විශේෂ හැකියාවකට තියෙන්නේ listening තමා. කවුරුහරි දුක කියනවනං අහගෙන ඉඳලා ඒකට විසඳුමක් දෙන්න කල්පනා කරන එක. අසනීපෙන් ඉන්න අම්මා වෙනුවෙන් වෙලාව වෙන්කරලා තියෙන්නේ. සමහර වෙලාවට එකම දේ කියනවා, ඒත් ඒක අහගෙන ඉඳීමෙන් එයා සතුටක් ලබනවනේ කියල මටත් පට්ට හැපි එකක් එනවා. ඔය වගේ ගොඩක් අයට වෘත්තීය මට්ටේමෙන් උදවු කරල තියෙනවා.
අනික් විශේෂ දේ අමාරු වෙලාවල් වලට පිං කරන්න ඕන කියල හිතන එක. ගිය අවුරුද්දේ මුදල් වියදම් වෙන අවස්ථා කීපයක් තිබුණා. ඒත් බරපතළ ගානක් (ලක්ෂ ගානක්) දාල ධර්ම දාන වැඩක් කළා. එළකිරි එකෙන් ඉගෙන ගත්ත දේ කිව්වට මේකේ සමහර අය අසනීප වෙලා සහ තමන්ගේ කෙනෙක් මිය ගියා කියල ත්රෙඩ් දැකලා තියෙනවා. දැකපු හැම ත්රෙඩ් එකක් වෙනුවෙන්ම එක එක වෙලාවට පින් අනුමෝදන් කරලා තියෙනවා පොඩි පොඩි ගණනුත් දාන විදිහට දීලා.
මේකේ shawije, TARO , Die-hard දාපු ත්රෙඩ් වලින් වෙනම fields වල දේවල් ඉගෙනගෙන තියෙනවා. shawijeගේ udemy courses 6ක් විතර ඉවර කළා. ඊට අමතරව සමහර කාරණාවලදී ගොඩක් අය ඒ අය දන්නා විදිහට දේවල් කියලා දීලා තියෙනවා.



පට්ට.

