ගෙවන්නෙ නැති හින්දා වෙනසක් වෙන්නෙ නෑ.හැබයි ඕකෙන් පොඩි මිනිහට වදී. ආණ්ඩුව EPF ETF වලින් ගත්තු සල්ලි ආපහු ලැබෙයි කියල හිතන්න අමාරුයි. අනිවාර්යෙන් ස්ථිර තැන්පතු වලට තව අධි භාරයක් වගෙ එයි. එක්කො සල්ලි එලියට ගන්න එක නවතන්න මොකක්හරි ගැටයක් ගහයි. මොකක් කළත් පොඩි මිනිහ තැළෙයි. ආයෙත් උද්ධමනය ඉහළයයි. මිනිස්සුන්ට සල්ලි ඉතුර කරලවත් බිස්නස් කරලවත් ගොඩ යැමක් කරන්න බැරි වෙයි. ලංකාවෙ බැංකුවලින් සෑහෙන්න ප්රමාණයක් සෙත්ත පෝච්චි වෙයි. හැබයි ආණ්ඩුවෙ උන්ට පිස්සු කෙලින්න තව තව ණය හම්භ වෙයි.
වෙන රටවල බැංකු නිවාඩු දාල IMF එක ගේම ගහපු හැටි පල්ලෙහ කේස් ස්ටඩි එකේ තියෙනව. වැඩේ කියන්නෙ IMF එකම කේස් ස්ටඩි එකේ කියනව කලින් කරපු හතර වතාවෙම රටවල් වලට කෙළ උනා කියල.
IMF case study:
https://www.imf.org/external/np/pdr...8t3VtG9fqTsxlsOVJipImKUZx05WhRwz4xZXFqZMnahec
View attachment 208422
View attachment 208423
View attachment 208425
View attachment 208426
View attachment 208427
View attachment 208424
copied from Fb