තන පුඩුව ලොකු වැඩියි කියා දිවිනසාගන්න හදල
මුලින්ම කියන්න ඕනේ මේක මම "ඩොකාගේ ඩයරිය - Dokage Dayariya" Facebook page එකෙන් උපුටා ගත්තකි,
ලියන්නේ - සීමාවාසික වෛද්‍ය ජයසංඛ නවෝද් - ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල...
මානසික රෝග කියන්නේ කොයි වෙලේ කාට මොන විදියට ඒවි ද කියල හරියට කියන්න බැරි දෙයක්.
අද කතාව ඒ වගේ ලෙඩෙක් ගැන.
මෙයා මං ළඟට ඇවිත් මොකද්දෝ ලියපු කොළ කෑල්ලක් දික් කරනවා.
ඒකෙ ලියවිලා තියන්නේ මෙහෙම කතාවක්.
ඩොක්ටර්, මට ප්‍රශ්නයක් තියනවා. මගේ පියයුරු වර්ධනය වෙලා වැඩියි වගේ වෙන පිරිමි කෙනෙක් ට සාපේක්ෂව. ඒ හන්ද ම මං වෙන කෙනෙක් ඉන්න තැනක ටී ෂර්ට් එක ගලවන්නේ නැතුව ඉන්නේ. කොච්චර රස්නී උනත් රෑට වත් මං ටී ෂර්ට් එක ගලවන්නේ නැහැ බෝඩිමේ කට්ටිය ඉන්න හන්ද. මේ ගැන හිතලා ම මට දැන් නින්ද යනවත් හොරයි. හැම දේ ම එපා වෙලා තියන්නේ. මං හතර පාරක් ම සිය දිවි හානි කරගන්නත් ගියා. Please ඩොක්ටර් මට උදව් කරන්න.
හරි. මට ඔයාගේ ප්‍රශ්නේ තේරෙනවා. අපි ඉස්සෙල්ල ම ඔයාගේ පියයුරු පරීක්ශා කරලා බලමු.
පරීක්ෂා කරලා බලද්දී මොහුගේ පියයුරු ඇත්තට ම සාමන්‍ය ප්‍රමාණයේ. කිසි ලෙසකින් වත් විශාලබවක් නම් පෙනෙනට තිබුණේ නැහැ.
ඉතින් මා ඒ බව ඔහුට පවසා සිටියා.
නමුත් ඔහු දිගින් දිගට ම පවසන්නේ ඒවා අනික් අයට වඩා විශාල බව.
මෙය එක්තරා මානසික රෝගී තත්වයක්.
මා වෛද්‍ය සිසුවකු කාලයේ දිනක් මා සිටි ශල්‍ය වෛද්‍ය සායනයකට පැමිණි රෝගියෙකු පවසා සිටියේ ඔහුගේ කටේ විශාල තුවාලයක් ඇති බවයි. මුඛය පරීක්ශා කර බැලූ විට එවන් කිසිදු ආකාරයේ තුවාලයක් දකින්නට තිබුණේ නැහැ. කෝ තුවාලයක් නැහැනේ කියා මා පැවසුවත් ඔහු මා හා එකඟ වූයේ නැහැ. ඩොක්ටර් ආයෙත් බලන්නකෝ.ඔයා හරියට දකින්න නැතුව ඇති. නැවත ඔහුගේ මුඛය ඇතුළත පරික්ෂා කර බැලුවත් එවන් කිසිදු ආකාරයක රෝගී තත්ත්වයක් ඔහුගේ මුඛ තුළ තිබුණේ නම් නැහැ. ඉතින් අප සායනයේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා ඔහුව මානසික රෝග සායනයට යොමු කරනවා.
අද කතාවේ මල්ලී ඔහුගේ මේ ප්රශ්නය ගැන කොතරම් තදින් සිතලා ද කිවහොත් ඒ හේතුව නිසා ම ඔහු ජීවිතය ගැන කලකිරී සියදිවි හානි කරගැනීමටත් තීරණය කරලා.
සියදිවි හානි කරගැනීම විශාදය එනම් depression රෝගයේ එක් රෝග ලක්ෂණයක්. ඉතින් මා ඔහුගෙන් විශාදයේ අනෙකුත් රෝග ලක්ෂණ ගැන ද විමසා සිටියා.
ඔව් ඩොක්ටර්, මට හරියට නින්ද යන්නෙත් නැහැ. නින්ද ගියත් මහ රෑ දෙකට විතර ඇහැරෙනවා. කෑම කන්න හිතෙන්නෙත් නැහැ. ඔක්කොම එපා වෙලා වගේ. ජීවත් වෙලා වැඩක් නැහැ වගේ.
ඔව්.ඔහු විශාදයෙන් ද පීඩා විඳිනවා.
ඉතින් මා ද මේ පියයුරු ලොකු වැඩියි කියනා මල්ලී ව විශේෂඥ මනෝවෛද්‍යවරයෙකු වෙත යොමු කරනවා.
මාස දෙකකට පමණ පසු දිනෙක ඔහු නැවතත් මට මුණගැසෙනවා.
දැන් කොහොමද ඔයාට? තාම අරෙහෙම හිතෙනවාද ?
නෑ ඩොක්ටර් දැන් පොඩ්ඩක්වත් එහෙම හිතෙන්නේ නැහැ. දැන් මං කමිසෙ ගලවලා ඉන්නවත් එක්ක.
අර ජීවිතේ එපා වෙච්චි ගතියත් දැන් නැහැ.
මගේ ජීවිතේ ට දැන් අලුත් බලාපොරොත්තු ඇවිත්. මං ආයෙම exam කරන්නත් පටන් ගත්තා.
ගොඩක් ස්තූතියි මාව අර ඩොක්ටර් ළඟට යැව්වට. එයා දුන්න බේත් මං තාම බොනවා.
ඉතින් මේක කියවන ඔයාල දැන් හිතයි මගෙත් සමහර අවයව ලොකුයි/ පොඩියි එහෙම කියල. ඒත් බයවෙන්න එපා ඒක මානසික රෝගයක් නෙවෙයි. මානසික රෝගයක් වෙන්නේ ඒ සිතුවිල්ල කොච්චර අමතක කරන්න හැදුවත් ආයෙම ආයෙම හිතට එනව නම් විතරයි හොඳේ.
ඒ වගේ ම ඒ ගැන හිතලා විශාදය එහෙමත් නැත්නම් depression කියල හැදිලා කියලා කියන්න නම් විශාදය රෝගයේ රෝග ලක්ශන අඩුම සති දෙකක් වත් තියෙන්නත් ඕනි.
ලෝකයේ සෑම මිනිසුන් 2-5 % ක් ම විෂාදයෙන් පිඩා විඳිනවා කිවොත් ඔබ සමහර විට පුදුම වේවි. විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසන පරිදි ශ්‍රී ලාංකිකයන්ගෙන් 800 000 දෙනෙක් පමණ විෂාදයෙන් පිඩා විඳිනවා. එසේම ඕනෑම අයෙකුට ජිවිත කාලයේදී විෂාදය වැළඳීමේ අවකාශය 10-20 % අතර වනවා. එසේම මෙම තත්වය මාසයේ සිට මාස 6 දක්වා තිබෙන්නටත් පුළුවන්. නිසි ප්‍රතිකාර නොලදහොත් වසර දෙකක් දක්වා දික් ගැස්සෙන්නටත් පුළුවන්.
කොහොමද කෙනෙක් ට depression කියල අඳුරගන්නේ??
මෙහෙමයි. ඒ සඳහා diagnostic criteria එහෙමත් නැත්නම් රෝග ලක්ෂණ 10ක් පමණ තිබෙනවා. රෝගියාට ඇති රෝග ලක්ෂණ ගණන අනුව සුළු, මධ්‍යම සහ උග්‍ර ලෙස මෙම රෝගය බෙදා වෙන් කෙරෙනවා. ඒ අනුව ප්‍රතිකාර විධි ද වෙනස් වෙනවා.
මෙම රෝග ලක්ෂණ ප්‍රධාන සහ උප ප්‍රධාන ලෙස කොටස් දෙකකට බෙදා තිබෙනවා.
ප්‍රධාන රෝග ලක්ෂණ
1. දුක්මුසු, කනස්සලු ස්වභාවය (depressed mood)
2. කිසිම දෙයකට ආසාවක් නැති ගතිය (Lack of Enjoyment / Pleasure) මෙයාල ඉස්සර කරපු සතුටක් ගෙන දෙන වැඩ දැන් කලාට කිසි සතුටක් නැහැ ( සින්දු කියනවා වගේ )
3. කිසිම දෙයක් කරන්න පන නෑ වගේ දැනීම සහ සෑම විටම වෙහෙස ගතියක් දැනීම (lack of energy)
උප ප්‍රධාන ලක්ෂණ
1. අවධානය සහ මානසික ඒකාග්‍රතාවය නැති වීම
2. ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසය නැති වීම
3. තමාවම අව මානය කිරීම සහ තමන් ලෝකයට කිසි වැඩක් නැති පුද්ගලයෙකු බවට සිතීම
4. අනාගතය කෙරෙහි සෘණාත්මක හැඟීම් ඇතිවීම
5. සියදිවි හානි කරගැනීමේ සිතුවිලි සහ තමාට හානි සිදු කරගැනීමේ සිතිවිලි
6. බොහෝවිට ආහාර අරුචිය, සමහර විට අනවශ්‍ය ලෙස සිදුකරන ආහාර අනුභවය. රෑට නිදාගන්න ගියත් බොහෝ වෙලාවකට නින්ද නොයෑම සහ වෙනදාට වඩා පැයකට දෙකකට පෙර නින්දෙන් ඇහැරිම සහ ඉන් අනතුරුව නින්ද නොයාම
මීට අමතරව ඇඟේ පතේ අමාරු, බඩේ දැවිල්ල, මළ බද්ධය, ඔසප් නතරවී තිබීම, ලිංගික බෙලහිනතාවය සහ ලිංගික ගැටළු, කිසිදු හේතුවක් සොයාගැනීමට නොහැකි දිගුකාලින ව පවතින කායික රෝග ද විශාදයේ රෝග ලක්ෂණ විය හැකියි.
මා කලින් සඳහන් කල පරිදි ඉහත රෝග ලක්ෂණ තිබෙන ප්‍රමාණය අනුව විශාදය සුළු මධ්‍යම සහ උග්‍ර ලෙස කොටස් කර දක්වනවා. ඒ අනුව සිදුකරන ප්‍රතිකාර ද වෙනස් වනවා.
උග්‍ර විෂාදය තියන සමහර අයට විවිධ නරක ශබ්ද ඇසීම මායාවන් පෙනීම වගේ දේවල් සිදුවෙනවා. ඒවගේම එයාල ඔහේ බලාගත්තු අතේ බලා ඉන්නවා. දවස් ගණන් දත් මැදල මුණ හෝදලා නෑ.
කලින් කිව වගේම depression එහෙමත් නැත්නම් විශාද රෝගයේ තියන භයානක ම දේ තමයි මෙයාලට සියදිවි හානි කරගන්න හිතෙන එක.
පහත ලක්ෂණ පෙන්නුම් කරන්නන් සියදිවි හානි කරගන්නට ඉතා ඉහළ chance එකක් තිබෙනවා.
1.අරමුණක් නැති කම (sense of hopelessness) සහ නිතර එන සියදිවි නසාගැනීමේ සිතුවිලි
2.සියදිවි නසා ගැනීම ගැන අන් ඇය සමඟ දෙඩවීම
3.සියදිවි නසාගැනීම කරන්නේ මෙලෙස බවට plan එකක් තිබීම
4.පෙරදී සියදිවි නසා ගැනීමට උත්සහ කර තිබීම
5.සමාජයෙන් කොන්වී සිටීම, තනිව ජිවත් වීම
6.මත්ද්‍රව්‍ය භාවිතය
7.බෙහෙත්, කෘමි නාශක, ගිනි අවි, එල්ලීමට බාල්කයක් පැනීමට කෝච්චියක්, ගඟක් ආදී දේ පහසුවෙන් ලබාගත හැකි වීම.
ඉතින් ඔයා දන්නා කෙනෙක් මෙහෙම නම් බල බල ඉන්න එපා. ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න.
කෙනෙක් ට විෂාදය වැළඳීම ට හේතු බොහෝ ගණනක් තිබෙනවා.
ඔබගේ ලංගම ඥාතියෙකුට විෂාදය ඇතිනම් ඔබට ද මෙය වැළඳීමට සම්භාවිතාවයක් තිබෙනවා.
එසේම පිලිකා තත්ත්ව, අංශභාග තත්ත්ව, හාට් ඇටෑක්, වකුගඩු සහ අක්මා රෝග දියවැඩියාව, වැනි දිගුකල් පවතින රෝග ඇති අයට ද විෂාදය වැළදීමේ ඉහල ඉඩකඩක් තිබෙනවා.
එසේම දිගු කාලයක් තිස්සේ ඇල්කොහොල්, හෙරොයින්, කොකේන් වැනි මත්ද්‍රව්‍ය ගන්නා ඇය ද පසුකාලීනව විෂාදය වැළඳීමේ ඉහල හැකියාවක් තිබෙනවා.
සමහර සුළු දේටත් අඬනවා. හරිම සංවේදී. සමහරු මොන ප්‍රශ්නේ තිබුනත් දරාගෙන එක හිතින් අමතක කරලා හිටියට තවත් සමහරු පොඩි ප්‍රශ්නයක් ආවත් හිතින් මාර විදියට වැටෙනවා. එසේම සමහරු ඉන්නවා මොක කරත් negative සිතන. මොවුන්ටත් විෂාදය වැළඳීමේ ඉහළ හැකියාවක් තිබෙනවා.
එසේම සමාජයේ කොන් වෙලා වගේ ඉන්න අයටත් විෂාදය වැළදීමේ වැඩි අවස්ථාවක් තිබෙනවා. ඒ ඔවුන්ගේ ප්‍රශ්න කියන්න කෙනෙක් නැති හන්ද.
මිට අමතරව ළඟින් සිටියෙකුගේ මරණයක්, ප්‍රේම සම්බන්දතා බිඳී යාමක්, ආර්ථික ප්‍රශ්න , පුද්ගල සම්බදතා වල ප්‍රශ්න, රාජකාරි ස්ථානයේ ප්‍රශ්න,විභාග ආදී මානසික පීඩනය වැඩි කරන සමාජමය ප්‍රශ්න ද විෂාදය සඳහා හේතු සාධක වනවා.
විෂාදය තිබෙන රෝගියෙක් තමන්ගේ ජිවිතයට අනතුරක් සිදුකර ගැනීමේ ඉහල හැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ සිය දිවි නසාගන්න ඉහල හැකියාවක් තිබෙනවා. ඒවගේ ම විෂාදය තිබෙන රෝගීන් ආහාර අනුභව නොකිරීම නිසා ජිවිතයට හානි වීමේ අවධානමක් පවතිනවා. කලාතුරකින් අවස්ථාවක විෂාදය ඇති රෝගීන් වෙනත් අයට විශේෂයෙන්ම පවුලේ අයට කරදර කල අවස්ථා ද වාර්තා වී තිබෙනවා.
බොහෝ දෙනෙක් සිතන දෙයක් තමයි විෂාදය එහෙමත් නැත්තම් depression කියන්නේ ලෙඩක් නෙවෙයි ඒ හන්ද මේකට ප්‍රතිකාර අවශ්‍ය නැහැ කියන එක.
ඔයාලත් එහෙම හිතන් ඇති.
ඒත් ඒක එහෙම නෙවෙයි. මේකත් උණ හෙම්බිරිස්සාව වගේ ලෙඩක්. එකේ මට්ටම අනුව සමහර වෙලාවට බෙහෙත් දෙන්නත් ඕනි, councelling වගේ මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර කරන්නත් ඕනි, මොළේට කරන්ට් එක අල්ලනවා (ECT) වගේ තව තව treatments කරන්නත් ඕනි.
වැදගත් ම දේ තමයි මේ ලෙඩේට දෙන ඖෂධ ප්‍රතිකාර හරියට වැඩ කරන්න නම් ටික කාලයක් යනවා කියන එක. අඩුම සති දෙකක්. ඒ වගේ ම ලෙඩේ අඩු උණ කියල බෙහෙත් නවත්තන්නෙත් නැහැ. ලෙඩේ හොදටම හොදවෙලා ටික කාලයක් යනකන් බෙහෙත් බොන්න ඕනි. එහෙම නොවුනොත් යේ මතුවෙන්න chance එකක් තියනවා.
ඉතින් මේ අතරේම මෙයාගේ මේ ප්‍රශ්නෙට හේතුව හොයන එක නිරාකරණය කරන්නත් ඕනි. මෙයාලට දෙන support එක ලෙඩේ හොද කරගන්න හරිම වැදගත්.
ඉතින් අන්තිමට කියන්නම්. හිත කියන්නේ අපේ ඇඟේ තියන අක්මාව, වකුගඩු වගේ තවත් එක අවයවයක්. ඒවා ලෙඩ වෙනවා වගේ හිතත් ලෙඩ වෙනවා. ප්‍රධානම රෝග ලක්ෂණය තමයි මැරෙන්න හිතෙන එක. එහෙම කියන කෙනෙක් ට කරන්න තියෙන හොදම දේ තමයි සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හරහා විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු වෙතට යොමු කරන එක.
නිසි ප්‍රතිකාර වලින් විතරමයි මේ කියන සියදිවි හානි කරගැනීමේ සිතුවිල්ල නැතිවෙලා යන්නේ. හොදේ...
අපේ රෝගියා ගැන නැවත හැරුනොත් ඔහු දැන් ආසාවෙන් වැඩ කරන්නේත් නව බලාපොරොත්තු ඇතිව සිටින්නේත් ඔහුගේ මේ විශාද රෝගී තත්ත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙන නිසාවෙන්.
ඉතින් ඔබ දන්නා කෙනෙක් මේ කියන ඕනෑම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරනවා නම් ඔහු හෝ ඇය වෛද්‍ය උපදෙස් ලබාගැනීම ට යොමු කිරීම වැදගත්. එසේම ඔබට සිතෙනවා නම් ඔබත් මේ කියන ආකාරයේ කෙනෙක් කියා, නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගන්න කියන එකත් මේ වේලාවෙම කියන්න ඕනි.
මේකත් කියන්න ඕනි. ඔයාල හිතයි දුකෙන් ඉන්න කෙනෙක් ට විතරයි depression තියන්නේ කියලා. නැහැ. හැමවෙලේම හිනාවෙලා ඉන්න කෙනෙක් ටත් ඒ වගේ ම විශද තත්ත්වයෙන් පිඩා විඳිනවා වන්නට පුළුවන්. මොකද එයාල තමන්ගේ දුක හන්ගන් ඉන්න හිනාව පාවිච්චි කරනවා වෙන්න පුළුවන් හන්ද...
තන පුඩුව ලොකු වැඩියි කියා දිවිනසාගන්න හදලා....