තවත් එක් කතාවක්...

thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ඔන්න ඉතින් එහෙනම් කතාව ලියන්න පටන් ගත්තා.මේක් මම මේ ලියන්නෙ මගේ මේ ඈහෑක ඔපරේශන් එකක් කරලා තියෙන අතර. කීප දෙනෙක්ම පී.එම් කරලා තිබුනා ඉතුරු ටික ලියන්න කියලා.පී.එම් වලට සහ රෙප්, ඈනුම් බෑනුම්, දිරි ගෑන්වීම් ඔක්කොටම ස්තූති.තිලාපියා මේවා උබලාට කියන්නෙ මේවයින් දෙයක් අරන් එකෙක් හරි දෙයක් ඉගෙන ගනී කියලා හිතලා මිසක් වෙන ලබ්බවල් බලාපොරොත්තුවෙන් නම් නෙවේයි.කෙනෙක් දාලා තිබ්බා රෙප් බලාගෙන කරන තවත් වෑඩක් කියලා.අනේ බන්...බල්ලොත් නොකන රෙප්.

    *****************************************************************************

    මා ගමේ පාසලින් පාසලේ පලමු වතාවට පහ ශිශ්‍යත්වය සමත් වුනෙමි.මතක ඈතිදා සිට මාහට දෙමාපියන්ගෙන් පාඩම් කිරීමට හෝ උපකාරක පන්ති යාමට බලකිරීමක් සිදුනොවුනි.නමුත් පාසලේ එදිනෙදා වෑඩ කටයුතු මා නොපිරිහෙලා කලෙමි.ගණිතය සදහා මා යම් අකමෑත්තක් තිබූ බව මතකය.දිනක් පහ පන්ති බාර දයා ටීචර් විසින් ගනන් නොහෑදීම ගෑන නොසෑහෙන ලෙස බෑනුම් ඈසුවා සහ මා කිසි කමකට නෑති එකෙකෑයි කීවා මතකය.මට මතක අයුරින් මාගේ පුන්චි සිත එදා සෑහෙන ලෙස පෑරුනි.එදා පටන් මා ගණිතය සදහා නිවසේදී වෑඩිපුර අවදානයක් යොමු කලා මතකය.නමුත් ඒ කිසිවෙකුගේ පෙලඹවීමකට නොව මාගේ පුන්චි සිත පෑරී තිබූ ආකාරයයි ඒ.මා උපරිම අයුරින් සෙල්ලම් කලෙමි.අපේ නිවසේ තිබූ කලු සුදු රූපවාහිනියේ කාටුන් බෑලුවෙමි.නමුත් සියලු පාසල් වෑඩ කටයුතු කලට වේලාවට කලෙමි.ගණිතයට පමණක් විශේශ උත්සාහයක් සහ කෑපකිරීමක් කලෙමි.මා ශිශ්‍යත්වය සමත් වුයෙමි.එදා මගේ පුන්චි පාසලේ නියෝජ්‍ය විදුහල්පති හාමුදුරුවන් මා වඩාගෙන කරේ තබා ගත්තා මතකය.මා වෑඩිදුර ඉගෙනුම සදහා නගරය බලා ගියෙමි.ඒ ගිය ගමනේ මාහට මුනගෑසුනු අතිජාත මිතුරෙකි දිලූෂ අයියා.ඔහු මගේ නෑදෑයෙක් හෝ සහෝදරයෙක් නොවන අතර ඔහු මාහට එක බඩවෑල කඩන් ආ සහෝදරයකුට මෙන් සෑලකුවේය.මගේ දෙමව්පියන් දිලූෂ අයියාට ලොකු සුදු පුතා කී අතර මා හට සුදු පුතා කීවහ. දුකට කරුන නම් අප දෙදෙනාම කලු සමෙන් යුත් වීමයි. නමුත් අප දෙදෙනා දුරින් සිටින විට එක් වරම වෙන් වෙන්ව හදුනා ගත නොහෑකි තරමට රූපයෙන් සමාන වූයෙමු.මා සාමාන්‍ය පෙල කරන කාලයේදී අපේ සිල්ලර බඩු කඩය බන්කොලොත් වී වසා දෑමීමට සිදු විය.ආර්ථික අතින් ඉතාමත් බෑරෑරුම් අඩියක අපි සිටියා මතකය. කඩය බන්කොලොත් වීමට මූලික හේතුව සේ අපේ අම්මා දුටුවෙ අපේ තාත්තාගේ මිනිසුන් කෙරෙහි තිබුනු දයාව සහ හිත උනුවෙන ස්වබාවයයි.නමුත් අම්මා කෑ ගසන සෑම වේලාවකම තාත්තා කීවේ "අනේ සුදු මෑණිකේ ඔය මිනිස්සු පුලුවන් කාලෙක ඕක දෙයි.මොකද මේ ගම දාලා පෑනලා යන්න යෑ.."කියායි. (අපේ අම්මා සහ තාත්තා දෙදෙනාම හමින් සුදු පෑහෑ වූවන් අතර දෙදෙනාම මනා රූප කායකින් යුත්තන් වූහ.)

    ආර්තික අතින් අප වෑටී සිටි තත්වය නිසා මාගේ බෝඩිමටද සමු දී නිවසේ සිට දිනපතා පාසල වෙත ගමන් කිරීමට සිදු විය.මේ ගමනෙ මහන්සිය නිසා මා හට පාසල් යාමද එපා වුනි.හිතේ තිබුනු දුක කීවේ දිලූෂ අයියාටයි.කෙසේ හෝ අඩුවට බෝඩිමක් සොයා ගන්න තෙක් දිලූෂ අයියාගේ ගෙදර නෑවතීමට කටයුතු සෑලසුවේය. නමුත් දිලූෂ අයියාගේ නිවසද එතරම් ඉඩ පහසු තිබූ නිවසක් නොවුනි. දිලූෂ අයියා උගේ ඈද මට දී සෑමදාම නිදා ගත්තෙ සාලයේ පරණ සෝපාව උඩයි.මේ නිසා මා තවත් අපහසුතාවයට පත් වුනෙමි.නමුත් ඒ කිසිවකින් මාහට වෑටෙන්න නොදී මා දිරිමත් කලේය. මාද තෑලෙන යකඩය සවිශක්තිමත් වනවා සේ තව තවත් දිරිමත් වුනෙමි.පාසල් වෑඩ සදහා කෑප වුනෙමි.

    මේ කරදර බාදක මෑද මාහට කලන් මිතුරු කෑලක් උන්නේය. ඈටයා, ගඩාපි, විජේසිංහ අයියා, අතුල අයියා මාහට දෙවිවරුන් හා සමානය.මෙසේ මාස කීපයක් ගත වන විට ඉඩකඩ ප්‍රශ්නය නිසා මා අන්තයටම මානසිකව දුක් වුනෙමි. දිලූෂ අයියා මා නිසා සෑම දිනම පුදුම කට්ටක් කයි.එක බඩවෑල කඩා නොආ නමුත් සහෝදරයකුට මෙන් මාහට සලකන දිලූෂ අයියා නිසා මා බොහෝ තෑවුනෙමි.

    දිනක් විජේසිංහ අයියා සමග මේ ගෑන කතා කර කර සිටිනා විට ඔහු පෑවසූයේ ඔහුගේ ඉඩමක සාදා ඈති තාවකාලික කුඩා පෑලක් ගෑනයි.කෙසේ වෙතත් මා දිලූෂ අයියාට හොරා එය බෑලීමට යාමට විජේසිංහ අයියා කෑමති කර ගතිමි.දිනක් මා හොර රහසේ කතිකා කර ගත් පරිදි විජේසිංහ අයියා සමග ගොස් බෑලුවෙමි.මා එය දුටු විටම පෑලත් සමග පෙමින් වෙලුනෙමි...ප්‍රධාන පාරේ සිට කිලෝමීටර කීපයක් ඈතුලට වන්නට ඉඩම පිහිටා ඈත.හාත් පස ඈත්තෙ ගනට වෑඩුන කෑලෑවයි.පෑලේ සිට මීටර කීපයක් දුරින් ජලය ගලා යන අයිස් මෙන් සීත සහ වීදුරු මෙන් නිල් කෑටේට දිදුලන ජල පීල්ලකි.හාත් පසින් ඈසෙන්නෙ කුරුල්ලන් කෑ ගසන, රෑහෑයියන් සිංදු කියන පරිසරයයි.පෑල් පතට නුදුරින් ආරණ‍ය සේනාසනය සදහා දිවෙන පුන්චි අඩිපාරයි..වම් පස බෑවුමේ පුරන් වී අත් හෑර දමන ලද වෙල් යයයි..එය වසා අල ගොබ කොල පෑහෑ ඈතිරිල්ලක් දෑම්මා වෑනිය.මම පෙමින් වෙලුනෙමි.

    "හෑබෑයි ගොයියෝ...රෑට මේකේ තනියම ඉන්න එක තමයි වෑඩේ ඈ...රෑට පීල්ල පෑත්තට වල් ඌරො එනවා.වතුර බොන්න. සමහර දාට මේ උඩ පස් කන්ඩිය ඩෝසර් කරනවා උන් ගෑඩවිල්ලු හොයන්න.."

    ඒ විජේසිංහ අයියායි.හෙහ්...කාලා වරෙන් කිව්වලු..අමාරුවෙන් නෑග්ග පුවක් ගහේ දෙබලකි.මා කල්පනා කලමි.දෙබල උනත් මාගේ වාසියට හරවා ගත යුතුය.මෙතරම් ලස්සන නිස්කලංක පරිසරය, පාඩම් කිරීමට සුදුසු වටා පිටාව, සුමුදු පවන් රෑල්, කුරුලු ගී...උඩ කන්ඩිය ඩෝසර් කරන ඌරන්.ම්...එය නිවෑරදි කල යුතුය.රෑට ඩෝසර් කරන් ඌරන්.

    "හරි කමක් නෑ..උන් එන්නෙ රෑටනෙ. අනික කණ්ඩිය තියෙන්නෙ ටිකක් එහායින් නේ.." මම කීවෙමි.

    "කෑමති නම් කියපන් මල්ලී...දන්නවනේ..අපෙත් ගේ හදන නිසා තියෙන්නෙ ගෑනිටයි මටයි නිදා ගන්න කාමරේ තියෙනවා.එච්චරයි කොල්ලෝ...නෑත් නම් මම උබව අපේ දිහා නවත්ත ගන්නවා.එහෙ පරණ ඈදක් ඈති.මේසෙකුත් ඈති.මම ගෙනත් දාන්නම්. අනිත් එක අල්ලපු වත්තෙ හේන් පෑල් කෑල්ලට කරන්ට් එක අරන් තියෙනවා.උන් එක්ක කතා කරලා ශේප් එකෙ මම වයර් එකක් ඈදලා දෙන්නම්. බල්බ් එකක් ශේප් එකේ පත්තු කර ගන්න ඈති වෙයි.බලමුකො ට්‍රයි එකක් දීලා."
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    බොහෝම ස්තූතී මචන් කතාව ලියනවට. ඇහැ ඔපරේෂන් කරලා තියද්දි වැඩිය මහන්සි වෙන්න නම් එපා.
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    බොහෝම ස්තූතී මචන් කතාව ලියනවට. ඇහැ ඔපරේෂන් කරලා තියද්දි වැඩිය මහන්සි වෙන්න නම් එපා.

    den godak durata shape machan.
     
    LOL යකො නිදි මාපිලා කියන්නෙ සුළු විෂ සර්පයෙක්. ඔය වැල් බයිල ලියන්න කලින් ඒවත් පොඩ්ඩක් හොයල බලපන් පොඩ්ඩක්.

    සුළු විෂ සහිත සර්ප විශේෂ හමුවන්නේ විශේෂ එකොළහක් (11) පමණි.

    • ඇහැටුල්ලා (Green vine snake)
    • හෙන කඳයා (Brown vine snake)
    • මල් කරවලා/නිතලුවා (Sri lankan keel back blossom krait)
    • පදුරු මාපිලා (Barnes’s cat snake)
    • නිදි මාපිලා (Sri lankan cat snake)
    • නාග මාපිලා/ලේ මාපිලා (Forsten’s cat snake)
    • රෑන් මාපිලා (Common cat snake)
    • කුණු දිය කළුවා (Dog-faced water snake)
    • මල්සරා/පොල් මල් කරවලා (Ornate flying snake)
    • දගර දන්ඩා
    • දිය බරියා (Gerard’s water snake)

    සුද්දා නොදන්න මෙහෙම සිද්දියක් තියෙනවා. ඒකට කියන්නෙ විෂ කලාව කියලා. මේක දවසින් දවස ඇඟේ තියෙන තැන වෙනස් වෙනවා. බැරි වෙලාවක වත් (පූරුවෙ කරුමෙකටම තමා මෙහෙම වෙන්නෙ) විෂ කලාව තියෙන තැනක පිහිටලා තියෙන මර්මස්ථාන නිලයකට සුළු විෂ තියෙන සර්පයෙක් විතරක් නෙවෙයි කූඩැල්ලෙක්/කඩියෙක්/මී මැස්සෙක්/දෙබරෙක් ආදී මෙකී නොකී මොන යම් හෝ දෂ්ඨනයකදි උග්‍ර විෂඝෝර සර්පයෙක්ගේ දෂ්ඨනයක් හා සමානව දරුණු වෙනවා. :dull: සුද්දා මේක උඹලට උගන්නපු නැති නිසා උඹල ඕවට වැල් බයිලා කියනවා. :P
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    LOL යකො නිදි මාපිලා කියන්නෙ සුළු විෂ සර්පයෙක්. ඔය වැල් බයිල ලියන්න කලින් ඒවත් පොඩ්ඩක් හොයල බලපන් පොඩ්ඩක්.

    සුළු විෂ සහිත සර්ප විශේෂ හමුවන්නේ විශේෂ එකොළහක් (11) පමණි.

    • ඇහැටුල්ලා (Green vine snake)
    • හෙන කඳයා (Brown vine snake)
    • මල් කරවලා/නිතලුවා (Sri lankan keel back blossom krait)
    • පදුරු මාපිලා (Barnes’s cat snake)
    • නිදි මාපිලා (Sri lankan cat snake)
    • නාග මාපිලා/ලේ මාපිලා (Forsten’s cat snake)
    • රෑන් මාපිලා (Common cat snake)
    • කුණු දිය කළුවා (Dog-faced water snake)
    • මල්සරා/පොල් මල් කරවලා (Ornate flying snake)
    • දගර දන්ඩා
    • දිය බරියා (Gerard’s water snake)

    ඒ් උණත් සමහරුන්ට පොඩි එකත් ඇති කෙල වෙන්න
     

    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    දැන්නේ දැක්කේ මචන් :) මේකත් ඇත්ත කතාවක්ද?
    එහෙනම් උඹත් මේක ලියලා ඉවර වෙනකන් ඉන්නවා මගේ කතාවේ දෙවෙනි කොටස දාන්න :)
    අමුතුම කතාවක් වගේ කියවන්න ආසයි. :)

    :D:D:D:D:D:D ekath ela kathawak suppa
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    "අඩෝ සංජීවයෝ...තෝ අපිටත් හොරෙන් සරපයියෙක් කවා ගත්තද?...තෝ කොහෙද යකෝ අපිට නොකියා රිංගුවේ..වේසා බල්ලා...තෝ නිකමට කිව්වේ නෑ...දෑන් තොට කොහොමද?මොකෝ තෝ මෙතෙන්ට වෙලා මනෝ පාර???ගෑහුවද පන්දමක්???"
    මා හට මාගේ දෙසවන් අදහා ගත නොහෑකි විය.මා කරකවා ඈතෑරියාක් මෙන් හෑගීමක් මට ඈති විය.කෙසේ වෙතත් මා නෑවතත් සිහි එලවාගෙන කඩුල්ල දිහා බෑලුවෙමි.ඈටයා මෑණිකේ නෑන්දලාගේ කඩුල්ල අද්දර හොල්මනක් සේ සිට කෑගසයි.
    "අඩෝ පොඩි නිමලේ...දිලුෂ අයියා කිව්වෙ නෑත් නම් අපි තාම දන්නෙ නෑ...තෝ මාර මිනිහෙක් නේ බිජ්ජෝ..."

    අලි මදිවාට හරක් කිව්වාසේ...ගඩාපියාද මේ මහ රෑ මා බෑලීමට පෑමිණ තිබුනි..මා හට යකා නෑග්ගේ මුන්ගේ කටවල් පරිස්සම් කර නොගෑනීම නිසයි.

    "යකෝ තොපි දෙන්නට කටවල් පරිස්සම් කර ගන්න බෑරිද?මං මේ ඉන්නේ පිට ගෙදරක යකුනේ..අනේ දෙයියන්ගෙ නාමෙට කටවල් දෙක පරිස්සම් කර ගනින් මගේ කලිසම ගලවන්නෙ නෑතුව." මා හනි හනිකට කඩුල්ල වෙත විද්දෙමි. ඈටයාගේ හා ගඩාපියාගේ කටවල් වලට බ්‍රේක් නෑත.ඒ වාගේම අපේ මිතුරු කමටත් බ්‍රේක් නෑත.නමුත් මේ මොහොතේ දිලූෂ අයියා කෙසේ වෙතත් මුන් දෙදෙනාගේ පෑමිනීම මම කිසි සේත් බලාපොරොත්තු නොවු දෙයකි.

    "කොහොමද මල්ලි උඹට දෑන්?" ඒ දිලූෂ අයියායි. "අවුලක් නෑ බන්.ලොකු අමාරුවක් නම් නෑ.අර පොඩි කෑරකෑවිල්ලත් දෑන් හොදයි."

    "මොකෝ බිජ්ජෝ උනේ?" ඒ ගඩාපියායි.

    "කට කට බන්.මන් මේ ඉන්නෙ පිට ගෙදරක යකෝ."

    ගඩාපියා උඩ පෑන පෑන හිනා වෙයි.ඒ ඒකාගේ හෑටිය.ඕනෑම දේකට ගඩාපියාගේ රියෑක්ෂන් එක ගුලි කෑවා වෑනි හිනාවයි. දනුදු මූ හට ගුලියකින් සප්පායම් වී පෑමිණීම එතරම් මහ ලොකු කජ්ජක් නොවේ.

    "කියපන්..කියපන්..මොකෝ උනේ." ඈටයා කට ඈරියේය.

    "දන්නෑ බන්..උදේ නෑගිටිනකොට පොඩි කෑරකිල්ලක් තිබ්බා..අත පොඩ්ඩක් ඉදිමිලා තිබ්බා..පොඩි කෑක්කුමකුත් එක්ක.මං එච්චර ගනන් ගත්තෙ නෑ.ඉස්කෝලෙදි පොඩ්ඩක් කේස් උනා. දිලුෂ අයියා මාව එක්කන් ආව.ඉන්දිකයා තමයි පණිවිඩේ කියලා තිබ්බේ දිලූෂ අයියාට."

    "යකෝ උඹ මඩුවේ රෑට නිදා ගන්නකොට පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න එපෑ බන්..කොහෙද ඉතින් තෝ දපනකොට මෙලො සිහියක් නෑනේ.." ඈටයා දෙස් දෙවොල් තියන්න පටන් ගත්ත පමණි.

    "සංජීව පුතා...කෝ මේ ළමයා..." මෑණිකේ නෑන්දා කෑ ගසයි. "කොහෙද ළමයෝ මේ ඈවිදින්නේ?...අනික මේ බෙහෙත් හේත් බෑදලා තියෙනකොට මෙහෙම ඈවිදින්නෙ නෑ.කවුද මේ ලමයි?යාලුවොද?ගමේ කට්ටිය වෙන්නෑ..?"

    "නෑ නෑන්දේ...මේ රත්නපුරේ මගේ යාලුවො තුන්දෙනෙක්.මාව බලන්න ඈවිත්, ආරංචි වෙලා.."

    "අම්මේ...රත්නපුරේ ඉදන්ද ආවෙ?යං යං ගෙට."

    "තොපි දෙන්නා ගෙට ආවට කමක් නෑ..මගෙ මේ ඈදන් ඉන්න රෙද්ද විතරක් ගලවන්න නම් එපා." මම ඈටයාගේ කනට කර කීවෙමි.

    "තෝ රෙද්දක් ඈදන්ද ඉන්නේ බිජ්ජෝ...?" ඈටයා මගේ කනට කර ඈසුවේය.

    "සුදූ...ඔය කේතලේ ලිපේ තියන්න..තේ හදන්න.."

    "මේ රෑට කෑම කන්න තියලා ඔන්න මෙන්න කාටද අම්මේ තේ?" සුදු කුස්සියේ සිට කෑ ගසයි..

    "ඒ..බිජ්ජෝ...තෝ රෙද්ද ඈන්දේ අර කෙල්ල ඉන්න හන්දද?" ඈටයා නෑවතත් මගේ කනට මන්තර මතුරයි.

    "මේ ළමයි කීයටද ආවෙ එහෙන්.?"

    "අපි එහෙන් එනකොට 5ට විතර ඈති නෑන්දේ...බස් එක හෙමින් හෙමින් ආවෙ.පෑය 3ක් විතර ගියා නේ දිලූෂ අයියේ?" ගඩාපියා උත්තර බදී..

    "ඔව් පෑය 3ක් ගිහින්."

    "ඔය ළමයි කෝමද මෙහෙ හොයා ගත්තෙ?"

    "අපි නිමල් මාමාලගේ ගෙදර ගිහින් ආවෙ නෑන්දේ..මාමා එන්න හෑදුවා.අපි පාර අහන් තනියම එන්න පිටත් උනා.එච්චර අමාරු උනේ නෑ..ඒදණ්ඩ උඩින් ගග පෑන්නා.වෙල දිගේ කෙලින්ම ආවා කදු ගෑටේ හම්බෙනකල්." දිලූෂ අයියා පෑහෑදිලි කලේය.

    සුදූ සාලයට තෙක් පෑමිණ යාන්තම් කර පොවා බලා නෑවතත් ගියාය. ඈ තේ සෑදීමට යනවා විය යුතුය.

    මෑණිකේ නෑන්දා හා තිදෙනාම කදේ දමාගෙන සිටී.ඒ අතර සුදූ තේ සාදාගෙන පෑමිණ සංග්‍රහ කළාය.ගඩාපියා කට කොනින් සිනා සී මාදෙස බලා...

    "සංජීව...ඉක්මනට ලෙඩ සනීප කර ගන්න ඕනී..නෑහ්..මං මේ කිව්වේ මෙහේ වෑඩිකල් ඉන්න ඕනි නෑනේ, නෑන්දලාටත් කරදර ඈතිනේ."...

    "ඔව්..තෝ කියනකල්ම තමා මම මේ හිටියේ" මා මටම කියාගත්තෙමි. මාගේ කට වරදා ගතහොත් මුගේ කටට බ්‍රේක් තෙල් හොයනවා බොරුය.

    "මොකෝ සංජීව කියන්නේ...???" ගඩාපියා නෑවතත් මගේ යකා අවුස්සයි.

    "ඔ...ඔව්..ඔව්..ඉක්මනට සනීප වෙන්න ඕනි."

    "නෑ...අපිට නම් මොන කරදරයක්ද?...නිමල් අයියාලා කරලා තියෙන උදව වල හෑටියට අපි කොහොම සෑලකුවත් මදි." මෑණිකේ නෑන්දාගේ හඩයි ඒ.

    "ඔය ළමයි කතා කර කර ඉන්නකෝ...ආපු එකේ කෑම ටිකක් කාලාම යමු.ඉන්නකෝ ඉක්මනට මොනවා හරි හදලා ගන්නම්." මෑණිකේ නෑන්දා කුස්සියට යාමට සෑරසුනි.

    "අනේ පිස්සුද නෑන්දේ...කරදර වෙන්න එපා.මෙයාලා දෑන් අපේ ගෙදර ගිහින් කයි." මම කීවෙමි.

    "නෑ...ඕක මොකක්ද ළමයෝ.."

    "ඒ...බිජ්ජෝ...තෝ අපිව පන්න ගන්නද හදන්නෙ? ඈයි තොට අර කෑල්ලට තනියම ඉදන් පෙරන්න ඕනිද? නොදකින්...තෝ කටක් ඈරලා කිව්වනේ අපිට කන්න ඕන්නෑ කියලා.."

    "හරි හරි...තොපි දෑන් ආවෙ මාව බලන්නද නෑත් නම් මෙහෙ වලන් ටික සුද්ද කරලා යන්නද?"

    කෙසේ වෙතත් මාහට මෙවන් මිතුරන් ලෑබීමට මා පෙර අත්බෑව් හි මහා කුසල කර්මයක් කර ඈතෑයි මට අදටත් සිතේ.ඈටයා, ගඩාපි, දිලූෂ අයියා යනු මාගේ සෙවනෑල්ල මෙන් මා පසු පස සිටි කලණ මිතුරන් වේ.මාගේ දුකේදී, සෑපේදී සෑම මොහොතකම මා අත් නොහෑර මා පසු පස සිටි පතාක යෝධයන් ඔවුන්ය.

    මා දිලූෂ අයියා සමග දෑඩි විවාදයකින් පසුව විජේසිංහ අයියාගේ පෑළ බලා ගියෙමි.කුමක් කරන්නද? මා නිසා ඔහු කන කට්ට මට බලා සිටිය නොහෑක. තාත්තා දෑඩි ආර්ථික පසුබෑමකට ලක්ව සිටිනා වෙලේ බෝඩිං ගාස්තු ඉල්ලා කරදරද කල නොහෑක.ඔහු දුක් විදමින් දෑනටමත් මාහටත් බාල සොහොයුරන්ටත් කරනා වියපෑහෑදම් අප්‍රමාණය. ඒවා උවමනාවටත් වඩා මට නම් වෑඩිය. එසේ තිබියදී මා කෙසේ නම් කටක් ඈර බෝඩිං ගාස්තු ඉල්ලම්ද?..තවත් අතකින් මා මේ ගෙදරට හොරා ගෙවන ජීවිතය අම්මාට හෝ තාත්තාට ආරන්ංචි උවහොත් මොනවා වේදෑයි මා නොදනිමි. තාත්තා කෙසේ වෙතත් අම්මා නම් මේ දුක කෙසේ උහුලාවිදෑයි මා හට සිතා ගත නොහෑක. මාහට මතක ඈතිදා සිට අම්මා, තාත්තා අපහට ඈති තරම් සෑප ලබාදුනි.

    විජේසිංහ අයියා පෑවසූ පරිදි මාහට ඈදක්, මෙසයක් සහ පුටුවක් ඔහු ගෙනත් දමා තිබුණි. පරණ යෑයි කීවාට මාහට ඒවා අහස උසටත් වඩා විශාලය.කෙසේ හෝ වයර් පොටවල් දෙකක් දමා යාන්තම් සී.එෆ්.එල් බුබුලක් දෑල්වීමට හෑකි අයුරින් විදුලියද ලබා දුන්නෙය. මා ඔහුට සදා ණයගෑති වෙමි. දිනෙක මා මේ සියල්ලටම ඔවුන්ට සලකමි.

    පෑල යාන්තමි කණු අටවා ගනකම් පොහොර උර වලින් වට කර තිබූ එකකි.වහල සදහා තාර ශීට් දමා තිබුණි. දොරක් ලෙස ඈත්තේද එසේම ගනකම් පොහොර කවර වලින් සෑදූ දහවලට රෝල් කර තෑබිය හෑකි ආකාරයේ එකකි. රෑට පමණක් ඉවත දමා තිබූ සල් අඩයක් දොර හරහා තෑබුයේ ඌරන් බෑරිවේලාවත් රිංගීමට සෑදුවොත් එය වළකාලනු පිණිසයි.

    ඈද සදහා ඉවත දමා තිබූ හාඩ් බෝඩ් ලෑලි ගෙන ඈතුරුවෙමි. ඒ උඩින් විසි කර දමා තිබූ පොහොර උර සහ ගෝනි මලු අතුරා මෙට්ටයක් සෑදූයෙමි. පළමු දින පාසල් පොත් බෑගය උන්ඩි කර හිසට තබා ගත් ආකාරය තාමත් මට හොදින් මතකය.පළමු දින පාඩම් කර බයෙන් වෙව්ල වෙව්ලා මා නින්දට ගිය ආකාරය මට දෑන්ද මතක් වෙන විට මා ගෑන සියුම් ආඩම්බරයක් සිතට එයි.

    ඌරන් කෙසේ වෙතත් සර්පයන් ගෙන් නම් මා මීට වඩා ප්‍රවේශම් විය යුතු බව මාහට සිතුනි.කෙසේ වෙතත් පලමු දින රාත්‍රී මාහට කිසිම සද්දයක් නම් නෑසුනි. නමුත් දින 2,3 ට පසු රාත්‍රී වතුර බීමට ඈහෑරුනු විට ඌරන් කණිඩිය ඩෝසර් කරන සද්දය නම් ඈසුනි. ඈසුනු වෙලේ පටන් මා නින්දත් නොනින්දත් අතර මහා අරගලයක් කලෙමි.නමුත් කල් යත්ම මාහට මෙය හුරු වීම නිසා මාගේ පොහොර බෑග් මෙට්ට ඈදට වෑටුන පසු කිසි ආයාසයක් නෑතිව නින්දට වෑටුනෙමි.

    "මල්ලි... කෑම ලෑස්තියි. යාලුවො ටිකත් එක්ක එන්න.."සුදූගේ හඩත් සමග මාගේ මනෝ ලොවෙන් මා බිමට බෑස්සෙමි.

    "කෝ යාලුවො ටික?"

    "මේ මෙතන හිටියා සුදූ...අ...අක්කෙ..." යකෝ මුන් ටික කොහෙට මකබෑවුනාද? මා හාන්සි පුටුවේ ඈස් පියා මගේ මනෝ ලොවට නෑගි වෙලේ මුන් ටික කොහේට හෝ කඩා පෑන ඈත.ශුවර් එකටම ගඩාපියා ගුලියක් ගසන්න ගියා විය යුතුය.

    වෑට දෙස සිට රජ තුන් කට්ටුව පෑමිනේ.සිතුවා හරිය. ගඩාපියාගේ කට කනේය. සිනා සෙන විට උගේ ආමාශයද දෑන් මට පෙනේ.

    "නංගි...දෑන් අපි ඔය හදපු කෑම කොහොමද කන්න ඕනි?" ගඩාපියා ගෙට අඩිය තෑබූ සෑනින් සුදූ ගෙන් ඈසුවාය. මූ තව කට ඈරියොත් මගේ කලිසම ගෑලවෙනවා සිකුරුය. මා සෑනින් ගඩාපියාගේ කර වටා අතක් දමා..

    "මු හෙන විහිලු කාරයා සුදු අක්කේ...යමන් යමන්..ඉක්මනට කාලා පලයල්ලා බන්. අපේ අම්මලා තාත්තලත් බලන් ඈති උඹලා තුන් දෙනා එනකල්."

    පවසා කතාව වෙන අතකට හෑරවූයෙමි. සුදූ කුස්සිය වෙත පියමෑන්නාය.මා බිය වූයේ ගඩාපියාගේ වෙනස සුදූට දෑනුනාදෑයි කියාය.කෑම මේසය ජයටම තිබුනා කිවහොත් නිවරෑදිය. නෙලුම් අල කිරට, උබ්බලකඩ පොල් සම්බලය, හාල් මෑස්සන් බෑදුම, කිරි කොස් සමග රතු හාලේ බත් තිබුනි. මාගේ තත්වය ඉතා නරකය. ජීවිතේට මා නොකා ඈති, ගෑවුනු තෑනකවත් බත් නොකන කෑකිරි කිරට උයා මා සදහා තිබුනි. තව මුගුන වෑන්න සුදට උයා (මා සිතන්නේ මා සදහා තුබූ මාලු පිනි සියල්ල දිය කිරි දමා විය යුතුය )

    මොනවා කරන්නද කියා සිතින් හඩමින් ගඩාපි, ඈටයා, දිලූෂ අයියලාගේ පිගන් වෙත කෙල හලමින් මාද කෑමට පටන් ගතිමි.

     
    • Like
    Reactions: iuwick