තත්යානා_ලී_ජයරත්න.
කවුද මේ රෝහිත රාජපක්ෂ බැන්ද තත්යානා ලී ජයරත්න
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුතා වන රෝහිත රාජපක්ෂ හෙවත් චිචී සුන්දර යුවතියක් සමග විවාහ වුණා. චිචී කියන නම ගැන මුලින් ම කතා කළොත්, එය වැටී තිබෙන්නේ ඔහුට ඊළඟට වැඩිමල් සොයුරු යෝෂිත රාජපක්ෂ කුඩා කාලයේ චූටි මල්ලි කියන වචනය උච්චාරණය කර ආකාරයෙනුයි. රගර් ක්‍රීඩකයකු මෙන් ම ගායකයකු, ගීත රචකයකු ද වන රෝහිත රාජපක්ෂ ඊට පෙර කලක ලොව ළාබාල ම ගගනගාමියා වීමට ද උත්සාහ දැරුවේ ය.
රෝහිතගේ අත ගත් මනාලිය වුණේ තත්යානා ලී ජයරත්න. ඇගේ පියා ජෙරම් ලී ජයරත්න වන අතර මව ඩියඩ්‍රි ද ලිවේරා ය.
ජෙරම් ලී ජයරත්න යනු 53හැවිරිදි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ හා ක්‍රිකට් ක්‍රීඩා කළ ඔහු පසුව සීසීසී කණ්ඩායමට ක්‍රීඩා කර එහි නායකත්වය ද දැරුවේ ය. ටෙස්ට් වරම් නොලැබුණ ද ඔහු ජාතික කණ්ඩායම ද නියෝජනය කළේ ය. පසු කලෙක ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පුහුණුව හා අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘති නිලධාරියකු ලෙස ද, ශ්‍රී ලංකා ක්‍රිකට්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලෙස ද, අන්තර්කාලීන පුහුණුකරුවකු ලෙස ද සේවය කළේ ය. පළපුරුදු පුහුණුකරුවකු වන ඔහු මැක්ස් ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධානියා ය. ඔහු පිළිබඳ සවිස්තර ඉංග්‍රීසි ලිපියක් මෙතැනින් >>>
25 හැවිරිදි තත්යානා සහ 29 හැවිරිදි රෝහිත අවුරුදු අටක් පමණ පෙම්වතුන් වී සිටි බව වාර්තා වේ.
රාජපක්ෂවරුන් දේශපාලනයේදී දැඩි සිංහල ජාතිවාදී හා බෞද්ධ ආගම්වාදී අදහස් දැරුව ද, ඔවුන්ගේ විස්තෘත පවුල බහු සංස්කෘතික විවාහයන් මගින් විවිධ ආගමික, ජාතික ප්‍රජාවන් සමග බැඳී සිටිති.
(මෙම ලිපිය සමග ඇති ඡායාරූප අන්තර්ජාලයේ හා සමාජ මාධ්‍යවල පළ වූ ඒවා ය. ඒ ඒ ඡායාරූපවල හිමිකරුවන්ට ඒවායේ ගරුත්වය හිමි වේ.)
http://praja.lk