Hmm OL walin nawaththan puluwan free education eka. Least basic education ekak denna ona. Eken cover wenna ona basic financial litercy, law wage dewal. Eka aniwa manusayekta denna ona nisa free denawa. But specilize karanawanam paid wenna ona.
ලංකාවෙ ඉතිං ඒ ලෙවල් නිකන් දෙනවා කිව්වාට නිකන් නැහැ නෙ බන් .
ඕ ලෙවල් වෙනකන් නිකන් අච්චු පොත් ටික හරි දෙනවා .
ඒ ලෙවල් වල එහෙම නැහැ .
පොත් ගන්න ඔනි කඩෙන් .
එක්කො තමන්ගෙ ඉස්කොලෙ ගුරුතුමා/තුමිය රෙකමන්ඩ් කරන එව්වා හෝ ටියුෂන් ගුරා රෙකමන්ඩ් කරන එව්වා.
පුස්සාගෙ ටියුෂන් ගිය උන්ගාව රොසා සර් ගෙ පොත් සෙට් පිටින් තිබ්බෙ අපිට මතකයි .
අපි එතකොට බලමු ඉස්කොල අධ්‍යාපනය ?
මන් ඉන්න කොළඹ දිස්ත්‍රික්කෙ හෝමාගම ප්‍රදෙශයෙ ප්‍රධාන පාසල් තුනෙම විද්‍යා ගණිත අංශ නැහැ .
හොඳ රිසාල්ට් දාන එකෙක් එක්කො කොළඹ ප්‍රධාන පෙලෙ පාසලකට යන්න ඔනි එහෙමත් නැත්තම් ප්‍රයිවට් කරන්න ඔනි .
කොළඹ දිස්ත්‍රික්කෙ ප්‍රධාන පෙලෙ පාසල් ගත්තොත් රොයල් ආනන්ද නාලන්ද ඩී එස් තර්ස්ටන් වගෙ ඇරුණහම අනික්වායෙ විද්‍ය ගණෛත අංශ එච්චර කොලිටි නැහැ .
ඉතිං ඔක්කොම එක වගෙ ටියුෂන් මත තමා යැපෙන්නෙ .
එක විෂයකට අඩුම පන්ති දෙකකට යනවා හොඳට ලකුණු ගන්න එකෙක්.
ඊටත් වඩා යමක් කමක් තියෙන එකෙක් ගෙදරට ගෙනල්ල උගන්වනව.
අපෙ ඉස්කොලෙ අපෙ අවුරුද්දෙ කැම්පස් දැම්මෙ එකොම එකයි .
ෆිසිකල් ගියෙත්.
ඌ හැම විෂයකටම පන්ති දෙක බැගින් ගියා.
ෆිසික්ස් කෙමිස්ට්‍රි වලට ගෙදරටත් ගෙනල්ල ඉගැන්නුවෙ.
තව බුවෙක් හිටියා ගෙදරට ගෙනල්ල ඉගැන්නුවා ඒ කාලෙ 2013 වගෙ.
එක විෂයකට සතියකට 2000 ක්. එතකොට එක විශකයක මාසෙකට 8000 රුපියල් .විෂයන් ත්නටම රුපියල් 24,000 ක් . ඒ කාලෙ එහෙම නම් මෙ කාලෙ හිතා ගනින්කො ගණන් හිලව්.
කොහොමත් ෆ්‍රී නැහැ බන් එඩියුකේෂන් එක කියන තරම් .