තජුඩීන් ඝාතනය ශිරන්ති රාජපක්ෂ දැන සිටියා
තජුඩීන් ඝාතනය ගැන ප්‍රශ්න කිරීමට ශිරන්ති සහ යෝෂිත සීඅයිඩියට
(ලංකා ඊ නිව්ස් -2017.ජුලි.26, ප.ව.6.20) රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශිරන්ති රාජපක්ෂට සහ යෝෂිත රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩිය) ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
ශිරන්ති රාජපක්ෂට හෙට (27) උදේ 9.30 ට පෙනී සිටින ලෙස දැනුම් දී ඇති අතර යෝෂිත රාජපක්ෂට අනිද්දා (28) උදේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
තජුඩීන් ඝාතනය සඳහා පැහැර ගැනීමට ආ වාහනය රතු කුරුස සංවිධානය විසින් ශිරන්ති රාජපක්ෂට පරිත්‍යාග කළ එකක් බවත් ඒ වන විට වාහනය තිබුනේ ශිරන්ති රාජපක්ෂ භාරයේ බවත් මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණ.
තජුඩීන් ඝාතනය සාමාන්‍ය රිය අනතුරක් ලෙස යට ගැසීමට ක්‍රියා කළ හිටපු ජ්‍යෙ.නි.පොලිස්පති අනුර සේනානායක වසරකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවූ අතර පසුගියදා ඇප මත නිදහස් කෙරිණ. ඊට පෙර අධිකරණයේ දී ප්‍රකාශයක් කළ අනුර සේනානායක කියා සිටියේ තජුඩීන්ගේ සැබෑ ඝාතකයන් නිදැල්ලේ සිටින බවයි.