තව_කාළකණ්නි_යුවලක්

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    තව_කාළකණ්නි_යුවලක්

    486597_10151085055488812_217888199_n.jpg


    අය්යා-
    > සුරතල් නංගියෙ අපෙ බණ්ඩා
    > ඉසඩ් අකුර හිර වූ ජුණ්ඩා
    > පඩි නුවණින් පැන විසඳන හන්දා
    > බණ්ඩට මම වැන්දා
    >
    > නංගී-
    > අය්යා කීවා මට හරි නෑ
    > බන්දූ බණ්ඩට වැඩිය අගේ
    > නිතරම අප ගැන වෙහෙසන හන්දා
    > බන්දුට මම වැන්දා
    >
    > අය්යා-
    > නංගී එය හිතුවොත් වැරදියි
    > එතකොට නංගිට පව් සිදුවෙයි
    > ඔබ හමුදාවේ ට්‍රේනිං යව යව-
    > බණ්ඩා දුක් වින්දා
    >
    > නංගී-
    > පේපර් බාගෙට දෙන්නේ ය
    > ඒකෙම උත්තර ඇත්තේ ය
    > ටෝකෙන් බඩ පුරවන්නෙත් බන්දුයි
    > නා ගන්නෙත් බන්දුයි
    >
    > අය්යා-
    > මයික් වලට මොනවා කිවුවත්
    > බන්දූ කොපමණ උඩ පැන්නත්
    > බණ්ඩා බන්දුට වැඩිය හොඳයි මට
    > කවුරු කෝම කිවුවත්
    >
    > නංගී-
    > අය්යිගෙ බණ්ඩා කොටම කොටයි
    > කට ඇරියොත් නම් බඩුම තමයි
    > බන්දුගෙ සත පහ මූණේ ලස්සන
    > දැක්කම සිරියාවයි
    >
    > අය්යා-
    > නංගී සත පහ ලස්සන ද
    > ටොපියක්වත් කන්නට හැකිද
    > එහෙනම් නංගිට සැමටම වැඩියෙන්
    > ලස්සන සත පහ ද?
    >
    > නංගී-
    > අපි මෙය දැන් බේරා ගනිමූ
    > සිරි අය්යාගෙන් ගොස් අසමූ
    > බණ්ඩ ද බන්දු ද හොඳ කියලා
    > එතකොට සිරි අය්ය කියයි
    >
    > අය්යා-
    > ඔව් ඔව් මම ඒකට කැමතියි
    > සිරි අය්යලා මේවා දනිතී
    > යමු යමු අයියේ යමු යමු අයියේ
    > සිරි අය්යා ළඟටා
    >
    > දෙන්නම-
    > සිරි අයියේ කරුණක් අසමී
    > බණ්ඩ ද බන්දු ද වැඩිය අගේ
    > කරුණාවෙන් සිරි අය්යා අප හට
    > බේරා දෙනවා ද?
    >
    > සිරි අයියා-
    > බණ්ඩා හොඳයි කීවොත් වැරදියි
    > බන්දු හොඳයි කීවත් වැරදියි
    > එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
    > දෙන්නම හොරු ය කියා
    >
    > ඩෝං පුතා


    :P:P:P:P:P:P:P:P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බන්දුගෙ සත පහ මූණේ ලස්සන
    > දැක්කම සිරියාවයි

    :) 7500k watina kiyama.