එදිනෙදා අධිකරණයේදී අපිට දකින්න ලැබෙනවා මොහොතක තරහවක් නිසා සිදු වෙන කරදර. ඒවා තරහ ආපු කෙනාටත් කරදරයක්. ඒ තරහට ලක් වුන කෙනාටත් කරදරයක්. ඒ අයගෙ පවුල්වලටත් කරදරයක්. සමහර අය ඉන්නෙම තරහෙන්. මොන දේ කලත් දකින්නෙ වරදක්. ඉතින් ඉන්නෙ තරහෙන්. ශ්‍රේෂ්ඨයි කියලා ලෝකය හඳුන්වන කිසිම කෙනෙක් තරහව හොඳයි කියලා කියන්නෙ නෑ. නොයෙක් හේතු නිසා මිනිස්සු තරහ ගන්නවා. තමන්ට තියෙන වස්තු සම්පතුත් සමහරුන්ට කේන්තියෙන් ජීවත් වෙන්න හේතුවක්. දැකලා නැද්ද තමන්ට අයිති දෙයක් වෙන කෙනෙක් ඇල්ලුවත් යක්ෂාවේශ වෙන මිනිස්සු?
එක්තරා රජ කෙනෙක් හිටියා මේ වගේ හැමවෙලාවෙම තරහෙන් ඉන්න. රටේ මිනිස්සු රජාට බය නිසා ප්‍රසිද්ධියේ රජුව විවේචනය නොකලත් හොරාට විවේචනය කලා. ඉතින් මේ රජුව තරහෙන් ජීවත්වෙන රජෙක් විදියට ප්‍රසිද්ධ වුනා.
ඔය රජු ඉන්න නගරෙ හරහා දවසක් එක්තරා භික්ෂුවක් වැඩම කරනවා. උන්වහන්සේටත් මේ රජු ගැන අහන්න ලැබුනා. ඉතින් භික්ෂූන්වහන්සේ කල්පනා කලා රජුට පාඩමක් ඉගැන්නුවොත් හොඳයි කියලා.
මේ භික්ෂුව කිසිම අවසරයක් නැතිව රජතුමාගේ මාලිගයට ඇතුල් වුනා. ඇතුල් වෙලා රජුගෙ ඉස්සරහටම වැඩම කලා. භික්ෂුව දැක්ක ගමන් රජුට තරහයි.
"මුඩු මහණ, ඔබ මාගේ අවසරයක් නැතුව මෙතැනට ඇතුල් වුනේ කොහොමද ?" රජු ප්‍රශ්න කලා.
"රජතුමනි, මට මේ නවාතැන්පලේ අද නවාතැන් ගන්න අවශ්‍යයි. ඒකයි මන් ආවේ" භික්ෂුව බොහොම කරුණාවෙන් උත්තර දුන්නා.
"මක්කිව්වා. මේක මගේ මාලිගය, නවාතැන්පලක් වෙන්නෙ කොහොමද?" රජතුමා තරහෙන් කෑ ගැහුවා. භික්ෂුව සැහැල්ලුවෙන් ම උත්තර දුන්නා.
"රජතුමනි. ඔබට පෙර මේ මාලිගයේ පදිංචිවෙලා උන්නෙ කව්ද"
"මගේ පියා. ඔහු තමයි මට කලින් මේ මාලිගයේ පදිංචි වෙලා ඉඳියෙ."
"ඊට කලින් කව්ද පදිංචි වෙලා ඉඳියෙ"
"මගේ පියාගෙ පියා. ඔහු තමයි පියාට කලින් මෙහෙ රජ."
"ඔබට පස්සෙ මේ මාලිගයේ කව්රුන් පදිංචි වේවිද?"
"මගෙන් පස්සෙ රජවෙන කෙනා පදිංචි වේවි"
"රජතුමනි. ඔබට මේක මාලිගාවක් උනාට පේනවද ඇත්තටම මේක මොකක් ද කියලා. එක එක අයට කාලයකට නවාතැන් ගන්න පුළුවන් ස්ථානයක් විතරයි. දවසක ඔබටත් මෙතැන හැර යන්න වෙනවා. එවැනි තැනක් මාලිගාවක් කියලා හැඳින්වුවාට මාලිගාවක්ම ද නැත්නම් නවාතැන්පලක් ද කියලා ඔබම හිතන්න."
භික්ෂුවගෙ උත්තරය දිගේ ටිකක් කල්පනා කලාම රජ්ජුරුවන්ට තේරුනා මොකක් ද මේ කියන්නෙ කියලා.
"රජතුමනි. එහෙම දේකට ඔබේ කියලා නිකන් තරහ ගැනීමේ ප්‍රතිඵලයක් තියෙනවද කියලා ඔබම හිතා බලන්න."
භික්ෂුව රජතුමාට කිව්වා. රජතුමා භික්ෂුවට දණ ගහලා වැන්දා. ඔහුට සත්‍යය වැටහුනා. ඔහු භික්ෂුවට පොරොන්දු වුනා ආපහු තරහ ගන්නෙ නෑ කියලා.
තරහව කියන්නෙත් මිනිස් හිතේ ඇති වෙන හැඟීමක්. පෘථග්ජනයින්ට තරහ යෑම ස්වභාවිකයි. ඒත් තමුන්ට තියෙන වස්තු සම්පත් නිසා තරහ ගන්න එක කොයිතරම් ප්‍රයෝජනවත් ද කියලා තමුන්ම හිතා ගන්න ඕනා.