තල්ලුවක් ඕනෙද?

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    තල්ලුවක් ඕනෙද?

    උපටා ගන්නා ලද්දේ අන්තිම පේලිය සයිට් එකෙනි.

    කතාව ලිව්වේ හදයා

    =========================================================

    …වෙලාව රෑ 3 ට විතර ඇති. නෝනයි මහත්තයයි සැපට නිදි. එලියෙ පට්ට වැස්ස. මේ අස්සෙ මොකෙක් ද එකෙක් දොර කඩන්න හදනව. මහත්තයට දැන් මල. මොකාද මේ අවේලාවෙ දොර කඩන්න හදන්නෙ කියල බලන්න මහත්තයත් නැගිටල ගියා. දොර ඇරල බලනකොට බීපු පොරක් වැස්සෙ තෙමි තෙමි ඉන්නව.

    මහත්තය : මොකද ඕයි මේ අවේලාවෙ.

    බීපු පොර : මහත්තය, මහත්තයට කරදරයක් නැත්නම් මට පොඩි තල්ලුවක් දාන්න පුළුවන්ද?

    “මේ වෙලාවෙ මොන තල්ලුද ඕයි. යනව යනව ගිහිල්ල වෙන කෙනෙක් හොයා ගන්නව” කියපු මහත්තය දොරත් වහල දාල ආපහු ගියා නිදාගන්න.

    මේ අස්සෙ නෝනත් ඇහැරිල.

    නෝන : මොකද අනේ වෙලා තියෙන්නෙ?

    මහත්තය : මේ කොහේද යන බීපු එකෙක්, මට කියනව මිනිහගෙ වාහනේට තල්ලුවක් දාන්නලු. මම මිනිහව එලව ගත්ත.

    නෝන : අනේ එහෙම හරි නෑනෙ. ඔයාට මතකද දවසක් රෑ අපේ වාහනෙත් කැඩුණු වෙලාවෙ මනුස්සයෙක් අපිට උදව් කලා. ඒක නිසා ඔයා යන්න. ගිහිල්ල වාහනේ තල්ලු කරල එන්න.

    මහත්තයට දැන් තවත් මල. නෝන කියන නිසා නොගිහිල්ලත් බෑ. ඒක නිසා මහත්තය ආපහු දොර ඇරගෙන ගියා එලියට.

    මහත්තය : කෝ… තමුසෙ ඉන්නවද?

    බීපු පොර : ආ ඔව් මහත්තය ඉන්නව.

    මහත්තය : තමුසෙට තල්ලුවක් ඕනෙද?

    බීපු පොර : අනේ පුළුවන්නම් මහත්තය ලොකු දෙයක්.

    මහත්තය : කෝ… කොහේද තමුසෙ ඉන්නෙ. මට පේන්නෑ.

    බීපු පොර : ආ මෙහේ මහත්තය…. මේ ඔංචිල්ලාවෙ.

    මහත්තය : $#%#@?*%