කලින් thread එකක මං reply එකක් දැම්මා කොන්ඩේ යනවට බී-ළුණු දැම්මම හරි කියලා... ඉතින් කට්ටිය pm දාලා මේක ගැන අහන නිසා thread එකක් දාන්න හිතුවා...
ඔලුවට බී ලුණු අබරලා ඉස්ම දාන්න තමා යන්නේ... මාස 5කට කලින් මගෙත් කොන්ඩේ thin වෙලා වැටෙන්න ගත්තා... ඊට පස්සේ තමා මේ ක්‍රමේ හොයා ගත්තේ...ලක්ෂ ගණන් වියදම් කරන්න කලින් මේක කරලා බලන්න... මොකද අපි ඇමති පුත්තු නෙවේනේ... ඒ නිසා මේවගේ ගෙදරදී අඩු වියදමින් පහසුවෙන් කර ගත හැකි කෙමක් කරලා බලන්න...
2. අවශ්‍ය කරන ද්‍රව්‍ය
බි ලුණු ගෙඩි / බ්ලෙන්ඩරයක් / දෙහි ගෙඩියක් / ඊ විටමින් පෙත්තක් / පොඩි බාජනයක් / පෙනේරයක් / හැන්දක් / රෙදි කැල්ලක්
3. සාදා ගන්නා ආකාරය
බී-ලුණු ගෙඩියක් පොඩි කැලි වලට කපා ගන්න... (ලොකු ගෙඩියක් ගන්න... පොඩි ගෙඩි නම් දෙකක් වත් ඕනේ)
බ්ලෙන්ඩර් එකට දාන්න...
එයට වතුර තේ හැන්දක් එක් කරන්න... (වැඩිය දාන්න එපා මොකද ලුණු ගෙඩියේ ස්ටොක් වතුර එනවා)
දැන් ඕක බ්ලෙන්ඩර් කර ගන්න... (ලුණු ගෙඩිය ඇබරිලා කොටසක් පල්ප් එකක් වගේ වෙනවා, අනිත් කොටස ජුස් එකක් වෙනවා)
බ්ලෙන්ඩර් කරාම ලුණු රොඩු පල්ප් එක ඉතිරි වෙනවා, ඒක පෙනේරයක් මගින් පෙරා ගෙන ජූස් ටික බාජනයකට වෙන් කර ගන්න...
ඉතිරි උණු ජුස් ටිකට දෙහි බින්දු දෙකක් විතර කලවන් කරන්න... (මේ වැඩේ අනිවාර්යෙන් කරන්න මොකද නිකන් ගෑවොත් ලුණු ගදයි... දෙහි බැයක්ම මිරිකුවත් කමක් නැහැ)
ඒකටම ඊ විටමින් පෙත්තත් කපලා දාගන්න...
ඔක්කොම හොදට මික්ස් කර ගන්න...
4.පාවිච්චි කරන ආකාරය
දැන් ජුස් එක බාජනෙකට දාගත්තනේ... දැන් මේක දැන් ඔලුවට දාගන්න ඕනේ... ගෙදර කාගේ හරි උදව්වක් ගන්නවා නම් වඩා හොදයි...
පොඩි රෙදි කැල්ලක් අරන් ජුස් වල පොගවලා කොන්ඩේ මුල ගාන්න... තට්ටෙත් ඇතුළුව...(පල්ලෙහා ෆොටෝ එක බැලුවම තේරෙයි.) තට්ටේ විතරක් ගාන්න මොකද ඕක ගෙන ගදයි...
ඕක ගාලා පැය තුනකින් ඔලුව හෝදන්න සැම්පු දාලා... ගොඩක් වෙලා තියන්න එපා...
5.Q & A
කොච්චර දවසක් දාන්න ඕනෙද - මම නම් මාස දෙකක් දැම්මා...මගේ ලොකු හෙයාර් ලොස් එකක් තිබ්බේ නැහැ... ඔයාගේ කොන්ඩේ අනුව තීරණය වෙනවා... දිගටම දාන්න ඕනේ නැහැ කොන්ඩේ වැවුනම මේන්ටේන් කරන්න තියෙන්නේ.( ඒක තට්ට බබා 2 කොටසින්)
මේක හැමෝටම හරි යයිද? - කියන්න බැහැ. කොන්ඩේ පොදක් වත් නැත්නම් වැවෙයි කියලා මට පොරොන්දු වෙන්න බැහැ. කරලාම බලන්න
මේක දාලා වැඩට ගිය හැකිද? - දෙහි දැම්මත් ටිකක් ගදයි... ඒක ඔයාගේ ජොබ් එක අනුව තීරණය වෙනවා... ඔෆිස් වැඩ කරන කෙනෙක්ට මේක කරන්න බැරි වෙයි... (ඉරිදට දාන්න පුළුවන්)
6. දැන් උබට මේක වැඩ කරාද?
100%ක් වැඩ කරා... ඔන්න 4ටො එකකුත් දැම්ම... ඇස් බැමි දෙකේත් ගෑවා දැන් ඝනට වැවිලා... මාව නිකන් දැකලා පුරුදු ඇති මොකද මන් Channel Eye එකේ රගපෑව. දැන් මාව අදුර ගත්ත උන් ආ මේ අරුනේ ගාන්න එපා...
7. මොටිවේෂන් අප්පච්චි
මේක පාවිච්චි කරලා ප්‍රතිපල ලබා ගත අය ඉන්ටර් නෙට් එකේ දාලා තිබ්බ පින්තුර කිහිපයක්...
9. තේරුනේ නැහැ?
දැන් මන් කිව්ව හෑල්ල තේරුනේ නැති අය මේ වීඩියෝ එක බලන්න...
10. මේක විතරද එකම ක්‍රමේ?
තව පොල් වතුර/ අර්තාපල් ක්‍රමයක් තියෙනවා... මම නම් කරලා නැහැ... ඕනේ අය ගුගල් දෙයියෝ පාවිච්චි කරලා විස්තර හොයා ගන්න... ඒත් මේක තමා වඩා සාර්ථක...
11.ඉතා වැදගත්!!!
මේක දාද්දි කොන්ඩේ යනවා... මොකද අන්හෙල්ති ඒවා ගැලවෙන්න එපැයි අලුත් ඒවා එන්න... ඒ නිසා බය වෙන්න එපා...