තව සුළු මොහොතකින් විශේෂ ප‍්‍රකාශයක්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    තව සුළු මොහොතකින් විශේෂ ප‍්‍රකාශයක්

    ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුව ඇති බැදුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්‍ෂණ පවත්වන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්දයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තව සුළු මොහොතකින් විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
    අද පස්වරු 06.00ට ජනාධිපතිවරයා විසින් එම ප‍්‍රකාශය සිදු කරනු ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
    ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය විකාශණය කිරීම සදහා මේ වන විට සියළු රූපවාහිනි නාලිකා සූදානමික් සිටින බවද සදහන්ය.
    එවකට මුදල් රාජ්‍ය ඇමතිව සිටි ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ මෙම බැදුම්ක මගඩියෙන් රටට සිදුව ඇති අලාභය රුපියල් ට‍්‍රිලියනයකට වඩා වැඩි බවයි.
    ඒ අනුව අදාල වරදකරුවන්ගෙන් අය කර ගත යුතු යයි බැදුම්කර කොමිසම මගින් නිර්දේශ කර ඇත්තේ කොපමණ මුදලක්දැයි රටම බලා සිටී.

     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Api bothal bite ehema genawa ahana gaman set wenna...my3 kaduwa kopuwen aran karapi neda 20 k 30k
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Ane man danne na. Mata koranna dunne na, mama dannawanam koranna denne na.
    owa thamayi wedagath prakasha
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මම පාකිස්තානේ අගමැතිට ටැලිපෝo එකෙන් කතා කලා.. කිව්ව ගමන් පෝර ටික පැටෙව්වා.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මචන් සිවිල් නීති යටතේ නඩු දැම්මොත් නඩු ඔහේ ඇදි ඇදි ගිහින් දියවෙලා යයි..අපරාධනීතිය යටතෙ දැම්මොත් අත් අඩංගුවට අරන් නඩු අහන්නෙ...ගොඩක් වෙලාවට මුන් මිනිස්සු අන්දල සිවිල් නඩු යයි.
    රටේ අගමැති මේවගෙ ඒවට සහයදීම හෝ නොදැක්කාසේ සිටිම වරදක්,එහෙම කෙනෙක් අගමැතිකම දරන්න නුසුදුස්සෙක්..නමුත් මේ කාඩ දේශපාලනේ නිතියක් ඉටුවෙන්න දෙයිද සැකයි
    අගමැති හරිනම් රෙදි ගලවල ගෙදර යන්න ඕනෙ..මොකද මහජන මුදල් කාබාසිනිය කරන එකෙක් දැන දැනම බලපෑම් කරල මහ බැංකුවෙ ලොක්ක කලාට...ඒක හරියට සල්ලාලයෙක්ට බිරිද ලමයි බාරදුන්න වගේ බලාගන්න
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මම පාකිස්තානේ අගමැතිට ටැලිපෝo එකෙන් කතා කලා.. කිව්ව ගමන් පෝර ටික පැටෙව්වා.

    පකිස්තාන් අගමැති කියල එහෙ පියන් මහත්තය එක්කද කතා කරල තියෙන්නෙ..මොන බාසාවෙන්ද කෝල් අරන කතා කලේ..ලියුමක්නම් සෙකට්‍රි ලිව්ව කියන්න පුලුවන් කෝල් එක පොරමනෙ ගත්තෙ:lol:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මාස 5ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් රුපියල් බිලියන 11,145 ක් උපයා ඇති බව ජනාධිපතිවරයා පවසයි.

    ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරිම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ වාර්තාව පිළිබඳ විශේෂ ප්‍රකාශක් සිදු කරමින් අද(03) සවස ජනාධිපතිවරයා විසින් මේ බව කියා සිටියේය.

    බැඳුම්කර කොමිසමේ වාර්තාව 2015-2016 අතුරු වාර්තාවක් නොව එය පිටු 1257 කින් යුත් වාර්තාවක් ලෙස කොමිසම විසින් ඉදිරිපත් කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

    ඉදිරියේ දී අපරාධ හා සිවිල් නඩු පැවරීම අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව හා අල්ලස් දූෂණ කොමිසම හරහා සිදුවිය යුතු බව කොමිසම් වාර්තාවේ සඳහන් වෙයි.

    අර්ජුන් මහේන්ද්‍රගේ හා බැංකු නිලධාරීන්ගේ සහයෝගයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම නීතියානු නොවන ආකාරයෙන් මුදල් ඉපැයු බව මෙහි සඳහන් වෙයි.

    2015 පෙබරවාරි 27 වෙන්දේසියෙන් පමණක් මෙම සමාගම රුපියල් මිලියන 680කට වැඩි ප්‍රමාණයක් සඳහන් වෙයි.

    මීට වැඩි වීමක් ද සිදුවිය හැකි බව එහි සඳහන්ය.

    ද්වීතිය වෙළඳ පොළේ පර්පෙචුවල් සමාගම අවම වශයෙන් ලබා ඇති වාසිය මිලියන 11,145 ක් බවද රජයේ අලාභය රුපියල් මිලියන 8529 හෙවත් බිලියන 8.5ට වැඩි බව වාර්තා වෙයි.

    මහබැංකු අධිපතිවරයා ඉදිරියේ මහ බැංකු ජ්‍යේෂ්ඨ නිලධාරීන් අක්‍රිය වීම නිසා සාවද්‍ය ස්ථාවරයන්ට එළඹී ඇතැයි කොමිසමේ සඳහන්.

    මහේන්ද්‍රන් මහතා අසම්මත හා සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ ක්‍රියාවලියක් තුළින් බැඳුම්කර වෙන්දේසියට මැදිහත් වී ඇති බවත් වාර්තාවේ සඳහන් වෙයි.

    මේ තුළින් එක්තරා පාර්ශවයකට වාසි හිමිවු බවත් මහේන්ද්‍රන් මහතා මහබැංකු අධිපතිධූරයට පත් කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ක්‍රියාවලිය විධිමත් බවත් අදාළ වාර්තාවේ සඳහන් වෙයි.

    මහේන්ද්‍රන් මහතා විසින් දෙන ලද පොරොන්දු මත විශ්වාසය දක්වා ඇති බවත් අගමැතිවරයාට එසේ නොකර සිටීමට තිබුණු බව ද සඳහන් වෙයි.

    මහල් නිවාසයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් රවී කරුණානායක මහතාට විරුද්ධව අල්ලස් දුෂණ පනත යටතේ නඩු පැවරිය යුතු බවත් කොමිසම් සභාවට අසත්‍ය කරුණු දැක්වීම හේතුවෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරිය යුතු බව මෙම වාර්තාවේ සඳහන් වෙයි.

    අදාළ පාර්ශවයන්ගේ ක්‍රියා හේතුවෙන් සේවක අර්ථක සාධක අරමුදලේ මුදල් අවභාවිතයට මඟ පැදී ඇති බැවින් ඊට අදාළ පුද්ගලයින් හඳුනාගෙන ඇති අතර, ඔවුන්ට එරෙහිව ක්‍රියා කළ යුතු බව ද කොමිසම සඳහන් කරයි.

    දඩුවම් ලබා දීම සඳහා පර්පෙචුවල් ‍ට්‍රෙෂරීෂ් සමාගම, අර්ජුන් ඇලෝෂියස්, කසුන් පළිහේන යන මහත්වරුන්ට හා වාර්තාවේ හඳුනාගෙන ඇති අනෙකුත් වගකීම් දරණ නිලධාරින්ට එරෙහිව අපරාධ හා සිවිල් නීති කෘතියන්ට එළඹීමට යෝජනා කරන අතර එය රජයට පියවා ගැනීමට කටයුතු කරන ලෙසද වාර්තාවේ දැක්වෙයි.

    මෙම තත්ත්වය ඉදිරියේදී ඇති වීම වළවක්වා ගැනීමට ලියාපදිංචි කොටස් සුරැකුම් පත් අඥා පනත නව නීතියක් මඟින් වෙනස් කළ යුතු බවත්, මුදල් මණ්ඩල සාමාජිකයින් හා මහබැංකු අධිපති පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය මත සිදු කිරීමට අදාළ රෙගුලාසි වෙනස් කළ යුතු බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි.

    මහබැංකුවේ නීති දෙපාර්තමේන්තුවක් පිහිටුවා එය වඩාත් කාර්යක්ෂම කළ යුතු බව ද වාර්තවේ සඳහන් වෙයි.

    2008-2015 දක්වා නිකුත් කළ භාණ්ඩාගාර නිකුතු ගැන බැලීමට කොමිසමට අයිතියක් නොතිබුණ ද එවැන්නක් සිදු කිරිම යෝග්‍ය බව ද කොමිසම දන්වා සිටියි.

    පෑන් ඒෂියා බැංකුව සමඟ සිදු කර ඇති ගනුදෙනු හා එහි හිටපු සභාපතිවරයාගේ ක්‍රියාකලාපය ද පරීක්ෂණයට ලක් කළ යුතු බව ද කොමිසම දන්වා සිටියි.

    සිවිල් නීතිය මඟින් මුදල් අය කර ගැනීමට කල් ගත වෙන බැවින් පාර්ලිමේන්තුවේ පනතක් ඉදිරිපත් කර ඒ තුළින් වේගවත්ව අදාළ මුදල් අය කර ගැනීමේ හැකියාවක් ඇති බව කොමිසම පවසා ඇති බවත් ජනාධිපතිවරයා ඒ සඳහා එකඟතාවය පළ කරන බවත් පැවසීය.

    කොමිසම පවත්වාගෙන යෑමට දරණ ලද සියලුම පිරිවැය පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් අය කර ගත යුතු බව ද කොමිසමේ නිර්ශයක් වෙයි.

    වාර්තාවේ පිටපතක් නීතිපතිවරයාට බාර දී ඇති බවත් අදාළ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.

    කොමිසමේ නිර්දේශවලට අදාළව නඩු පැවරීමේ දී අල්ලස් දුෂණ කොමිසන් සභා පනතේ සුළු සංශෝධනයක් පැහැදිලි කළ යුතු බව දන්වා තිබේ. එයට අදාළව නීති කෙටුම්පත් සකසමින් සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ශ්‍රි ලංකා මහ බැංකුවේ රහස්‍ය බව පිළිබඳ තිබි ඇත්තේ ඉතා දුර්වල තත්ත්වයක් බැවින් වර්තමානයේ එම දුර්වලතා මඟහැරවීමට මහබැංකු අධිපතිවරයා ක්‍රියාකරමින් සිටින බව ද ජනාධිපතිවරයා පවසයි.

    කොමිෂන් සභාවේ නිර්දේශ මත ශ්‍රී ලංකා මහ බැංකුවේ කළ යුතු වෙනස් කම් සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශයක් කරනු ඇති බවට තමා බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා පැවසීය.

    මහ බැංකුවේ මෙවැනි දූෂණ ඉදිරියේ දී සිදුනොවීමට කොමිෂම විසින් නිර්දේශ කර ඇති නව පනත් 3ක් කඩිනමින් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් හා අධිකරණ අමාත්‍යාංශයෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටියි.

    රජයයට සිදුව ඇති අලාභය රුපියල් මිලියන 11,145 කට වැඩි ප්‍රමාණය නැවත අය කර ගැනීමටත් වැරදිකරුවන්ට නිතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් තමා පසුබට නොවන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

    මෙයින් මිලියන 8529 ක් හෙවත් බිලියන 8.5 වැඩි මුදල සේවක අර්ථක සේවක භාරකාරක අරමුදල, මහපොළ ශිෂ්‍යත්ව අරමුදල, ජාතික ඉතිරිකිරීමේ අරමුදල, ශ්‍රි ලංකා රක්ෂණ අරමුදල්වලට අයත් වන බවත් ඉතිරිය පෞද්ගලික අංශයට අයත් වන බවත් ජනාධිපතිවරයා පැවසීය.

    පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙම රුපියල් මිලියන 11,145 ක මුදල ලබා ඇත්තේ මාස 5 ක වැනි කෙටි කාලයක් තුළදී බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ඒ අනුව මෙය ජනතාවට විවෘත වාර්තාවක් බවට පත් කිරීමටත් අදාළ කටයුතු විදිමත්ව හා නීතියානුකූලව සිදු කිරීමට, නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරියේ දී කඩිනමින් පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය.

    මේ අතර වගඋත්තරකරුවන්ට නඩු පැවරීමේ දී එම නඩුවලට අවාසි සහගත නොවන ලෙස මෙම කොමිසමේ කරුණු ඉදිරිපත් විය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.



    ජනපතිගේ විශේෂ ප්‍රකාශය by deranapics on Scribd
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීම සදහා පත් කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභා වාර්තාව බාර ගැනීමෙන් පසු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ ප‍්‍රකාශය මෙසේය.
    ලැබූ 2018 නව වසර සියලූදෙනාට සමෘද්ධිමත් වාසනාවන්ත නව වසරක් වේවා කියා මම මුලින්ම ප‍්‍රාර්ථනා කරනවා. අද රටේ ජනතාවගේ වැඩි අවධානයකට යොමූ වී, සාකච්ඡුාවට ලක්වී තිබෙන, එමෙන්ම ඉතා ඕනෑකමින් බලා සිටින ශී‍්‍ර ලංකා මහ බැංකුව බැදුම්කර නිකුත් කිරිමේදී 2015 සහ 2016 කාලසීමාව තුළ අක‍්‍රමිකතා සහ ¥ෂණ සිදු වූ බවට ඇතිවූ චෝදනා, පැමිණිලි සහ ජනමතය සැලකිල්ලට ගෙන මා විසින් පත්කරනු ලැබූ ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව සහ ඊට අදාළව ඉදිරියේ කි‍්‍රයාත්මක කළයුතු නිර්දේශ 2017-12-30 වන දින ඉහත කී කොමිසන් සභාව විසින් මා වෙත භාර දෙනු ලැබුවා.
    බැ`දුම්කර නිකුත්කිරීම සම්බන්ධව විමර්ශන හා පරීක්ෂණ කිරීමට එම කොමිසන් සභාවට බලය, වරය ලැබුණේ 2015 පෙබරවාරී 01 දා සිට 2016 මාර්තු 31 දක්වා කාලය පිළිබ`දවයි. එකී කොමිසන් සභාවේ කාර්යය වූයේ අදාළ කරුණු සොයා ගැනීම, නිගමනයන්ට එළැබීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීමයි. කොමිසන් සභාවේ කොමසාරිස්වරු ලෙස කටයුතු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමාලාටත්, කොමිසන් සභාවේ කොමසාරිසවරයෙක් ලෙස කටයුතු කළ රජයේ විගණන දෙපාර්තමේන්තුවේ විශ‍්‍රාමික විගණකාධිපතිතුමාටත්, ඒ වගේම කොමිසන් සභාවේ ලේකම් ඇතු`ථ සියලූ කාර්ය මණ්ඩලවලටත්, මෙම කොමිසන් සභාවට සහය දුන් පොලිස් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ ඊට අදාළ අනෙකුත් ආයතන සංවිධාන, පුද්ගලයින් ආදී සියලූදෙනාට මම මාගේ ස්තූතිය පුද කරනවා.
    මෙම කොමිසන් සභා වාර්තාවලින් හෙළිවන කරුණුවලට සමාන තත්ත්වය 2008 වසරේ සිට සිදුව ඇති බව කොමිසන් සභාවේ අදහසයි. එම කටයුතු සොයා බැලීම ස`දහා එනම් 2008 වසරේ සිට සිදුවූ ¥ෂණ සහ අක‍්‍රමිකතා පිළිබ`දව මුලින්ම කළ යුත්තේ වෝහාරික විගණනයක් බවත් එය ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් කළ යුතු අතර, ඉන් පසු ලැබෙන තොරතුරු මත නීතිමය කි‍්‍රයාමාර්ගවලට යා යුතු බවත් කොමිසම දන්වා සිටිනවා.
    වැඩිපුරම සේවක අර්ථසාධක අරමුදල විනාශ වී ඇත්තේ එම කාලය තුළ බව කොමිසන් සභාව ස`දහන් කරනවා. 2015-2016 කටයුතු සම්බන්ධව කොමිසම ඉදිරිපත් කර ඇත්තේ අතුරු වාර්තාවක් නොව පිටු 1257 කින් පමණ යුත් සම්පූර්ණ වාර්තාවක්. කොමිසමට මෙම කටයුතු ස`දහා මාස දහයක කාලයක් කටයුතු කිරීමට සිදු වූ බව ඔබ දන්නවා.
    මෙම වාර්තාව මේ වන විටත් නීතිපතිතුමා වෙත මා විසින් භාරදී ඇති අතර ඉදිරියේදී වාර්තාවේ නිර්දේශ මත අපරාධ සහ සිවිල් නඩු පැවරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් දුෂණ විමර්ශණ කොමිසම හරහා සිදු විය යුතු බව කොමිසන් වාර්තාවේ ස`දහන් කර තිබෙනවා.
    මහ බැංකු ව්‍යුහය, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඝෘජු බැ`දුම්කර නිකුතුවේ සහ බැ`දුම්කර වෙන්දේසියේ වාසි සහ අවාසි වාර්තාවේ පැහැදිළි කර තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ද, බැංකු නිලධාරින් සහ වෙනත් බාහිර පුද්ගලයින්ගේ ද සහභාගිත්වය හරහා පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් නිත්‍යානුකූල නොවන අන්දමින් මුදල් උපයා ඇති බව මෙහි ස`දහන් වෙනවා.
    2015 පෙබරවාරි මස 27 වන දින පැවත්වූ වෙන්දේසියෙන් පමණක් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලබා ඇති අවම වාසිය රුපියල් මිලියන 688කට වැඩි ප‍්‍රමාණයක් බව ස`දහන් වෙනවා. මෙම පරීක්ෂණ කාලසීමාව තුළ සොයාගත් තොරතුරු මත මීට වැඩිවීමක් ද සිදුවිය හැකි බව කොමිසන් සභා වාර්තාවේ ස`දහන් වෙනවා.
    පරීක්ෂණයේදී හෙළි වූ තත්ත්වයන් අනුව ද්විතීය වෙළෙ`දපොළේ ගනුදෙනුවලින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලබා ඇති වාසිය අවම වශයෙන් මිලියන 11,145 ක් වන අතර ඒ අතරින් සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් රජයේ ආයතනවලට සම්බන්ධ වූ අලාභය රුපියල් මිලියන් 8,529 ක හෙවත් බිලියන් 8.5කට වඩා වැඩිවන බව වාර්තාවේ ස`දහන් වෙනවා.
    මහ බැංකුවේ හිටපු අධිපති මහේන්ද්‍රන් මහතා ඉදිරියේ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අකී‍්‍රයශීලි වී ඇති බවත් වාර්තාවේ ස`දහන් වෙනවා. ඔවුන් කිසිම ප‍්‍රශ්න කිරීමකින් තොරව එසේ අකී‍්‍රයවීම නිසා සාවද්‍ය ස්ථාවරයන්ට එළැඹී ඇතැයි විශ්වාසය පළකළ හැකි බව කොමිසන් සභා වාර්තාවේ ස`දහන්.
    මහේන්ද්‍රන් මහතා අසම්මත සහ සාවද්‍ය අන්දමින් තිීරණ ගැනීමේ කි‍්‍රයාවලියක් මගින් බැ`දුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ඇති අතර, අභ්‍යන්තර තොරතුරු පිටතට බෙදාදීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු බවද වාර්තාවේ ස`දහන් වෙනවා. මෙම කි‍්‍රයාවන් මගින් එක්තරා පාර්ශ්වයකට වාසි ගැනීමට හැකිවී ඇතැයි තීරණය වී තිබෙනවා.
    මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරට පත්කිරීම පිළිබදව ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ වගකීම විධිමත් බවත් වාර්තාවේ සදහන් වෙනවා. පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කිරීමේදී ගරු අග‍්‍රාමාත්‍යතුමා මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහත්වරුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා විසින් දෙන පොරොන්දු මත විශ්වාසය තබා ඇති බව වාර්තාවේ සදහන් වෙනවා. අග‍්‍රාමාත්‍යතුමා එසේ නොකළ යුතු බවත් එහි සදහන් වී තිබෙනවා.
    මෙම කරුණු කෝප් කමිටුව ඉදිරියේද තිබූ හෙයින් මහේන්ද්‍රන් මහතා සම්බන්ධ විධිමත් පියවර නොගත් බවට එතුමා පැහැදිලි කර තිබෙන බව කොමිසන් වාර්තාව සහන් කරනවා.
    ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ට් ඇන්ඞ් රෝ සමාගම විසින් ,පෙන්ට්හවුස්, තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබදව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත වගකීම වාර්තාවේ සදහන් වෙනවා. ඔහුට විරුද්ධව අල්ලස් ¥ෂණ පනත යටතේ නඩු පැවරිය යුතු බවත්, දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ කොමිසන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ද නඩු පැවරිය යුතු බව මෙම වාර්තාවේ සදහන් වෙනවා.
    සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතයක් සිදුව ඇති බවත්, නියම මුදල් ප‍්‍රමාණය සොයා ගැනීම ස`දහා වෝහාරික විගණනයක් හා පරීක්ෂණයක් :ත්‍දරුබිසජ ්මාසඑ ෑං්පසබ්එසදබ* පැවැත්විය යුතු බව ස`දහන් වෙනවා.
    අදාළ පාර්ශ්වයන්ගේ කි‍්‍රයාමාර්ග හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතයට මගපෑදි ඇති අතර, මීට අදාළ පුද්ගලයින් වාර්තාවේ හ`දුනාගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව කි‍්‍රයාකළයුතු බව කොමිසන් වාර්තාව ස`දහන් කරනවා. දඩුවම් ලබාදීම ස`දහා පර්පචුවල් ටෙෂරිස් සමාගම අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිහේන යන මහත්වරුන් සහ වාර්තාවේ හ`දුනාගෙන ඇති අන් වගකීම් දරන නිලධාරින්ට එරෙහිව අපරාධ හා සිවිල් නීති කෘත්‍යයන්ට එළැඹීමට යෝජනා කරන අතරම රජයට වූ අලාභය අය කර ගැනීමට ද කි‍්‍රයාකළයුතු බව කොමිසන් සභාවේ ස`දහන්. ඒ ස`දහා නීතිමය ප‍්‍රතිශෝධන කිරීමත් සිදුවිය යුතුව තිබෙනවා.
    මෙහිදී විශේෂයෙන් ස`දහන් කරනවා ශ‍්‍රී ලංකා මහ බැංකුව තුළ ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම ස`දහා කොමිසන් සභාවේ වර්තමාන නිර්දේශයන්ට බලපාන ආකාරයටත්, පැරණි පනත අහෝසිකර නව මුදල් නීතියක් :ඵදබසඑදරහ ඛ්අ ්ජඑ* සකස් කළයුතු බව සහ ලියාපදිංචි කොටස් සුරැුකුම්පත් ආඥා පනත නව නීතියක් මගින් වෙනස් කළයුතු බව. මුදල් මණ්ඩල සාමාජිකයන් සහ මහ බැංකු අධිපති පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ එක`ගතාවය මත කළයුතු බව ඒ ස`දහා අදාළ රෙගුලාසි වෙනස්කළ යුතු බවත් ස`දහන් වෙනවා.
    රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කි‍්‍රයාකාරිත්ව දැඩි අධීක්ෂණයට ලක්කළ යුතු බව ස`දහන් වෙනවා. මහ බැංකුවේ විගණන කටයුතු නිසි ආකාරයෙන් සිදු නොවන හෙයින් විගණන අංශය සහමුලින්ම ප‍්‍රතිසංවිධානය කළයුතු බව නිර්දේශවල ස`දහන් වෙනවා. මහ බැංකුවේ නීති දෙපාර්තමේන්තුවක් පිහිටුවා එය වඩාත් කාර්යශූර බවට පත්කළයුතු බව ද වාර්තාවේ ස`දහන්.
    2008 වසරේ සිට 2015 දක්වා නිකුත් කළ භාණ්ඩාගාර බැ`දුම්කර පිළිබ`දව පරීක්ෂා කිරීමට මෙම කොමිසමට වරයක් නොතිබුණු හෙයින් එවැන්නක් සිදු නොකළ ද, ඒ ගැන පරීක්ෂා කිරීම සුදුසු බවට කොමිසම නිර්දේශ කරනවා.
    පෑන් ඒෂියා බැංකුව සමග සිදුකර ඇති ගනුදෙනු සහ එහි කලින් සිටි සභාපතිවරයාගේ කි‍්‍රයාකලාපය ද පරීක්ෂාවට ලක්කළ යුතු බව කොමිසමේ නිර්දේශයයි. සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු විධිමත් පරීක්ෂණයකට ලක් කළයුතු අතර, එම දෙපාර්තමේන්තුවේ කාර්යයන් නිසි මගකට ගෙන ඒම ස`දහා ප‍්‍රතිශෝධනය කළයුතු බවද ස`දහන්. මහ බැංකු නිලධාරින්ට ආචාරධර්ම සංග‍්‍රහයක් හ`දුන්වාදීමත්, ප‍්‍රාථමික ගැණුම්කරුවන්ගේ ආචාරධර්ම සංග‍්‍රහය යථාපූර්ණ කිරීමත් සිදුකළයුතු බව කොමිසන් සභාවේ අදහසයි.
    නීතිපතිතුමා සහ අල්ලස් හා ¥ෂණ කොමිසන් සභාව මගින් වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම ස`දහා අවශ්‍ය පරිදි කටයුතු කළයුතු බව මෙහිදී පැහැදිලි කරදී තිබෙනවා. සාමාන්‍යයෙන් අදාළ මුදල් අයකර ගැනීම් සිවිල් නීති කෘත්‍යයන් මගින් ඉටුකරගත හැකියි. එහෙත් එය කල්ගතවන කි‍්‍රයාමාර්ගයක්. විකල්පයක් ලෙස මෙම මුදල් අය කර ගැනීමට පාර්ලිමේන්තුවේ පනතක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු සම්මතයෙන් පසු වේගවත්ව අදාළ මුදල් අය කර ගැනීමේ හැකියාවක් ඇති බව කොමිසම යෝජනා කර තිබෙනවා. අප ඒ ස`දහා එක`ග වෙනවා.
    කොමිසම පවත්වාගැනීම ස`දහා දරන ලද සියලූම පිරිවැය පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් අයකරගත යුතු බව ද කොමිසමේ නිර්දේශයයි. මා විසින් දැනටමත් වාර්තාවේ පිටපතක් ගරු නීතිපතිතුමා වෙත භාරදී තිබෙනවා. එතුමා විසින් නීතිමය වශයෙන් කි‍්‍රයාකළ යුතු අයව`ථන් හ`දුනාගෙන නිසි කි‍්‍රයාමාර්ග අපරාධ හෝ සිවිල් කටයුතු සම්බන්ධයෙන් ගැනීමට කටයුතු කරනු ඇති.
    කොමිසමේ නිර්දේශවලට අදාළ නඩු පැවරීමට අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිෂන් සභා පනතේ කළයුතු සු`ථ සංශෝධනයක් පැහැදිලි කළයුතුව තිබෙන බව දන්වා සිටිනවා. ඒ සම්න්ධයෙන් මේ වන විටත් කෙටුම්පත් සකසා නීති කෙටුම්පත් නිලධාරින් එම කටයුතු කඩිනම්න් සිදුකිරීම කි‍්‍රයාත්මක වන බව මා මෙහිදී ස`දහන් කරනවා.
    අල්ලස් හෝ ¥ෂණ කොමිසන් සභාව ශක්තිමත් කර එහි කටයුතු කඩිනමින් කාර්යක්ෂම කිරීම මේ ස`දහා මීට බොහෝ කලකට පෙර කළයුතුව තිබූ දේ දැන් අප විසින් ආරම්භ කර තිබෙනවා.
    ශී‍්‍ර ලංකා මහ බැංකුවේ රහස්‍ය බව, විධිමත් බව විගණන කටයුතු පිළිබ`ද තිබී ඇත්තේ ඉතා දුර්වල තත්ත්වයක්. ටෙලිෆෝන් රෙකෝඩින් හෝ නව සීසීටීවී කැමරා ක‍්‍රම කිසිවක් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ තිබී නැහැ. එම දුර්වලතා මහහැරීමට වර්තමාන අධිපතිවරයා මේ වන විටත් කටයුතු කර තිබෙනවා.
    මෙම කොමිසන් සභාවේදී හෙළිවූ කරුණු මත මහ බැංකුවේ සේවකයින් කිහිපදෙනෙකුගේ ඉහත කාලය තුළ සේවය තහනම් කර විනය පරීක්ෂණ ආරම්භ කර ඇති බව මහ බැංකු අධිපතිතුමා දන්වා තිබෙනවා.
    කොමිසන් සභාවේ නිගමනයන් හා නිර්දේශ මත ශී‍්‍ර ලංකා මහ බැංකුවේ කළයුතු වෙනස්කම් සම්බන්ධයෙන් ඉදිරි දිනවල මහබැංකු අධිපතිතුමා විසින් ප‍්‍රකාශයක් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
    මහ බැංකුවේ මෙවැනි ¥ෂණ, වංචා හා අක‍්‍රමිකතා ඉදිරියේදී සිදු නොවීමට කොමිසම විසින් නිර්දේශ කර ඇති නව පනත් 3ක් කඩිනමින් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලෙස නීතිපතිතුමා සහ අධිකරණ අමාත්‍යාංශයෙන් මම ඉල්ලා සිටිනවා.
    අදාළ පුද්ගලයන්ට නඩු පැවරීම සහ කොමිසමේ සියලූ නිර්දේශ අඛණ්ඩව, කාර්යක්ෂමව, ප‍්‍රමාදයකින් තොරව කි‍්‍රයාත්මකවීම පිළිබ`දව අදාළ අංශ ප‍්‍රධානින් සමග මසකට වරක් ප‍්‍රගති සමාලෝචනයක් කිරීමට මගේ ලේකම්වරයාට දැනුම් දී ඇති බව මෙහිදී මා වැඩිදුරටත් ස`දහන් කරනවා.
    සිදුවී ඇති අලාභය වන රුපියල් මිලියන 11,145 කට වැඩි මුදල් ප‍්‍රමාණය නැවත අය කර ගැනීමටත්, වැරදිකරුවන්ට ද`ඩුවම් පැමිණවීම ස`දහා නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමටත් කිසිසේත් මම පසුබට නොවන බව මෙහිදී විශේෂයෙන් ස`දහන් කළ යුතුයි.
    සේවක අර්ථසාධක අරමුදල, මහපොළ ශිෂ්‍යත්ව අරමුදල, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අරමුදල, ශී‍්‍ර ලංකා රක්ෂණ සමාගම, රක්ෂණ සංස්ථාවේ අරමුදල් ඇතු`ථව මෙම සිද්ධියෙන් රජයට අහිමිවී ඇති මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 8,529 ක් හෙවත් බිලියන 8.5ට වැඩිවෙනවා. සමාගම ලාභ ලෙස ඉපැයූ මිලියන 11,145න් ඉතිරි මුදල් පෞද්ගලික අංශයට අයත්.
    පර්පචුවල් ටෙ‍්‍රෂරිස් සමාගම මෙම අතිවිශාල මුදල හෙවත් ලබා ඇති මිලියන 11,145ක් වන ලාභය ලබා ඇත්තේ මාස 5ක් වැනි කෙටි කාලයක් තුළ බව ද ස`දහන්.
    අවසාන වශයෙන් විශේෂයෙන් කිවයුත්තේ මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, ඒ අනුව මහජනයාට විවෘත වාර්තාවක් බවට පත්කිරීමටත්, අදාළ කටයුතු විධිමත්ව හා නීත්‍යානුකූලව සිදුකිරීමටත් නීතිපතිතුමාගේ් උපදෙස් අනුව ඉදිරියේදී කඩිනමින් ඒ අවශ්‍ය කටයුතු සිදුවන බව.
    වග උත්තරකරුවන්ට නඩු පැවරීමේදී එම නඩුවලට අවාසි සහගත නොවන ලෙස මෙම කොමිසන් සභා වාර්තාවේ කරුණු විවෘතභාවය පිළිබ`දව සැලකිලිමත්විය යුතු බවද කාරුණිකව මම මෙහිදී ස`දහන් කරනවා.
    ඒ වගේම මෙම කොමිසන් සභාවට අදාළ නොවන විශේෂයෙන්ම මීට පෙර මා විසින් පත්කරන ලද තවත් කොමිසන් සභාවක වාර්තා, එම කටයුතු අවසන් වී මා වෙත භාරදී තිබෙනවා. ඒ බරපතළ වංචා ¥ෂණ, රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති කොමිසන් සභාවයි මෙම කොමිසන් සභාව වසර දෙක හමාරක කාලයක් කටයුතු කර තිබෙනවා. එම කොමිසමේ කටයුතු කළ සියලූ මහාධිකරණ විනිසුරුතුමන්ලා ඇතු`ථ ලේකම් සහ කාර්ය මණ්ඩලයටද ඒ ස`දහා සහය දුන් සියලූ ආයතනවලට මාගේ ස්තූතිය පිරිනමනවා.
    මෙම කොමිසමේ වාර්තා 34ක් මේ වන විට මා වෙත භාරදී තිබෙන අතර පසුගිය මෑත දිනක වාර්තා 17 ක් භාරදී තිබෙනවා. ඊට පෙර 17ක් භාරදී තිබෙනවා. පෙර භාරදුන් 17ම මම නීතිපතිතුමාට භාරදී තිබෙනවා, අදාළ ආයතන විසින් කටයුතු කිරීමට. එම වාර්තා පිළිබ`ද අල්ලස් හා ¥ෂණ විමර්ශණ කොමිෂන් සභාව සහ අනෙකුත් ආයතන, දෙපාර්තමේන්තු, පොලීසිය නඩු පැවරීම් මේ වන විටත් සිදුකර තිබෙන අතර, මීට දින දෙකකට පෙර භාරදුන් වාර්තාව අපි මේ සතියේම භාරදෙන බව නීතිපතිතුමාට මෙහිදී ස`දහන් කරන්න ඕන. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුවන බව විශේෂයෙන් ස`දහන් කළයුතුයි.
    මේ බරපතළ වංචා ¥ෂණ රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද කොමිසම ප‍්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත්කර තිබෙනවා. එම කරුණු කි‍්‍රයාත්මක කිරීම රජයේ වගකීමක් වන අතර, ඔබට දැන ගැනීම ස`දහා මම පැහැදිළි කරනවා.
    ¥ෂණ, වංචා අක‍්‍රමිකතා පිළිබ`ද විමර්ෂණ කටයුතුවලට සුදුසු පූර්ණ දැනුමක් හා පුහුණුවක් ඇති නිලධාරින්ගෙන් අපේ රටට විශාල හි`ගයක් තිබෙන නිසා ඒ ස`දහා අවශ්‍ය පුහුණුව ලබා දී සුදුසු නිලධාරින් ඒ ස`දහා පත්කළයුතු බව මෙහි පෙන්වා දී තිබෙනවා.
    රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතු`ථ වශේෂ තනතුරුවලට පත්කිරීමේදී ඒ ස`දහා නියමිත සුදුසුකම් නොමැති අය පත්කර ඇති බවත්, එබැවින් එම ආයතනවල ප‍්‍රධානීන්, සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීමේ දී එම තනතුරට සුදුසු අය පමණක් පත්කළයුතු බව ද එම කොමිෂන් සභාව ඉතා තරයේ ප‍්‍රකාශ කර තිබෙනවා.
    එම කොමිසමට රජය වැය කළ මුදලට වැඩි මුදලක් එම කොමිසම විසින් මේ වන විට රජයට සොයා දී තිබෙන බව කොමිසම දන්වා තිබෙනවා. අල්ලස් නඩු පැවරීම කොළඹ මහාධිකරණය තුළ පමණක් සිදු කිරීම මගින් ලැබෙන ප‍්‍රතිඵල අඩු බවත්, එයින් විශේෂයෙන් සාක්ෂිකරුවන්ට වැනි අයට දිවයිනේ ඈත එපිට ප‍්‍රදේශවල සිට කොළඹට නිතර මෙම කටයුතු ස`දහා පැමිණිමට තිබෙන අපහසුතාව සැලකිල්ලට ගෙන අල්ලස් හෝ ¥ෂණ කොමිසන් සභාව යටතේ නඩු දැනට කොළඹ පමණක් ඇසීම වෙනුවට අවම වශයෙන් පළාත්බද අධිකරණ කි‍්‍රයාවලියක් තුළ කි‍්‍රයාත්මක කළයුතු බව මෙම කොමිසම දන්වා තිබෙනවා.
    එමෙන්ම මෙම වාර්තා දෙකේම කරුණු අවසන් කිරීමට පෙර මා තවත් විශේෂ යමක් ස`දහන් කළ යුතුයි. මෙම කොමිසන් සභා පත්කිරීම සම්බන්ධයෙන් සමාජය සහ පොදු මහජනතාව දැඩි උනන්දුවක් ඒ වගේම දැඩි ඕනෑකමක්, අවධානයක් යොමු කරන බව පෙන්නුම් කළා. මේ කොමිසන් සභාව පත්කිරීම විශේෂයෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ බැදුම්කර කොමිසම සම්බන්ධයෙන් එය පත්කරන අවස්ථාවේත් ඇතැම් අය කිව්වා මීට පෙර පත්කළ කොමිසම්වලට වූ දේ තමයි මෙයටත් සිදුවන්නේ කියා. කොමිසමක් පත් කරන්නේ ප‍්‍රශ්න යටගහන්න බව මාධ්‍ය තුළත් ඇතැම් අය පාර්ලිමේන්තුවේදීත් ස`දහන් කර තිබෙනවා.
    නමුත් මේ කොමිසන්වල කටයුතු පිළිබ`දව එහි කි‍්‍රයාකාරිත්ව පිළිබ`දව අපි ඉතාමත් සතුටු විය යුතුයි වගේම විනිශ්චයකාරතුමන්ලා ඇතු`ථ ඒ සෑම කෙනෙකුටම නැවත නැවතත් මම ස්තුතිවන්ත වෙනවා මහජනයාගේ විශ්වාසය දිනාගනිමින් මෙම කොමිසන් සභාවලට කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන්.
    තවත් යමක් මා අවසාන වශයෙන් කිවයුතුයි, මේ කොමිසන් සභා පත්කිරීම තුළ ඇතැම් දේශපාලන අංශවලින් මට එල්ල කරන ලද චෝදනා පිළිබ`දවත්. කිසියම් දේශපාලන පක්ෂයක් මුල්කරගෙන හෝ කිසියම් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන මෙම කොමිසන් සභා මා විසින් පත් නොකළ අතර මම ස`දහන් කළ කොමිසන් සභා දෙකේම පරීක්ෂණ කටයුතු , නිර්දේශ හා එම තොරතුරු මත ඉදිරියේදී කි‍්‍රයාකිරීමේදී නීතිමය කි‍්‍රයාමාර්ගවලදී හා නඩු පැවරීමේදී ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහිම පුද්ගලයින් වගඋත්තරකරුවන් බවට පත්වී තිබෙන බව විශේෂයෙන් ස`දහන් කළ යුතුයි.
    එම නිසා කිසියම් එක් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන කටයුතු නොකරනවා වගේම අධිකරණයේත් කොමිසන් සභාවල අපක්ෂපාතිත්වය සහ ස්වාධීනත්වය පිළිබ`ද අප සතුටුවිය යුතු වෙනවා. මේ ස`දහා අවශ්‍ය සම්පූර්ණ සහයෝගය මේ කටයුතු ස`දහා ලබාදෙන බව ප‍්‍රකාශ කරන්න ඕන.
    සියලූදෙනාටම ස්තූතියි.
    – ජනාධිපති මාධ්‍ය අංශය