ගීතයක් නිර්මාණය කරන ආකාර දෙකක් තියෙනවා බොහො දෙනෙක් කරන්නේ පලමුවෙන් පද රචනය කරලා පසුව තනුව හා සංගීතය නිර්මාණය කරනවා. අනෙක් ක්‍රමය වන්නේ මුලින් තනුව නිර්මාණය කරලා පසුව පද රචනය කරන එක මේ දෙවැනි ක්‍රමය අනුගමනය කරන ඒ කියන්නේ තනුව මුලින් වචන පසුව යොදන එක පහසු කටයුත්තක් නෙමේ එහි අසිරුම කටයුත්ත පැවරෙන්නේ පද රචකයට තමයි. සිංහල ගීත කලාව ගැන සොයා බලනකොට මේ වගේ තනු වලට වචන යොදන දක්ෂකම් කරන්න හැම රචකයෙකුට වගේ අපහසු බව පෙනි යනවා. ඒ සඳහා සුවිශේෂ හැකියාවක් දක්ෂතාවක් ඇති පද රචකයන් කිහිප දෙනෙක් තමයි හිටියේ ඒ අතරේ මුලින්ම හිටියේ කරුණාරත්න අබේසේකර මහතා තනු වලට වචන දාන්න ඔහු තරම් උපන් හපනෙක් අපේ ගීත කලාව තුල මම දකින්නේ නෑ. ඔහුට අමතරව ප්‍රේමකිර්ති ද අල්විස්, අජන්තා රණසිංහ, කුමාරදාස සපුතන්ත්‍රි, සමන් චන්දනාත් විරසිංහ, හේමසිිරි හල්පිට, බන්දුල නානයක්කාරවසම් වගේ අය ඉදිරියෙන්ම සිටියා.
සංගීත අධ්‍යක්ෂකවරු හැටියට මුලින් තනු නිර්මාණය කරලා පසුව වචන යොදන්න වැඩි කැමැත්තක් දැක්වුයේ සරත් දසනායක, ස්ටැන්ලි පීරිස්, ක්ලැරන්ස් විෙජ්වර්ධන, සරත් ද අල්විස් වගේ නිර්මාණ ශිල්පින් හදුන්වන්න පුලූවන්, මේ ත්‍රේඩ් එකෙන් මම ඉදිරිපත් කරන්නේ තනුව සංගීතය මුලින් නිර්මාණය කරලා පසුව වචන යොදා නිර්මාණය කරන ලද සිංහල ස්වතන්ත්‍ර නිර්මාණ හින්දු හෝ වෙනත් භාෂාවකින් ගැයු ගී තනු සිංහලෙන් ගායනා කල අවස්ථා ඕනෑ තරම් අපේ නිර්මාණ තුල තියෙනවා නමුත් මේ ත්‍රේඩ් එකේ සිංහල ස්වතන්ත්‍ර නිර්මාණ ගැන අපි කතා කරමු. ඒ වගේම ඔබ දන්න තනුව වලට වචන යොදලා ගායනා කල සිංහල ගීත ගැන කෙටි සටහනක් එක්ක මෙහි පලකරන්න අපි එහෙනම් වැඩේ පටන් ගමු
මේ ගීතය අපි බොහෝ දෙනා දන්නා ගීතයක් කවුරුත් හිතන්නේ නෑ මෙය මුලින් නිර්මාණය කල තනුවකට වචන යෙදුව කියලා ගේය පද එකතු කරලා තියෙන්නේ ප්‍රේමකිර්ති ද අල්විස් මහතා තනුව සංගීතය ස්ටැන්ලි පීරිස්. මම අහලා තියෙන විදියට මේ ගීතය ලියන අවස්ථාවේ ප්‍රේමකිර්ති මහතා ඉදලා තියෙන්නේ හොඳ සිහියකින් නෙමේ අධික ලෙස මත්පැන් පානය කරලා ඒ වගේ වේලාවක මේ වගේ සොඳුරු වදන් එයි කියලා අපිට හිතන්න පුලූවන්ද? ඒ තමයි එතුමාගේ සුවිශේෂි දක්ෂතාවය ඔහු මගේ විරයෙක් ඒ සිදුවිම කියුවේ එතුමාට අපහාසයක් කරන්න නොවන බවත් කියන්න ඕනෑ. තවත් විශේෂයක් තියෙනවා මේ ගීතයේ එන අපුරු වයලීන් නාද රටා එකතු කරන්නේ රොක්සාමි මාස්ටර් අහලා බලන්න එහෙනම් මේ ගීතය