තවත් එක් කතාවක් නොවේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තවත් එක් කතාවක් නොවේ

    21768236_1699240516776633_8606778866069793464_n.jpg



    ' තවත් එක් කතාවක් නොවේ හදවතේ රිද්මය වෙනස් වූ මොහොතක් '




    "B.M. සමිත බණ්ඩාර...කෝ දෙමව්පියෝ..?''
    ඒ තවත් එක සිසුවෙකුගේ වාරයයි..

    ''සර්... අද කාටවත් එන්න වෙන්නේ නෑ ...අම්මා කොලඹ ගියා උත්සවයකට..''
    අළුතින් පැමිණි පන්තිභාර ගුරුතුමාට සමිතගෙන් ලැබුනේ එවන් පිළිතුරකි.

    ''උත්සවයකට ගියා ....? කෝ එතකොට තාත්තා...? ''
    ''තාත්තා නෑ සර් ...'' යන පහත් ස්වරයත් සමගම ඔහුගේ හිස පහල වැටුණු අතර
    පාදයේ ඇගිලිතුඩු වලින් සෙරෙප්පුව පහුරු ගාන්නට විය.
    ''ගුරු-දෙගුරු රැස්වීම තියනවා කියලා දැනුම් දුන්නේ
    සති දෙකකට කලින් නේද මනුස්සයෝ..?
    අම්මට තිබ්බේ නැද්ද ඔය ගමන වෙන දවසකට දාගන්න..?
    මේක මගේ පලවෙනි ගුරු-දෙගුරු රැස්වීම..
    මේ සැරේ ශිෂ්‍යත්වය ලියන්න ඉන්න ළමයෙක්ගේ අම්මගේ හැසිරීම හරිම අපුරුයි..
    තමුසෙලාට උගන්වන අපිට ගහන්න ඕන..''

    රේජිස්ටරයේ ඊලග නම සොයන අතරතුර
    ගුරුතුමාගේ මුවින් ගලාගිය වචනවලින්
    සමිතගේ සෙරෙප්පුව මත
    කදුලක් වැටුණුබව ගුරුතුමාට නොපෙනුනි.
    එක් එක් දරුවා සහ ඔවුන්ගේ දෙමාපියන් සමග ගුරු දෙගුරු රැස්වීම පැවැත්විණි.

    විවේක කාලය එළඹියේ ය. වෙනත් පහල පන්තියක ඉගෙනුම ලබන
    අදාළ ගුරුතුමාගේ දරුවාට,
    විවේක කාලය තුලදී ආපනශලාවේ ගුරුවරුන්ගේ අන්තයේ සිට,
    කෑම කවන සිරිතක් අළුත් ගුරුතුමා සතුව පැවතිනි.
    සුපුරුදු පරිදි ගෙදරින් ගෙනා කෑම පාර්සලය දිගහරිත්ම,
    ආපනශාලාවේ දොරලග තවත් දරුවෙකු
    පොතක්ද තුරුළු කරගෙන
    සිටින බව ගුරුතුමාට පෙනුණි.

    ''ඔය සමිත නේද..? මොකද ඔතන කරන්නේ...''
    ''සර්..මට සර්ට පොඩ්ඩක් කතාකරන්න පුළුවන්ද..?''
    ''මෙහෙ එනවා..මොකක්ද ප්‍රශ්නේ....?"
    පපුවට තුරුළුකරගෙන සිටි පොත මේසය මත තබමින්,
    එහි පිට කවරය අස්සෙන් ජායාරූපයක් ගෙන
    එය ගුරුතුමාට පෙනෙන සේ මේසයේ පසෙකින් තැබීය.
    සිනාමුසු මුහුණින් සිටින ගැබ්බරකාන්තාවකග

    බද වටා අතපටලවා ගත් හමුදා සෙබළෙකුගේ පින්තුරයක් එහි විය.

    ''මේ කව්ද පුතා ..?'' ගුරුතුමාට යමක් ඉවවැටෙන්නට විය..
    ''සර්..මේ ඉන්නේ මගේ අම්මා...
    මම තමයි සර් මේ අම්මගේ බඩ ඇතුලේ ඉන්නේ...
    බඩ ඇතුලේ ඉන්න මගේ ඔලුවට අතතියාගෙන ඉන්නේ
    මගේ තාත්තා...
    මෙච්චරයි සර් අපි තුන්දෙනාම එකට ඉන්න
    පොටෝ එකකට තියෙන්නේ...
    ඊලග සතියේ තාත්තා යුද්ධෙදි
    වෙඩිවැදිලා නැතිවෙලා තියෙනවා....
    අද රණවිරු උත්සවයක් කොලඹ කැම්ප් එකක තියෙනවලු
    කියලා අම්මා උදෙන්ම ඒකට ගියා..
    ඒකයි සර්..මගේ අම්මට අද එන්න බැරි උනේ..
    මම කොහොමහරි හෙට එක්කං එන්නං සර්...'' ඔහුගේ දෑස්තුලින් කදුළු කඩාවැටෙන්නට විය.
    මැදිවියේ පසුවූ ගුරුතුමාගේ උගුර වේලි
    යමක් උගුර තුල තෙරෙපනු ඔහුට දැනින..
    සමිතව පපුවට තදකරගත් ගුරුතුමා නිසොල්මන්ව මදවේලාවක් ගත කළේය.

    ඉන්පසුව මේසය මත වූ බත්මුල ලෙහා තම දරුවාටද,
    සමිතටද කවා සමිතව පිටත් කල හැරීයේය..
    ''ඇයි තාත්තේ ඔයා අපේ බත් එක අර ළමයටත් කැව්වේ...?''
    ''මගේ රත්තරන් පුතේ..ඔයාට අද බත් කවන්න
    ඔයාගේ තාත්තාව ඉතුරුකරන්න ගිහිං තමයි පුතේ
    සමිතට එයාගේ තාත්තාව නැතිවෙලා තියෙන්නේ....''
    ''රෑට නින්දට කලින් මගේ පුතාගේ ඔළුව ඉඹින්න මම හිටියට,
    සමිතගේ ඔළුව ඉඹින්න එයාට තාත්තෙක් නෑ පුතේ...''

    නිමි...
    ---------------
    ---
    2016 මැයි 18 දා ඇසුණු කථාවක් ....
    අන් දරුවන්ගේ පියවරු රකින්න,
    තම දරුවන්ගේ පිතෘත්වය කැපකළ
    වීරෝදාර රණවිරුවන්ට උපහාරයක්ම වේවා...

    -Dharshana Gamage-​
     
    • Like
    Reactions: Shadow.Walker