ත්‍රස්තවාදීන් මාවනැල්ලේ අවුළුවන්නට ගිය &

mage diviya

Member
Dec 27, 2013
174
38
0
ත්‍රස්තවාදීන් මාවනැල්ලේ අවුළුවන්නට ගිය &

මහජන පිළිකුලින් මිදෙන්න බොදු බලය නම වෙනස් කරයි: කිරම කෙබරජෝති කෙප්ප කෙළී----

(ලංකා ඊ නිව්ස් -2014.ජුනි.17, ප.ව.8.30) මාවනැල්ලේදී අද දිනයේ අලූත්ගමදී මෙන් සිදුකරන්නට ගිය මහා විනාශයක් විපක්ෂ නායකවරයාගේ මැදිහත් වීම නිසා වැළකී ගියේය. බොදු බල සේනාව සිය නම වෙනස් කර 'මහසෙන් 969' නමින් සත්‍යග්‍රහයක මුවාවෙන් මෙකී අඩව්ව අල්ලන්නට ගියේය. මේ පිලිබඳ කලින් තොරතුරු ලැබුනු විපක්ෂනායක වරයා අද උදේ පාර්ලිමේන්තුවේදී අගමැතිගේ අවධානය යොමු කරමින් මෙය වහාම නතර කරන්නැයි ඉල්ලා සිටියේ ය.

''මට ලැබී තියෙනවා ලිපියක්, 'අලූත්ගම සිංහල බෞද්ධ ඝාතනය හෙළා දකිමු. මේ අමන ප්‍රහාරයට එරෙහිව මාවනැල්ල නගරයේ පවත්වනු ලබන විශේෂ සත්‍යග්‍රහය 2014- 6- 17 වෙනිදා සවස 3.30 ට මාවනැල්ල ඔර්ලෝසු කණුව ඉදිරිපිට පැවැත්වේ. -මහසෙන් 969- '' 17 කියන්නේ අද. පොලිසිය ඉඩ දීල කියලයි ආරංචිය. මං අගමැති තුමාට මේක යොමු කරනවා. කරුණාකරලා කතා කරලා මේක නවත්වන්න. මේ යන විදිහට මේක රටටත් හානියක් බෞද්ධ අපටත් විශාල අවනම්බුවක් වෙලා තියෙන්නේ. අගමැති තුමාට මේකේ කොපියක් එවනවා දැන්. කරුණාකරලා දැන්වත් පොලිසියට කියන්න. මාවනැල්ලේ මුස්ලිම් මිනිස්සු ඉන්නවා. මං එදත් ප්‍රශ්ණයක් ඇහුවා මාවනැල්ල ගැන ඒකට පිලිතුරක් මට ලැබුනේ නෑ. අඩු ගණනේ මාවනැල්ලේ එකවත් නවත්තන්න.'' රනිල් වික්‍රමසිංහ පැවසීය.

විපක්ෂනායක වරයාගේ ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස පොලිසිය අධිකරණය මගින් ලබා ගත් වාරණ නියෝගයක් මත සත්‍යග්‍රහය නැවැත්වීමට ක්‍රියා කෙළේය. හොර නම් වලින් පෙනී සිටින බොදු බල සේනාව මේ සම්බන්ධයෙන් කියා තිබුනේ මාවනැල්ලේ සත්‍යග්‍රහයට තමන්ගේ සම්බන්ධයක් නැති බවයි.

බොදු බලසේනාවේ වියරු ත්‍රස්තවාදයේ තරම කොතෙක්දැයි රටේ සියළු ආගම් වල සාමකාමී ජනතාවට පසුගිය දිනවලදී මනා සේ ඔප්පු වීම නිසා රට තුලත් ජාත්‍යන්තරවත් තමන් වෙත එල්ල වී ඇති පිලිකුල වසා ගැනීමට බොදු බල සේනාව දැන් පවසන්නේ අලූත්ගම 'අවදිවව්' රැළිය පවා තමන් සංවිධානය නොකළ බවයි.

ත්‍රස්තවාදී බොදු බල සංවිධානයේ සභාපති කිරම විමලජෝති බීබීසී සහ නෙත් ගුවන් විදුලි මාධ්‍යයන්ට පවසා ඇත්තේ තමා අලූත්ගම රැස්වීම ගැන නොදන්නා බවත් අලූත්ගම උණුසුම මැකී යන්නට පෙර එහි රැස්වීමක් සංවිධානය කිරීම ඉතාමත් වැරදි ක්‍රියාවක් බවයි. අලූත්ගම රැස්වීම වෙනත් කණ්ඩායමක් සංවිධානය කළ එකක් බවත් බොදු බලයේ කථීකයන් දෙදෙනෙකුට ලැබුනු ආරාධනාවක් අනුව ඔවුන් ඊට සහභාගී වූවා පමණක් බවත් කිරම විමලජෝති පවසා ඇත.

තම වයසට, චීවරයට සහ මෙතෙක් ඔහුට මඳක් හෝ තිබූ නම්බුවට කිසිසේත් නොගැලපෙන තරමේ මුසා බස් වදාරා ඇති කිරම කෙබරජෝති බොදු බලයට එම ආරාධනාව එවූ 'වෙනත් කණ්ඩායම' කව්දැයි හෙළිකර නැත. කෙබරජෝති කුමන දේ ප්‍රකාශ කළද මේ වන විට 9 දෙනෙකු ඝාතනය කරමින් 100 කට පමණ තුවාල සිදුකරමින් නිවාස කඩ සාප්පු වාහන 200 ක් පමණ ගිනි තබමින් (නිල සංඛ්‍යා ලේඛන නැත) සිදුකළ භයානක අපරාධයේ වගකීමෙන් බොදු බල සේනා ත්‍රස්තවාදී නායකයන්ට ගැලවීමක් නොලැඛෙනු ඇත. කෙදිනක හෝ මේ සම්බන්ධව සිදු කෙරෙන අපක්ෂපාතී නඩු විභාගයකදී ව්‍යසනයට පෙර එහි නායක නානසාර විසින් සිදුකරන ලද වෛරී ප්‍රකාශ ඔහු වරද කරුවෙකු කිරීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සෑහෙන බවත් සෙස්සන් බේරුනද බොදු බල ත්‍රස්ත සංවිධානයේ නායකයන්ට නම් ගැලවීමක් නොලැඛෙනු ඇති බවත් ලියා තැබිය යුතුය.

ජනවර්ග අතර ප්‍රචණ්ඩත්වය ඇවිලවීම වෙනුවෙන් වෛරී භාෂාව භාවිතා කළ මාධ්‍යවේදීන්ටද මෙතරම් ප්‍රබල සාක්ෂි නොමැතිව පවා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් දඬුවම් කර ඇති බව නානසාරවාදී කවුරු කවුරුත් මතක තබා ගත යුතුය.
 

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අර තව්හීඩ් ජමාත් මාද්‍යවේදීන්ට රු 500 දුන්න එක ගැන මුන්ට කතා නැහැ. ලංකා ඊ නිවුස් කියන්නේ රටට විරුද්ධ සෙට් එකක්. පෙන්නන්නෙ උන් රට වෙනුවෙන් කතා කරනවා වගේ
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ත්‍රස්තවාදීන් මාවනැල්ලේ අවුළුවන්නට ගිය &

    අර තව්හීඩ් ජමාත් මාද්‍යවේදීන්ට රු 500 දුන්න එක ගැන මුන්ට කතා නැහැ. ලංකා ඊ නිවුස් කියන්නේ රටට විරුද්ධ සෙට් එකක්. පෙන්නන්නෙ උන් රට වෙනුවෙන් කතා කරනවා වගේ

    bump