තවදුරටත් Whatsapp භාවිත කළ යුතු ද..?

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    ගොඩක් අය ඇහුවා වට්ස්ඇප් කේස් එක ගැන, ඒක වෙනුවෙන් මේ ලිපිය👍🙂

    🛑තවදුරටත් Whatsapp භාවිත කළ යුතු ද..?

    ⭕ Whatsapp කියන්නෙ මේ වෙද්දි ලෝකෙ වැඩි වශයෙන්ම Masseging සඳහා භාවිත වන App එක. කෙටියෙන්ම 2020 වසරේ පෙබරවාරි වෙද්දි මාසිකව බිලියන දෙකකටත් වඩා වැඩී ප්‍රමාණයක් Whatsapp භාවිත කරන්න පටන් ගන්නව..

    ⭕ ඉතින් මේ වෙද්දි හැමෝටම තියෙන ප්‍රශ්න තමයි මොකක්ද මේ Whatsapp කරන්න යන්නෙ 🙄 මොකක්ද මේකෙන් වෙන්නෙ🤔 කියන දේවල් 🤷

    🔵 අපි හැමෝම දන්න Mark Zuckerberg තමයි මෙතන ප්‍රධානිය. Mark 2012 වසරෙදි ඩොලර් මිලියනයකට Instagram මිළදී ගන්නව.. එතනින් පස්සෙ 2014 දි Mark, ඩොලර් මිලියන 19කට Whatsapp සමාගමත් මිළදී ගන්නව. ඉතින් මේ Company කිහිපයේම හිමිකරුව වෙන්නෙ Mark Zuckerberg.

    ⭕ Mark Zuckerberg, Whatsapp මිළදී ගනිද්දි ප්‍රකාෂ කරේ Whatsapp භාවිත කරන්නන්ගේ පෞද්ගලිකත්වය කෙරෙහි වෙනසක් සිදු නොකරන බව. 2016 දි Whatsapp , Facebook සමග Data Share කරන්න පටන් ගන්නව. නමුත් Whatsapp භාවිත කරන අය අකමැති නම් මේ විදියට Data Share වෙන එක නවත්තන්න පහසුකම තිබුනා. නමුත් දැන් මේ පහසුකම ඉවත් කරල තියෙනව. එ කියන්නෙ අපේ Whatsapp Data Facebook එක්ක Share වෙනව.

    🔵 දින කිහිපයකට කළින් තමයි Whatsapp වල මේ Terms And Conditions අලුත් වෙන්නෙ. එ වගේ ම Whatsapp භාවිත කරන හැමෝටම මේ Terms And Conditions වලට Agree වෙන්නම වෙනව. එහෙම නැති උනොත් මාසයක් වගේ ඇතුළත් ඔයාව Whatsapp වලින් Ban වෙනව. ගොඩක් අයට මේ වෙද්දි Terms And Conditions Massge එක ඇවිත් ඇති. එ මැසේජ් එකෙ දාල තියෙනව එයාලගෙ අලුත් නීති රීති/කොන්දේසි. එ තමයි අපේ Whatsapp Data Facebook සහ ඊට අදාල සමාගම් සමග Share වෙනව කියන එක. පෙබරවාරි මාසෙ 8 වෙනිද ඉඳන් තමයි සියල්ල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ. ඊට කළින් හැමෝටම මේ Notification එක එයි. සරලව Whatsapp Open කරද්දි තමයි මෙ Notification එක පෙන්නන්නෙ.

    ✳️ Whatsapp අපෙන් උස්සන Data මොනවද 🙄
    ➡️ ඔයාගෙ Phone Model එක
    ➡️ Operating System එක (Os)
    ➡️ Battery Status
    ➡️ Signal Strength
    ➡️ Time Zone
    ➡️ IP Address
    ➡️ Whatsapp Usage (අපි වට්සැප් භාවිත කරන ආකාරය, කොච්චර වෙලා පාවිච්චි කරනවද, මොනවද කරන්නෙ, මොන මොන වෙලාවටද ඔන්ලයින් එන්නෙ.. මේ වගේ දේවල්)
    ➡️ Payment And Transitions (ගෙවීම් කටයුතු)
    ➡️ Status Updates 😁
    ➡️ Group Details 😐
    ➡️ Profile Pictures
    ➡️ About Info
    මෙ වගේ දේවල් එයාල අපෙන් ගන්නව.

    ⭕ ඉතින් මේ විදියට අපෙන් ගන්න Data වලින් මෙයාල ගොඩක් දේවල් කරනව. උදාහරණයක් විදියට අපේ Data අලෙවි කරන්නත් පුලුවන්. (දැනටත් එහෙම වෙනව) මෙ විදියට Terms And Conditions වලින් බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි මුදල් උපයන එක. කෙටියෙන්ම අපි Whatsapp වල Chat කරන්නෙ මොනවද කියල Facebook සමාගමට නිරීක්ෂණය කරන්න පුලුවන්. ඉතින් මේ නිසා අපෙ Chat එකට අනුකූලව විවිධ Adds Fb හරහා ඉදිරිපත් කරන්න මෙයාලට පුලුවන්. Whatsapp විතරක් නෙමෙයි , Massenger වලදි ඔයා යාලුවෙක් එක්ක අලුත් Phone එකක් ගැන, අලුත් Monitor එකක් ගැන, Tv එකක් ගැන ටිකක් Chat කරල Facebook, Instagram ගිහින් බලන්න, එතකොට ඔයාට කළින් Chat එකට අදාලව Adds ගොඩක් පෙන්නයි.

    🔵 ලෝකයෙ දැනට ධනවත්ම පුද්ගලය වෙන Elon Musk පවා මෙ වෙද්දි කියන්නෙ Whatsapp වලින් අයින් වෙලා Signal Massenger App එක භාවිත කරන්න කියල. එ වගේ ම twitter වල Mark Zuckerberg ව උපහාසයට ලක් කරල තිබුන(Meme). 2018 වෙනකම් Tesla, Space X සමාගම් වලට නිළ Facebook Page තිබුනත් Elon Musk මේ සියල්ලම ඉවත් කරන්න නියෝග කරා. එතනින් පස්සෙ Space X , Tesla වලට Facebook Pages තිබුනෙ නෑ. එ වගේ ම 2020 වසරෙ පෙබරවාරි මාසෙදිත් "සමාජ මාධ්‍ය දැවැන්තයා කොර" යනුවෙන් පවසමින් Musk විසින් Zuckerberg ව උපහාසයට ලක් කර තිබුනා.....

    ⭕ ඉතින් සරලව මේක තමයි අලුත්ම Whatsapp ක්‍රියාවලිය. ආයිත් එ ගැන කියනව නම් අපේ තොරතුරු Facebook හා ඊට අදාළ සමාගම් එක්ක Share වෙනව කියන එක. මේකෙන් ඔයාලට ලොකු අදහසක් ගන්න පුලුවන් වෙයි කියල හිතනව.. මොකද සමහරු Page එකට Massge, Comments කරල අහල තිබුන Whatsapp ප්‍රශ්නය ගැන🙂

    ඉතින් තවදුරටත් Whatsapp භාවිත කරනවද නැද්ද කියල ඔයා හිතල බලන්න.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වැඩිදෙයක් ඕනෙ නෑ මගේ යාලුවෙක් පොඩි එකාට ගත්ත තෑග්ගක් මට messenger එකෙන් ෆොටෝ ගහල එව්ව. පහුවදා යාලුවා facebook එකේ ඒ පාටම ඒ gift එකම දෙතුන් පාරක් දැකල. ඉතින් හිතාගන්න පුලුවන්නෙ මුන් පින්තූරත් analyse කරනවා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    මේ ලංකාවේ ඉන්න ගොන් බයියන්ගේ පර්සනල් ඩේටා උන්ට වැඩකුත් නෑ , රටට වැඩකුත් නෑ...එහෙම එකේ සකර්බර්ග් කාරයා හොරෙන් ගත්තා කියලා වෙන හානියක් නෑ !!
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ ලංකාවේ ඉන්න ගොන් බයියන්ගේ පර්සනල් ඩේටා උන්ට වැඩකුත් නෑ , රටට වැඩකුත් නෑ...එහෙම එකේ සකර්බර්ග් කාරයා හොරෙන් ගත්තා කියලා වෙන හානියක් නෑ !!
    ඩේටා ගැන නොදන්න මෝඩ බයියො හිතන් ඉන්නෙ මේ විදියට තමයි. ආන්ඩුවක් උනත් පෙරලන්න පුලුවන් ඔය වැදගැම්මකට නැති ඩේට ටිකෙන්
     
    • Like
    • Love
    Reactions: iworld and dxx

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    ඩේටා ගැන නොදන්න මෝඩ බයියො හිතන් ඉන්නෙ මේ විදියට තමයි. ආන්ඩුවක් උනත් පෙරලන්න පුලුවන් ඔය වැදගැම්මකට නැති ඩේට ටිකෙන්
    science-friction movies බලන, පත්තරවල headline කියවන, සමාජ-විද්‍යාවයි ගෘහවිද්‍යාවයි (දෙකම විද්‍යාවයි නිසා) සමානයි කියලා හිතන 2000 පස්සේ ඉපදුන බයියෝ හිතන්නේ මෙහෙමයි .

    ඔය මොනරටේ ආණ්ඩු පෙරලුවත් ලංකාවේ ආණ්ඩු Data නිසා පෙරලන පුළුවන් කියලා හිතනවානම් උන් සමාජ-විද්‍යාව / දේශපාලනය කියනදේවල් වල අබමල් රේණුවකවත් දන්නේ නෑ.... ලංකාවේ ආණ්ඩු පෙරලන විදිහ මහින්ද, බැසිල්, දිලිත්, රෙනෝ, විමල් පාටලී, එහෙම නැත්නම් හිටන්ගෙන් හරි අහපන් !
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේ ලංකාවේ ඉන්න ගොන් බයියන්ගේ පර්සනල් ඩේටා උන්ට වැඩකුත් නෑ , රටට වැඩකුත් නෑ...එහෙම එකේ සකර්බර්ග් කාරයා හොරෙන් ගත්තා කියලා වෙන හානියක් නෑ !!

    මේ ලෝකේ හැමෝටම ප්‍රයිවසි කියල දෙයක් තියෙනව..ඒකට ජාති අාගම් කුල මල දුප්පත් පෝසත් අදාල නෑ..චීනෙට හොරු කිය කිය අැමරිකාවත් කරන්නෙ හොර වැඩ..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    science-friction movies බලන, පත්තරවල headline කියවන, සමාජ-විද්‍යාවයි ගෘහවිද්‍යාවයි (දෙකම විද්‍යාවයි නිසා) සමානයි කියලා හිතන 2000 පස්සේ ඉපදුන බයියෝ හිතන්නේ මෙහෙමයි .

    ඔය මොනරටේ ආණ්ඩු පෙරලුවත් ලංකාවේ ආණ්ඩු Data නිසා පෙරලන පුළුවන් කියලා හිතනවානම් උන් සමාජ-විද්‍යාව / දේශපාලනය කියනදේවල් වල අබමල් රේණුවකවත් දන්නේ නෑ.... ලංකාවේ ආණ්ඩු පෙරලන විදිහ මහින්ද, බැසිල්, දිලිත්, රෙනෝ, විමල් පාටලී, එහෙම නැත්නම් හිටන්ගෙන් හරි අහපන් !
    උඹ මෙලෝ දෙයක් දන්නෙ නෑ. 2000න් පස්සෙ ඉපදුනු එවුන් ගැන කියෝනවා. අඩුගානෙ x y z generations ගැන අහලවත් තියනවද? උඹල දන්නෙත් නෑ චන්දෙ දෙන දවසට උඹලගෙ ඔලු හදල තියන විදිය. ඇත්තටම මේවා උඹලා එක්ක කතාකරල වැඩක් නෑ :sorry:

    එකඅතකට රටේ මිනිස්සු ඕවා ගැන දන්නවනම් මේ වගේ ගොන්නු ටිකකට රට පාලනේ කරන්න දෙයිද :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹ මෙලෝ දෙයක් දන්නෙ නෑ. 2000න් පස්සෙ ඉපදුනු එවුන් ගැන කියෝනවා. අඩුගානෙ x y z generations ගැන අහලවත් තියනවද? උඹල දන්නෙත් නෑ චන්දෙ දෙන දවසට උඹලගෙ ඔලු හදල තියන විදිය. ඇත්තටම මේවා උඹලා එක්ක කතාකරල වැඩක් නෑ :sorry:

    එකඅතකට රටේ මිනිස්සු ඕවා ගැන දන්නවනම් මේ වගේ ගොන්නු ටිකකට රට පාලනේ කරන්න දෙයිද :lol:

    Mona data protection Katha da bn ape unta, Iraj ge sindu balala gammata yanne chande Danna ape un.. echchara lesi manipulate karanna 😂
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Mona data protection Katha da bn ape unta, Iraj ge sindu balala gammata yanne chande Danna ape un.. echchara lesi manipulate karanna 😂
    සිරාවටම. ඉරාජ්ගෙ සින්දු අහල චන්දෙ දෙන එවුන්ට මොන ඩේටා සයන්ස්ද :lol: