තවත් පූසෙක්........ (18+)

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    මිතුරන් දෙදෙනෙකිය ගම්මානෙක සිටින
    කොතැනත් එකටමය දෙදෙනා වෙන් නොවන
    කෑමට බීමටද රති කෙලියට යනෙන
    නිතරම විනෝදෙනි දෙදෙනා කල් ගෙවන

    දැම්මත් කරේ රත්තරනින් බැඳි මාල
    පෙම්වතියන්ට දුන්නලු විල්ලුද සේල
    අයියා වුනත් මහ දනපති ජයපාල
    මල්ලිගෙ නම උනේ ඇන්. ඒ. සිරිපාල

    දනපාලගේ මිතුරා විය හඳුඅප්පූ
    මිනිහට තිබෙයි අක්කර ගාණක ඔප්පූ
    සිරිපාලත් සමගින් ගොස් කැරකොප්පූ
    බීලා වැටුනි කේ. එල්. ඒ. මල් අප්පූ

    දෙදෙනා මෙසේ ගතකරනා විට කාලේ
    ඇතිවිය සුමනා අක්කා සමගින් ආලේ
    මුදලට සේවාව දෙන ඇයගේ තාලේ
    දන්නෝ දනිති ඒ වැඩකිඩ රෑ කාලේ

    සුමනගෙ සුවාමිය හිටියේ දුර බැහැර
    මාසෙට දෙසැරයයි එන්නේ ඔහු ගෙදර
    වැඩපල කරන විට ඔහු වත්තේ නිතර
    ගැමියන් නැවතුනේ සුමනක්කගෙ ගෙදර

    රෙදි පිලි වෙලඳාම නිතරම සිදුවන්නේ
    ලෙබ්බේ මුදලාලි ගමෙහිම කැරකෙන්නේ
    සිරිපාලට තම අදහස පවසන්නේ
    මල් අප්පුත් මේ ගමනට එක්වන්නේ

    සුමනගෙ මිනිහා අද ආපහු වැඩට ගියා
    සති දෙකකට මෙහෙ එන්නේ නෑනෙ එයා
    බිම් කරුවලත් දැන් හොඳටම වැටිල ගියා
    ලෙබ්බේ මුදලාලි සුමනගෙ ඇඳට ගියා

    සාලයෙ වාඩිවී දෙදෙනෙකි සිටින්නේ
    සිරිපාලයි මල් අප්පුයි බොලන්නේ
    ඔරලෝසුවෙ කටු හෙමිහිට කැරකෙන්නේ
    ඒ අතරේ ගෙදරට කවුරුද එන්නේ

    ගම්මුන් නොයෙක් දේ තැන තැන පවසනවා
    මා නැති දා ගෙට කවුදෝ රිංගනවා
    බැල්මට සැක හැරල මම ආපසු එනවා
    "දොර ඇරපං, මම සමරේ" පවසනවා

    සුමනා නැගී සිටියා දුන්නක් ලෙසට
    ඇස් ලොකු විය දාඩිය දැම්මා හොඳට
    මිතුරන් දෙදෙන රිංගා ගති ඇඳ යටට
    අසරණ තම්බි බැස්සා ගෝනිය තුලට

    සුමනා ගිහින් ඇගෙ සැමියව පිලිගත්තා
    සුපුරුදු ලෙසට නිවසේ වැඩ කරගත්තා
    තව ටිකකින් සැතපෙන බව දැනගත්තා
    පැනලා යන්න තිදෙනා අදහස් ගත්තා

    "ඤෑව්" කියාගෙන මිතුරෙක් පිටවෙනවා
    පූසෙක් කියා සුමනා යලි නිදියනවා
    සුපුරුදු නාදයම තව ටිකකින් එනවා
    සමරෙගෙ හිතට පොඩි සැකයක් මතුවෙනවා

    මිතුරන් දෙදෙන ඇත නිවසින් පිටවීලා
    ගේ ලඟ කෙහෙල් පඳුරේ උන් සැඟවීලා
    "ඤෑව්" කියාගන්නට තව බැරිවීලා
    අසරණ මුදලාලි නිවසේ තනිවීලා

    සමරේ කලුවරේ නැගිටලා ගියා
    කිතුල් පොල්ලකුත් ගෙන යලි ඇඳට ගියා
    මුදලාලිත් හෙමිහිට දොර ලඟට ගියා
    තවත් පූසෙකුයි කියමින් පැනල ගියා

    සමරෙට තේරුණා පූසා ගිය පාර
    පැන්නුවෙ පසුපසින් වෙහෙසක් වී මාර
    යන්නට කලින් මුදලාලිට වැට මාර
    හිස මැදටම වැදුනා හොඳ පොලු පාර


    තවත් පූසෙක්