අනිත් එක තුරු පලාත මේ ආන්ඩුව හැන්ඩ්ල් කරන විදිහ හුඟක් වැරදියි.2009 පස්සේ එහේ සන්නද්ද අරගලයක් නෑ.කවුරුත් සටන් කරන්නේ නෑ.ඇත්තටම උතුරේ දැන් තියෙන මිලිටරි පාලනය නවත්තලා සිවිල් පාලනයක් හදන්න ඕන.අද උතුරට ඉන්නේ මිලිටරි පාලකයෙක්.ඒක ඉතාම ජාත්‍යන්තරව භයානකයි.ඒක නිසා හමුදාව එහේ පාලනයෙන් අයින් වෙලා පොලිසියට පාලනය දෙන්න කාලේ ඇවිල්ලා.මේක තමයි තියෙන ලොකුම චෝදනවා.සිංහල අපි උතුරේ මිලිටරි පාලනයක් ගෙනියනවා කියලා.මේක නිසා සම්බාධක දාගෙන රටම වනසගන්නවට වඩා ජාත්‍යන්තර පීඩනයක් අරගෙන රට අගාධයට ගෙනියනවට වඩා දේශපාලනික සහ රාජ්‍ය තාන්ත්‍රික නායකත්වයක් උතුරට ලබා දෙන්න ඕන.එහෙම දේශපාලන නායකත්වයක් හෝ රාජඨ්තාන්තික බාවයක් සිංහල අපෙන් පේන්නේ නෑ.
