තහනම් කලාපයක්වූ හග්ගල අභිරහස් සීතා පොකුණ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    හොද වෙලාවට රාවණා ඉන්දියාවට විතරක් ගියේ. ඒක හින්දනෙ සීතව උස්සන් ආවෙ. යුරෝපෙට එහෙම ගියානන් එහෙ හිටපු කෑලිවල ලස්සන මූ රජකමත් එපා කියල යුරෝපෙම නවතිනව කතා දෙකක් නෑ.
    #just asking

    රාවණාගේ දඬු මොනරෙට යුරෝප් වලට යන්න තරම් හැකියාවක් නෑ බං. සීගිරි ගල මුදුනේ කෙළවරක ඉඳලා වහල්ලු ටික පණදාගෙන තල්ලුවක් දුන්නාම යාන්තාම් ඉන්දියාවේ සීමාවට යාන්තම් පියාඹාගන්න පුළුවං
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    උඹ CID එකේද? CIA එකේද? නැත්තම් රෝ එකේද ඔය කතාව ටක්කේට කියන්න .. ආණ්ඩුවකට මොකක් හරි තැනක් සගවන්න ඔනේනම් ඉතුරුවෙලා තියෙන්නේ මේවගේ ලස්සන "අධිආරක්ෂිත කලාප/ අධිරක්ෂිත වගේ ලස්සන නම් දීලා වෙන් කරගන්න එක තමයි .එහෙමයි කියලා හැම අධිරක්ෂිතයකම අභිරහස් නෑ


    හා මචන් ..මට ඕන උනේ මේක බලල බොරු මත සමාජගත වෙන එක ටිකක් හරි නවත්තන්න මම මේකේ කියපුව ගැන 100% වගකියනවා මම නිකන් නං දොඩවන එකෙක් නෙමේ මම මේ ගැන දන්නේ මම කැම්පස් කාලේ කරපු රීසර්ච් එකක් හින්ඳ...අනික මට ඕවට උබල මොනවා කරගත්තත් ගැටළුවක් නැ මම ඉන්නෙත් ලංකාවේ නෙමේ ...ඕව ඔහොම හරි රැක නොගත්තෝත් උබලගේ ළමයින්ට ඕවට වන්දි ගෙවන්න වෙනවා අනිවාර්යෙන්ම ...ඔබට ජිවත් වීමට ස්වාභාදර්මය අවශ්‍ය නමුත් ස්වාභාදර්මයේ පැවැත්මට ඔබ අවශ්‍ය වන්නේ නැති බව මතක තබාගන්න ස්තුතී..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබලට මේවා කොහොම තේරුම් කරලා දෙන්නද මන්ද ..අදීසංවේදී පරිසර පද්දති කියල දෙයක් තියනවා ඒවා ඕනෑම රටක තියනවා ලංකාවෙත් හෝටන් තැන්නේ කොටසක්/හග්ගල කොටසක් සහ සදතැන්නේ කොටසක් /සිරිපාද රක්ෂිතයේ කොටසක් උබ කියන ඔය යාල සහ රිටිගලනම් එහෙම දෙයක් මම ඇහුවේ අද ..රිටිගල රක්ෂිතයේ CA231 කොටසට යන්න දෙන්නේ නැත්තේ එකේ තියන දුර්ලභ වටිනා ගස් හොරු කපන නිසා නැතුව වෙන රෙද්දකට නෙමේ ..මම ඉහත සදහන් ක‍රපු අදීසංවේදී පරිසර පද්දති වලට යන්න දෙන්නේ නැත්තේ ඒම පරිසර පද්දති වල ක්‍රියා කාරිත්වයට මානව මැදිහත් වීම් බාදාවක් වෙන නිසා ..උබ එකක් කියල තියනවා හරියට මොනවා හරි පරීක්ෂණයකට හරි ව්‍යාපෘතියකට හරි නම් යන්න පුලුහන් ...එකට ව්‍යාපෘතිය ගැන අදාල කැම්පස්එකේ සහතික කරපු ලියුමක් වනජීවී එකට සහ ෆොරස්ට් එකට යවල ඒ තැන දෙකෙන්ම් අනුමත වෙලා ඒ ප්‍රදේශයේ අඩවි වන නිලදරියගේනුත් සහතික වෙන්න ඕනේ ...තව විස්තර ඕනේ නම් අහපල්ලා ..ඔය රාවණ වගේ බොරු සීන් පස්සේ හොය හොයා යන්න එපා කාලේ අපරාදේ ..ඉස්සර TNL එකේ රාමායනය පෙන්නුවේ නැත්නම් සින්ඝලුන්ගේ රාවනා ලොවෙත් නැ ලොවි ගහෙත් නැ ...

    :yes::yes::yes:
     

    Zllion

    Active member
  • Sep 13, 2018
    238
    71
    28
    ඒ වගේම තමයි තංගල්ලට එහා තියෙන උස්සන්ගොඩ.
    මෙතන හෙළරජු රාවණයන්ගේ යානයක් අනතුරට පත්වෙලා ඒ යානයේ ඉන්ධන විශාල වශයෙන් කාන්දු වීම නිසා ඒම ස්ථානයේ පොලවේ ලොකු ගස් වැවෙන්නේ නෑ

    අදටත් එම යානයේ දැවී ඉතුරු උන ලෝහ කොටස් දැකගත හැකියි

    :yes::yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • හා මචන් ..මට ඕන උනේ මේක බලල බොරු මත සමාජගත වෙන එක ටිකක් හරි නවත්තන්න මම මේකේ කියපුව ගැන 100% වගකියනවා මම නිකන් නං දොඩවන එකෙක් නෙමේ මම මේ ගැන දන්නේ මම කැම්පස් කාලේ කරපු රීසර්ච් එකක් හින්ඳ...අනික මට ඕවට උබල මොනවා කරගත්තත් ගැටළුවක් නැ මම ඉන්නෙත් ලංකාවේ නෙමේ ...ඕව ඔහොම හරි රැක නොගත්තෝත් උබලගේ ළමයින්ට ඕවට වන්දි ගෙවන්න වෙනවා අනිවාර්යෙන්ම ...ඔබට ජිවත් වීමට ස්වාභාදර්මය අවශ්‍ය නමුත් ස්වාභාදර්මයේ පැවැත්මට ඔබ අවශ්‍ය වන්නේ නැති බව මතක තබාගන්න ස්තුතී..

    මුන්ට පිස්සු බං ;)
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හා මචන් ..මට ඕන උනේ මේක බලල බොරු මත සමාජගත වෙන එක ටිකක් හරි නවත්තන්න මම මේකේ කියපුව ගැන 100% වගකියනවා මම නිකන් නං දොඩවන එකෙක් නෙමේ මම මේ ගැන දන්නේ මම කැම්පස් කාලේ කරපු රීසර්ච් එකක් හින්ඳ...අනික මට ඕවට උබල මොනවා කරගත්තත් ගැටළුවක් නැ මම ඉන්නෙත් ලංකාවේ නෙමේ ...ඕව ඔහොම හරි රැක නොගත්තෝත් උබලගේ ළමයින්ට ඕවට වන්දි ගෙවන්න වෙනවා අනිවාර්යෙන්ම ...ඔබට ජිවත් වීමට ස්වාභාදර්මය අවශ්‍ය නමුත් ස්වාභාදර්මයේ පැවැත්මට ඔබ අවශ්‍ය වන්නේ නැති බව මතක තබාගන්න ස්තුතී..


    රාවණා ශිෂ්ටාචාරය පිලිබද මද්යස්ත මනසකින් නොබලන තුරා මහාචාර්යවරයෙකුට වුවද රාවණා සොයාගත නොහෑක ...මන්ද තියන මෝඩ කමට රාවණා ප්‍රතිෂේප කර පර්‍රික්ෂණවලට බැසීමයි .ලදරු විද්යාවට සහ ලදරු බටහිර අධ්යාපනයට හසු නොව්න දෑ බොහෝය :angry:

    2005 වසරේදී මධ්‍යම මැක්සිකෝවේ යමහල් අළු (ගිණිකඳු අළු) මත සටහන්වූ වසර 40,000ක් පැරණි යයි විශ්වාස කෙරුණු මිනිස් පා සටහන් සොයා ගත්තා. බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල ගවේශකයින් පිරිසක් විසින් සිදුකරන ලද මෙම සොයා ගැනීම එවක මහත් ආන්දෝලණයක් ඇතිකලේ, උතුරු අමෙරිකාවට නූතන මානවයින් පැමිණියේ මීට වසර 11,000-12,000 අතර කාලය තුලදී බවට දැනට පිලිගැනෙන මතය මේ මගින් බිඳ හෙලන බැවිනුයි.ඉතිහාසය සැමවිට අලුත් වේ
    :rolleyes:

    මම හිතනවා උබේ කතාවට වඩා මේ මහාචාර්යවරයාගේ කතාව පිලිගන්න පුලුවන් කියලා ..

    47388827_1979257052375428_2108358059301535744_n.jpg
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට


    ඇට්ලාන්ටිස් යනු ලoකාවයි.දිය යටින් හමු වූ රාවණ රාජධානිය ලොවක් කළඹයි. - Ravana Underwater City

    48413043_1986302455003611_669307834889928704_n.jpg


    Atlantis_after_Kircher.gif


    මධ්යස්ත මනසින් බලන්න මේ සිතියම් 2හි ඇති අධිසමානකම.ටොලමි විසින් ඊජිප්තු සහ ග්‍රික කටකතා නිසා ඇට්ලන්ටිස් සිතියම ඇද ඇත්තේ උතුර දකුණ මාරු කරය :rolleyes:

    මෙම සිතියම් 2හි අසමානකමකට ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ මුහුද බොහෝ රට ඇතුලට ඛාදනය වී තිබීමය .එනම් එම ප්‍රදේශයේ ගොඩබිම අතුරුදහන් වී ඇත . ඔබත් මාත් කම්පනය කල පුවතක් මට හමුවන්නේ මෙවිටය .එය මෙසේය .

    "විල්පත්තු සිට හබරණ දක්වා අකණ්ඩ ජනාවාස සමූහයක නටබුන් ඇත . ස්වාභාවික විපත්තියක් හේතුවෙන් ජනාවාස විනාශ විය . මෙය මෙතෙක් මෙලොව සිදු නොවූ තරම් ස්වාභාවික විපතකි . කිසියම් වස්තුවක් පොලොවට කඩා වැටීමෙන් මෙම ජනාවාස අලුවී ගිය අතර ඇතැම් ජනාවාස මුහුදට බිලිවිය . සුනාමි තත්වයක්ද හට ගත්තේය . මෙම විනාශය නිස උනුසුම් මුහුදු ජලය ගොඩට විත් එකදු ජීවියෙක්වත් ඉතිරි නොවු අතර ගිනිජාලා නිසා දවා අලුවිය . වත්මන් ගල්ගමුව -ගිරිබාව ප්‍රදේශ වල අඩි 10-15 පමණ යටින් වැලි තට්ටු වලින් මෙය තවදුරටත් සනාථ වේ . විල්පත්තුවේ විල්ලු බිහිවූයේ මෙම විනාශයේ ප්‍රතිපල නිසාවෙනි . පොලොව මතුපිට පිලිස්සි ගොස්ය . මක්කම,ලලාටදේශය සම්පුර්ණයෙන් මුහුදට බිලිවි ගොස්ය . රාජාන්ගනය-නොච්චියාගම ප්‍රදේශ වල කලුපස අදටත් දැකිය හැක .මෙම විනාශය හබරණ දක්වා සිදු විය (එනම් සීගිරියද ඇතුලුව ) තම්මෑන්නාවේද අඩි 15ක් යට ඇත්තේ වැලි නිධියකි .තම්මෑන්නාවේ පසද පිලිස්සී තඹ වී ගල්ද දෑවී ඇත මෙම විනාශය නිසා පොලොව මතුපිට තිබූ ජනාවාස ගිලා බැස්සේය . රජාන්ගනය යාය 8 ශ්‍රි දක්ශිනාරාම විහාරයේ ලිදක් කැනීමේදී අඩි 10 ක් යටින් ගල්කණු මතු විය . "-පණ්ඩිත මානෑවේ විමලරතන හිමි - රවි ශයිලාශ වන්ශ කතාව

    මුන්වහන්සේගේ මේ ජනාවාස කතාව තහවුරු කරමින් රූපවාහිනි සoස්තාව අරුම පුදුම සොයා ගෑනීමක් සිදු කලේය



    විනාඩි 24-තප්පර 37 සිට:shocked::shocked::shocked:

    දැන් සියලු කරුණු ගැලපෙමින් එයි .ආටානාටි සුත්‍රයේ සදහන් යක්ෂයින් මෙරට යක්ෂගොත්‍රිකයින්ය .ආටානාටි යනු නීති සමුදායක් ඇති සුත්‍රයකි.මෙය සම්මුතියකි .වත්මනේද විවිධ සම්මුති නගරවල් වල නමින් හදුන්වයි උදා- පැරිස් සම්මුතිය ,කොලඹ ප්‍රකාශනය

    ආටානාටි= ඇට්ලන්ටා විය . මීවනපලානේ හිමිට අනුව මෙය යක්ෂගොත්‍රිකයන්ගේ අගනගරයයි.මෙය පිහිටා තිබුනේ මහවිලච්චිය අවටය . මුහුද දක්වාම සීමාව ව්යාප්ත වන්නට ඇත . ලoකාපුරයද මෙයම විය .:shocked:

    දැන් අප ටොලමිගේ ඇට්ලාන්ටිස් කතාව විමසමු .අත්ලාන්තිස් පුරවරය හදිසියේ මුහුදට ගිලී ඇත .රාමායනයට අනුව ලන්කාපුරයද මුහුදට ගිලුණි .ප්ලේටෝට අනුව ඇට්ලාන්ටිස් වල මන්දිර මැණික් පුරවා රන් ආලේප කර තිබුණි .රාමායනයද ලන්කාපුරය සම්බන්දයෙන් එලෙස පවසයි . ප්ලේටොට අනුව ඇට්ලාන්ටිස් වලට වර්ෂාකාල 2ක් සහ අස්වනු 2ක් තිබුණි.මෙරටද අදටත් වැසි ලැබෙන්නේ ඊසාන දිග සහ නිරිත දිග වැසි වලිනි.යල.මහ යනු කන්න 2යි . භූගෝල විද්යාවට අනුව මෙවන් තත්වයක් පවතින ලොව එකම රට ලන්කාවයි . ප්ලේටෝගේ ඇට්ලාන්ටිස් වල අඹ ගස් අලියා,අශ්වයා,කෙසෙල්ගස් තිබි ඇත .



    නිගමනය- මුහුදට බිලිවූ ආටානාටා හෙවත් ඇට්ලාන්ටිස් නගරය අදත් පුත්තලම විල්පත්තු සාගරයේ සැගව පවති.සිතියමට අනුව කුඩා රාවණා මහා රාවණා කොටු ආශ්‍රිත සාගරයේද මීට පෙර තිබි ඇත්තේ ගොඩබිමකි .එය ලෙමුරියාවේ/කුමාරි කණ්ඩම්හී අවෂේෂයක් විය හැක.ලෙමුරියාව තිබුනේ රාවණා යුගයටත් බොහෝ පෙරය :yes::yes::yes:

    maxresdefault.jpg


    මිට වසර දහස් ගණනකටත් පෙර ඇට්ලාන්ටිස් අවට සිදු වූ විශාල යුද්ධයක් පිළිබදව තොරතුරු හමු වී ඇත.ඒ සදහාද විශාල ගුවන් යානා කිහිපයක් යොදා ගෙන ඇති අතර පරමාණු සහ විකිරණශීලී අවි ආයුධ යොදා ගෙන ඇත.උගතුන් මෙය පිටසක්වල ජීවින් අතර පැවති සටනක් ලෙස ප්‍රකාශ කරත් ,"මහා රාවනා" චරිතය කරලියට පිවිසීමත් සමග මෙය රාම -රාවනා යුද්ධය බවට ප්‍රකාශ කිරීමට උත්සහ ගත්හ.මහා රාවනයන්ටද ගුවන් යානා සහ විකිරණශීලී අවි ආයුධ තිබූ බැවින් ,ඇතැම් විට එය එසේ විය හැක.මෙවන් ගුවන් යානා තාක්ෂණයක් පිළිබදව විස්තර ඇති පැරණි ග්‍රන්ථ රැසක් ඉන්දියාවෙන් හමු වී ඇත.ඒ ග්‍රන්ථ වල රාවනයන්ගේ අහස් යාත්‍රාව පිළිබදවද තොරතුරු රැසකි.ගුවන් යානා වල කටු සටහන් සහ සැලසුම්ද ඇතුළත් වේ.එම ග්‍රන්ථ වලින් ඇතැමක් තවමත් පරිවර්තනය කර නැත.

    ඇට්ලාන්ටිස් යනු ඉජිප්තු වාසීන් මගින් ටොලමි දැනගත් කරුණු අනුව කල හෙලිදරව්වකි.මෙය කටින් කට ආ කරුණක් වුවද මේ සදහා යම් සත්යවූ කරුණක් පාදකවී තිබුණි .ටොලමි විසින් මේ ශිෂ්ටාචාරය පිලිබද කරුණු යම් පමණකට විකෘති කර ඇත්තේ එකල ඊජිප්තු රටේ කටකතා මත පිහිටාය .මේ නිසා ඇට්ලන්ටිස් අත්ලාන්තික් සාගරයට ඇලවීමට කටකතා බුරුතු පිටින් විශ්වාස කල ටොලමි කටයුතු කලේය .

    ටොලමිගේ සිතියම්වල පවා ඇත්තේ ටොලමි සිටි කාලයේ ලෝකය නොව ඊට පෙර තිබූ ලෝකයකි .ලන්කාව විශාලව ඇද ඇත්තේ ඒ නිසා මිස කලුසුද්දන් කියන පරිදි ග්‍රිකයන් වෙලදාම හරහා වැඩියෙන් දැනගත් රටක් නිසා ලන්කාව විශාලව ඇන්දා නොවේ . එසේ කිරිමට තරම් ඔවුන් මෝඩයන් නොවේ. ප්‍රතිපලය වූයේ ඇමරිකා යුරෝපය අතර සාගරයට අත්ලාන්තික් නම් ව්යාජ නම ලැබීමය
    .
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai
    ඒ වගේම තමයි තංගල්ලට එහා තියෙන උස්සන්ගොඩ.
    මෙතන හෙළරජු රාවණයන්ගේ යානයක් අනතුරට පත්වෙලා ඒ යානයේ ඉන්ධන විශාල වශයෙන් කාන්දු වීම නිසා ඒම ස්ථානයේ පොලවේ ලොකු ගස් වැවෙන්නේ නෑ

    අදටත් එම යානයේ දැවී ඉතුරු උන ලෝහ කොටස් දැකගත හැකියි

    :yes::yes:

    12718182_1665031573746033_7204888253112698114_n.jpg


    18157081_1849506631965192_1039546404316337088_n.jpg


    ussangoda.jpg



    Ussangoda_NiluRuwanRajapakse-41-1024x762.jpg
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රාවණාගේ ගුවන් තාක්ෂණය ගැන
    සත්‍යය හෙළිවේ - BREAKING - සියත News




    අන්තිමට රාවණා නැහැයි කිව්ව උන්ට යන එනමන් නැතිවුනා..කලු සුද්දන්ගේ සියලු උත්සහයන් අසාර්තකයි:lol::lol::lol: