තත්පර_20_කලින්_ගියා
තත්පර 20 කට කලින් ගිය දුම්රිය
ජපාන දුම්රිය සමාගමක් විසින් තත්පර 20 කට පෙර දුම්රියක් පිටත් වීම ගැන මහජනතාවගෙන් සමාව ඇයද තිබේ. අපගේ දුම්රිය තත්පර 20කට කලින් දුම්රිය ස්ථානයෙන් පිටත් වීම නිසා මගීන්ට සිදුවූ අපහසුතාවය ගැන අප සමාව අයදිමු ” යනුවෙන් ත්ස්කූබා එක්ස්ප්‍රස් (Tsukuba Express) සමාගම විසින් නිකුත් කල නිවේදනයක සඳහන් වේ. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ උදේ 9:44:40 ට පිටත් වීමට තිබු දුම්රිය 9:44:20 දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කල බවය.
ඉතා කාර්යක්ෂම දුම්රිය සේවයක් පවතින රටක් වන ජපානය තම මගීන්ට නියමිත වෙලාවට ගමනාන්තය දක්වා රැගෙන යාමට දුම්රිය සේවා වග බලා ගනිති. මෙහිදී ඔවුන් අතින් සිදු වූ සුළු දෝෂය ගැන සමාව ඉල්ලීම ගැන බොහෝ දෙනා විමතිය පල කරයි. ඒ පිළිබඳව ලියවුනු ට්විටර් පණිවිඩ කිහිපයක් ඉහතින් දක්වා ඇත. තත්පර 20 කට පෙර දුම්රිය පිටත්වීම ගැන කිසිඳු මගියකු විසින් දෝෂාරෝපණයක් එල්ල කොට නැත.

එතකොට කෝමද එන පොසිටිව් ෆීලින් එක.