තනි වූ ඇය

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හැමදේම බැලන්ස් එකේ කලා මචන්.
    රටත් දියුනු උනා. මිනිස්සුත් සතුටෙන් හිටියා
    යුද්දෙත් 2/3ක් ම ඉවර කලේ මෙතුමියගේ කාලේ. 2015 රාජපක්ශ ජුන්ටාව ඉවර කලෙත් මෙතුමියගේ නායකත්වයෙන් තමා.
    2024ටත් මෙතුමියගේ ආශිර්වාදය ලැබෙනවා නිසකයි
     
    Last edited:
    • Dislike
    Reactions: weer 11 and wpmanoj

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    හැමදේම බැලන්ස් එකේ කලා මචන්.
    රටත් දියුනු උනා. මිනිස්සුත් සතුටෙන් හිටියා
    යුද්දෙත් 2/3ක් ම ඉවර කලේ මෙතුමියගේ කාලේ. 2015 රාජපක්ශ ජුන්ටාව ඉවර කලෙත් මෙතුමියගේ නායකත්වයෙන් තමා.
    2014ටත් මෙතුමියගේ ආශිර්වාදය ලැබෙනවා නිසකයි
    මොංගල්ද... ඔය හැටිද.. 😂
     
    • Dislike
    Reactions: riduna pm

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    රටට ඉතිරි කල සුවද අප අදත් ඉල්ලයි
    මැය නමින් පොත් දහසක් ලියවේවා
    අප යන මග එමගින් එලි වේවා

    මේ රටේ අගමැතිවරුන් දෙදෙනෙකුට දාව උපත ලබා,
    මේ රටේ බිහිවූ ලස්සනම සහ ප්‍රසිද්ධම පිරිමියෙකුට බිරිඳ වී,
    සිය පියා ද සැමියා ද දේශපාලනයෙන්ම අහිමි කරගත්,
    දෙවරක් මෙරටේ විධායක ජනාධිපති වී,
    අවුරුදු 27ක් වූ ඊළාම් සටනේ ප්‍රභාකරන් සමග වැඩිම කළක් සටන් කල
    ඇය.....
    අද ලන්ඩන් නුවර පාරක
    කිසිවෙකුගේ ඇස නොගැටී......

    මක්නිසාද ... ඇය අද සිටින පාදඩ දෙසපලුවන් මෙන් හොරා නොකෑ නිසාය !
     
    • Like
    Reactions: Ragna_SL

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අත්දැකීම් ගොඩාක් වැදගත් මචන්
    චන්ද්‍රිකා කියන්නේ පක්ශ දේශපාලනය ගොඩාක් කල් කරපු කෙනෙක් නෙමේ
    එන්ගලන්තයේ ඉදන් ඇවිත් නිරායාසයෙන් මහඇමති අගමැති ඣනපති තනතුරු වලට ගියා
    පැතුම්ට ඒ අත්දැකීම් වැදගත්
    පැතුම් ඉන්නෙත් එන්ගලන්තයේ

    අනිවාර්යයෙන් මෙතුමිය මුණගැසී ඇත්දැකීම් බෙදා ගන්න පුලුවන් ❤❤❤
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    අවුරුදු 27ක් වූ ඊළාම් සටනේ ප්‍රභාකරන් සමග වැඩිම කළක් සටන් කල
    ඇය.....
    No comments 😂 😂 🤦‍♂️ 🔫 🔫
    චන්ද්‍රිකා ගෙනාපු බර අවි වලින්තමා මහින්ද යුද්දකලේ ....ඒක උබ නොදන්නවා උනාට යුද්දේ ගැන දන්නා උන් දන්නවා. අනික ඔය යුද්දේ අපි කරා කියලා කයිය ගහපු ඩබල ඇත්තටම යුද්දේ කරපු හැටි අද ඔප්පුවෙලා ඉවරයි ... සරත් පොන්සේකා නොහිටින්න සම්හරවිට අද ජනාදිපති ප්‍රබාකරන්
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රනිල් චන්ද්‍රිකා දෙන්නා එකතු උනා නන් 2004 දී 2005/6 කාලේදිම යුද්දේ ඉවර වෙන්න තිබ්බා මචන්. මහින්ද ගෝටා දෙන්නා යුද්දේ ඇදන් ගිය එක කලේ ඒ කාලේ
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,766
    5,734
    113
    පට්ට ආතල් කතන්දර තමා දැන් කට්ටිය චන්ද්‍රිකා ගැන කියන්නේ. යුද්දේ ඉවර කරේ එයාළු. එයාගේ බර අවි වලින් ලු මහින්ද කොටින්ට ගැහුවේ. මුන් යුද්දේ කලේ ඉපදිලාවත් නැද්ද. මම නම් යුද්ධ කරපු හැටි ගැන දන්නේ මහින්දයි චන්ද්‍රිකා යි විතරයි. හැබයි චන්ද්‍රිකාට යුද්දේ ඉවර කරන්න තිබ්බ උවමනාවනම් ලොකුවට තියනවා දැක්කා මහින්ද නිකම් හරි අර ආයුධ ටික ඉවර වෙනකම් කරලා බලමු කියලා විතරනේ කිව්වේ.

    ලංකාවේ ආර්ථික තත්වයට ලොකුම හානියක් කලේ ඔය වීර මාතාව තමා. මල්ටි බැරල් ගෙනාවේ මෙතුමිය කියලානේ කියන්නේ. මල්ටි බැරල් ගෙනාවේ රත්වත්තේගේ වුවමනාවන්ට. ආණ්ඩුවේ ලොකු ලොක්කෝ ඔක්කෝම එකතු වෙලා ගත්ත තීරණයක් විදිහට. මුලින්ම ග්‍රාඩ් එක එන්නේ රත්වත්තේ ඉල්ලපු ඉල්ලීමකට මුබාරක් ගෙන් චන්ද්‍රිකාගේ මාමා හැටියට සෑහෙන බලයක් රත්වත්තේට තිබ්බා. මුල් සෙට් එක ගැහුවාම කොටින්ට ආගිය අතක් අමතක උනා වැදුනු වැදිල්ලට. ඊළඟට තමා RM 70 ගෙනාවේ. අපේ අතිගරු වීර මාතාව හිටියේ ඉන්දියාවේ න් නැව් ඉල්ලන් ආමි එකේ කොළඹ ගේන්න. චන්ද්‍රිකා ගේ කාලේ තමා අපේ ආමි එක ජරාම පරාජ ටික ලැබුවේ අලිමංකඩ වත් බේරගන්න බැරි වුණා.

    රටේ තිබ්බ ලාබ ලබන ආයතන ඔක්කෝම පාඩු ලබන්නේ පටන් ගත්තේ මෙයාගේ යාළුවන්ට පින්සිද්ද වෙන්න තමා. වෙන එකක් තියා මෙයා ජනාධිපති වෙනකම් තෙල් සංස්ථාව පවා ලාභ ලැබුවා. තෙල් අඩුමිලට දීලා තමා ඒත්. ගුවන් විදුලිය, රූපවාහිනියට බිලියන ගනන් වල ස්ථාවර තැන්පතු තිබ්බා. සතොස නියෝජිතයෝ ගම් වල හිටියා. මෙයා මොකද කලේ තෙල් සංස්ථාවේ ලිහිසි තෙල් අංශය කැල්ටෙක්ස් ඒකට වික්කා. ඒක තමා තෙල් සංස්ථාවේ ලාබ ලබපු අංශය. තව නයිලෝන් කම්හල් වගේ තෙල් වල byproduct ගොඩක් නතර වුනා. අන්තිමට තෙල් පිරිපහදු පහසුවත් නතර වුනා. මහාරාජට උදව්වක් විදිහට ලයිසන් කැන්සල් කොලායින් පස්සේ රුපවාහිනී ගුවන් විදුලි වැටුනා නැතිවෙන්න.air Lanka ගනුදෙනු වෙනුත් හොඳ ගානක් ගහ ගන්න ඇති ඉමිරේට්ස් air Lanka ගත්තේ හිත්‍රෝ වල පාකින් ස්පොට් එක ගන්න කියලා මම අහලා තියෙන්නේ. අන්තිමට බදු කාලය ඉවර වෙන කොට තිබ්බ පේලේන් ටිකත් නැහැ.රක්ෂනේ වික්කා. මොකද පාඩු ලබන හින්දා ද? නිකන් සල්ලි එන ආයතන.

    අන්තිමට දියවන්නාව ලඟ ඉඩමකුත් ලියාගෙන ගෙදර ගියා. එකෙන් ඉල්ලන් කෑවා. දැන් ඉතින් එයාට උරුම එංගලන්තේ ම තමා. තාත්තා යි අම්මයි ගැන තාම රටේ මිනිස්සු ගෞරව කලාට එයා තිබ්බ තැන නැති කරගෙන ඉවරයි.