මට ඕකෙ යන්න හෙනම උනක් තිබ්බ පොඩි කාලෙ. ඒත් ගෙදරින් යන්න සෙට් උනේ නෑ.
11 වසරෙදි ඉස්කොලෙන් ට්‍රිප් එකක් ගිය දවස් 2ක. කොහෙද මතක නෑ.
මන් ඒක යනව කියල ගෙදරට කියල, උදෙ ස්කොලෙට ඇවිල්ල, දවස් වෙනකන් කැඩෙට් රූම් එකෙ ඉදල.
හවස 2 වගේ උනාම, කුරුනෑගල ස්ටෙශන් එකට ගියා.
ඒතනින්, කොලබ යන ට්‍රේන් එහෙක නැගල, රාගමට ගියා. ගිහින් කඩෙකින් කාල
බුලත් විට 2කකුයි, සිගරට් ටිහකුයි අරන් රාගම ස්ටේසන් එකෙන් බදුල්ලට ටිකට් ගත්ත.
රාගමට බදුලු ට්‍රේන් එක එන්න රෑ 8ට වගෙ. ආවම ඒකෙ නැගල දොරෙ ඉදගෙන ගියා ඉතින්
කෝපියි/ සිගරටුයි බිබී, විට කකා.
වහින කාලයක් එ දවස් වල. ඉගුරුඔය ස්ටේසමෙන් නවත්තල ආයෙ යන්න සෑහෙන වෙලා ගියා, වැස්ස නිසා වීල් ස්ලිප් වෙනව. පරක්කු උන සෑහෙන්න.
කෝම හරි, පහු වෙනිද හවස 5-6 වෙද්දි ස්කොලෙට එන්නත් ඕන.
කොම හරි, උදේ 7/8 වෙද්දි ඉදල්ගස් හින්නට ගිහින් එතනින් බැහැල, අනිත් පැත්තට කොලබ එන ට්‍රේන් එහෙක ආයෙ කුරුනෑගල ආව.